
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාරිමාර්ගදෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් ඇති නිලධාරීන් හය දෙනෙකු සහ ස්ථාන මාරු ලබා ගොස් ඇති නිලධාරීන් තිස් පස් දෙනකු තවමත් එම නිල නිවාස බාරදී නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය විය.
මෙයට අමතරව එම නිල නිවාසවල අනවසර පදිංචිකරුවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු හෙළිවී යැයි කෝපා කමිටුව පවසයි.
මෙහිදී අදහස් දැක්වූ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ නිල නිවාස බාරදී නැති එම නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන බවයි
මෙම කරුණු අනාවරණය වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2021 - 2023 වර්ෂයන්හි විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, වර්තමාන කාර්යසාධනය සහ 2025.11.25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගිය අයට නිවාස භාරනොදී විශ්‍රාම වැටුප් අනුමතකලේ කවුද