වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට ආයතන සහ සමාගම් 49 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 275 ක වාර්තාගත පිරිසක් සහභාගිවෙති.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටයට පිවිසෙමින් දස්කම් පෑ නිලූක කරුණාරත්න ද මෙම තරගාවලියට සහභාගිවෙයි. නිලූක, මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය නියෝජනය කරමින් තරග වදියි.
තරගාවලියට ඞී. සැම්සන් පුත‍්‍රයෝ සමාගම (ඞී.එස්.අයි.) බෙදාහරින ‘ලී නින්’ බැඞ්මින්ටන් ක‍්‍රීඩා නිෂ්පාදන අනුග‍්‍රහය දක්වයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධ ඇතුළු සංවිධායක කමිටුවට සහ සහභාගී වන සියලුම ආයතන වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම්!(ස)