වෙලේසුදාගේ මූල්‍ය පාලක වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් නම් හෙරොයින් මත් කුඩ විකුණූ බව කියන පුද්ගලයා ලබන 17 වැනි දා තෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
අපරාධ මගින් සොයා ගත් කොටි ගණන් මුදල් ආයෝජනයෙන් කළු සල්ලි සුදු කිරීමට ඔහු උත්සාහ කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
එවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් සාලිය කුමාර හා මොහොමඩ් සිද්ධික් යන තිදෙනා ද එදින තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සුරාස් අහමඩ් හබරණ කැළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් වෙලේ සුදාද මෙතන ප්‍රධාන චරිතේ වෙලා තියෙන්නේ.බලාගෙන ගියාම මෙයානෙ ඔක්කොම ගේම් දීලා තියෙන්නේ.(ම)
නුවන්,කිසිම මුල්‍ය සමාගමක් පවත්වාගෙන යන්න බැහැ මහ බැංකුවේ සංචිතයකින් තොරව.මුල්‍ය සමාගම් කඩාවැටුනත් මහ බැංකුව ඊට වගකියන්න ඕනෑ.මම දන්නේ නැහැ ඇයි කියන්න මහ බැංකුව ආයෝජකයන් හට වග නොකියන්නේ? (නි)
මම නම් හිතාගෙන හිටියේ වෙළේ සුදා වෙන කාගේහරි ගෝලයෙක් කියලයි ....... (නි)
චානක, ලොකු මූල්‍ය සමාගම් 2008 දී කඩාවැටුනහම, කට්ටියක් බෝනස් අරගෙන මාරුවුණා මතකද? යටින් සිටි සේවකයෝ, ආයෝජකයෝ බැටකෑවා මතකද? (නි)