
(රසාංජලී වාසල)
වායු දූෂණය හේතුවෙන් ඇතිවන ශ්වසන ආබාධ, හෘදයාබාධ සහ පිළිකා වැනි රෝග තත්වයන් හේතුවෙන් වසරකට වයස අවුරුදු 65 ට අඩු 7,000 ක් පමණ මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂිකා ෙෙවද්‍ය චාන්දනී විතාන මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
කොළඹ ,යාපනය,නුවර,පුත්තලම,ගාල්ල යන නගර වැඩි වායු දූෂණයක් අැති නගර ලෙස හදුනාගෙන අැතැයි කී අැය වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි විෂ වායූන් මෙන්ම දර ළිප් භාවිතය වැනි ගෘහස්ත දහනය මඟින් මුදා හැරෙන පී.එම් PM 2.5 වැනි සියුම් අංශු හේතුවෙන් පෙණහැලි අකර්මණ්‍ය වීම්, ඇදුම, අංශභාගය සහ ලියුකේමියා වැනි පිළිකා රෝග තත්වයන් ඉහළ ගොස් ඇති බවද සදහන් කළාය.
ලංකාව දූපතක් වන නිසා වායු ගෝලයේ ස්භාවය බොහෝ විට හොඳ සහ මධ්‍යථ දර්ශකයක පැවතුණත් අසල්වැසි රටවලින් (ඉන්දියාව,බංගලාදේශය,පකිස්ථානය) විෂ වායූන් ඇතුළු වන හෙයින් සහ රට අභ්‍යන්තර යේ සුළං රටාවන්ගේ වෙනස්කම් ඇති වන හෙයින් මෙරට වායු ගෝලය වැඩි වශයෙන් දූෂණය වන බව කීවාය.
කර්මාන්තශාලාවල නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන කාලවලදී ද මෙරට වායුගෝලීය දූෂණය ඉහළ යන බව අැය පෙන්වා දුන්නාය.
එළිමහනේ සිදුවන වායු දූෂණයට අමතරව ගෘහස්ථ වායු දූෂණය මිනිස් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කරන බව ද අධ්‍යක්ෂකවරිය පැවැසුවාය.
වර්තමානයේ බොහෝ නිවෙස්වල පවතින සංවෘත මුළුතැන්ගෙවල් වල අමු දර භාවිතයෙන් ආහාර පිසීම් සිදු කරන බවත් ඒ හේතුවෙන් පිටවන අධික දුමාරය නිසා කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද පෙණහැලි පිළිකා සෑදීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් ඇය සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd