වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ඔහුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බවද තවත් නමකින් ඔහු පාකිස්තානයේ සිට වෙනත් රටකට යෑමට ඔන්න මෙන්න කියා සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව පාකිස්තානයේ සහයෙන් ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
වෙළේ සුදා වසර තුන හතරකදී ශ්‍රී ලංකාවට මත් කුඩු කිලෝ 1000ක් ගෙන එන්නට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
එමගින් ඔහු රුපියල් කෝටි 1000 ට අධික මුදලක් උපයා ගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මොහු ව්‍යාජ ගමන් බල පත්‍රයක් උපයෝගී කරගෙන පකිස්තානයේ සිට ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී පකිස්තාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොගෙම සල්ලි රාජ සන්තක කරන්න දේපලත් එක්ක (නදී)
ඉලංගකෝන් මහත්තයාට දැන් තමයි අත දිග ඇරලා වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. යහ පාලනයට මෙවන් පොලිස්පති වරු ආශීර්වාදයකි. (නදී)
කාලයක් තිස්සේ රටට කොඩි විනයක් වෙලා තිබ්බේ මෙන්න මුන් ටික තමයි. මුන් නිසා අහිංසක කොල්ලෝ කී දෙනෙක් නම් ජීවිතය නැතිකරගෙන තියනවද? දේපොල රාජ සන්තක කරන්න. ජීවිත කාලයටම එලියට එන්න දෙන්න එපා. ඇප දෙන්නත් එපා. (නදී)
දහම්ට හිස කුඩිච්චියක් දාමුද ? (නදී)
මටත් රට යන්න තිබුනා නම්.... (නි)
එතකොට එතනෝල් කට්ටිය? (නි)
සියලු තොරතුරු ගන්නකම් කුඩු පෙන්වන්න,සගවපු දේවල් පෙන්වන්න කියලා අරන් යන්න එපා.වෙලේ සුදාව මරන්න වෙනම පාතාලයෙන් දාල ඇති.(හේ)
මෙහි සත්‍ය තොරතුරු ලංකාවේ ජනතාවට ලබා දෙනවා කියන්නේ "තෝරු මෝරු" ටික අසු වෙනවා කියන එකයි.(හේ)
යහපාලනය වැඩි දුරක නොවෙයි. මතට තිතම වේවා!මම ඡන්දය දුන්නේ මහින්ද මහත්තයාට. ඒත් දැන් දුකයි මෛත්‍රිපාල මැතිතුමාට දුන්නේ නැති එකට. ජය වේවා! ඔහොම යමු. රටේ ජය අපේ පැතුමයි! (නි)
අනේ නිකන් ඉන්න යාළුවනේ! දැනටමත් වැඩි දෙනෙක් පැනලා ගිහින් ඇති. අපි නිකම් අඬබෙර ගහගෙන ඉන්නවා (නි)
රහස් අසුවනවාට යම් කෙනෙකු විසින් මෙයාව රටින් පිටකළ බවයි මම නම් හිතන්නේ (නි)
ජනතාව නම් දන්නවා කව්ද කුඩු රජාල කියල .. ඔය කුඩු ඇමතිලා පෝරකේට ඇරියනම් මෛත්‍රී ව කවදාවත් පරද්දන්න බැරී වෙයි .. මහින්ද මහත්තයට වැරදුන තැන එතැන තමයි (බ)
මට නම් දැනගන්නාතුරු ඉවසුමක් නැහැ (නි)
දැන් ඉතින් නම් ගම් කියන්න ලියන්න බයවෙන්න ඕනෑ නැහැ.මම බලාගෙන ඉන්නේ කුඩු කන්ටේනර් එකක් ගෙන්වපු කෙනා ගැන. (නි)
මෙයාගේ ලොකු බලවත් දේශපාලක යාළුවන් කොහිද? ඔවුන් මෙයාව බිල්ලට දීල සැගවිලා වාගේ , කොලොන්නාව බාර කුඩු දෙවියන් මෙයාගේ හොඳ හිතවතෙක් (අ)
පොලිස්පති තුමනි දැන් ඔබලාට නිදහස තියෙනවා කුඩු සම්බන්ධ අය තරාතිරම බලන්නේ නැතිව නීතියට කොටුකරන්න පසුගිය කාලේ එක්තරා දේශපාලඥයෙක් කුඩු කාරයෙක් නිහස්කර ගෙන හොයල බලන්න ඔක්කොම අපේ දරුවෝ පරපුර බේරගන්න. (අ)
පැරදුන පැත්තෙන් දිනපු පැත්තට එන්නේ මේවට හවුල් අයද? කිලෝ 1000ක් ගෙනත් තියෙන්නේ පොලිසීය දැනුවත්වද? නොදනුවත්වද?(අ)
මට නම් ඔය කිසිම දෙයක් මතක නෑ..(අ)
මොහු කුඩු ව්‍යාපාරය කළ බව පිලිගන්නේනම් නිතතින් ම මරණ දඩුවම ලැබේ. නැතිනම් දඩුවම් කල හැක්කේ මුදල් විශුද්දීකරන පනත යටතේ දේපල රාජසන්තක කිරීමට හා සුළු දඩුවමක පමණි. එසේම නමක් කී පමණින් කෙනකු වරදකරුවකු කල නොහැක. (අ)
දැන් ඔහු අත්අඩංගුවේ ඉන්නවා නම් මේ රටට කුඩු ගෙනා මාර්ගත් ඒවාට සම්බන්ධ සියල්ලනුත් හෙළිකර ඔවුනට දඬුවම් ලබාදීම කළයුතුම දෙයක්.අපිට ඕනෑ එදා කියපු දේවල් අනුව ක්‍රියාත්මකවීම. (නි)
ඉක්මනින් පෝරකයට අළුගෝසුවෙක් පත්කරන්න. මහජන මුදල් වලින් ඔවුන්ට කන්න දිදී තියාගන්න එපා.වියදම් අඩුකරමු. (නි)
කුඩු කිලෝ 140ක් අල්ලපු පොලිස් පරීක්ෂක කෙනෙකුට මොකද වුණේ කියලා මට මතක්වුණා (නි)
දැන්නම් බන්දුල පෙරේරාගේ යාළුවන්ට විසුමක් වෙන්නේ නැහැ. (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් අපේ දරුවන් ආරක්ෂා කරන්න කියලා දෙමාපියන් පාසල් මුරකළ කාලය වගේ අපේ දරුවන් කුඩු වලින් ආරක්ෂා කරන්න,පාසැල ඇරෙනතුරු පාසල් ළඟට වෙලා ඉන්න වෙන කාලයක් එනවා කියලා මම කිව්වේ මීට ගොඩක් කලින්. (නි)
අපිට නම් හිතාගන්න පුළුවන් නම් මොනවද කියලා (නි)
කුඩු නෙමෙයි ඕනෑම දහජරාවක් ගෙනෙන්න පුළුවන් කාලයකුත් තිබුනා තමයි. (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ මේකට තමයි.(හේ)
මේවටත් දේශපාලන පළිගැනීම් කියලා කියන අය සිටීද දන්නෙ නැහැ (නි)
ආයුධ පෙන්වන්න අරගෙන නොගිහින් මේවා රටට හෙළිකරන්න. මොනවා කළත් වැඩක් නැහැ, මුදුන් මුල සිඳදැම්මේ නැත්නම්.අපි බලාගෙන ඉන්නවා (නි)
මහින්ද නලවපු බබාලා ටික තමයි ඔය (නදී)
හිරුනිකා මෙනෙවියගේ බලාපොරොත්තු සපිරේවා! (බ)
අපේ කොළොන්නාවේ මෑන් උඩින්ම ඉන්නවා (බ)
නම් එළිකරන්න කලින් ගුවන් තොටුපළ වහන්න වෙයි (බ)
අපි දැන් රටේ සිදුවන දේවල් ගෙන විමසිල්ලෙන් සිටිමු , බලයට එන්න කලින් කියුපුවා ඉටුවනවද බලමු , එසේ නැතිනම් ලබන ඡන්දෙන් හිටපු කැහි ගෑනිම ආපසු ගමු , හොටු ගෑනි දීලා (බ)
තවම මේ අය නම් හෙළි කරන්න ඉක්මන් වෙන්නේ නෑ. තව එන්න කට්ටිය හිටියොත් අපරාදෙනේ. අන්තිමට ඉතුරු වෙන අයගේ නම් විතරක් "වෙලේ සුදා" කියයි. (බ)
තිලක් ඒකනම් ඇත්ත. (බ)
නම් එලි කළාට ඒ අයට මතක නැති වුණොත් කරපු කියපු දේවල් (අ)
මෙතෙක් අල්ලාගත්තේ ජාලයේ කෙළවර සිටි අයයි. දැන් දැන් තෝරු මොරු අසුවෙන හැඩයි (නි)
තිලක් ගේ යෝජනාව ස්ථිර කරනවා. (අ)
කරුණ කර නම් ගම හෙළි කිරීමට පෙර මීට සම්බන්ද අය රටින් පිටවීම තහනම් කර සිටින්න. එය ආගමන විගමන එකට දීම පමා කලවිට ඔබලාගේ බලාපොරොත්තු ඉටු නොවේ. මෙහිදී තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)
කුඩුවලට සම්බන්ද ඔක්කොම කුඩුකරලා දාන්න (නදී)
කොහොම කළත් දේපළ සියල්ල රාජසන්තක කරලා මීට ගෑවුණු අනෙක් සියල්ලන්ටමත් සමඟම දැඩි දඬුවම් දියයුතුයි. හිරේ දැමීමෙන් පමණක් වෙන්නේ නිදහස්වෙලා නැවත පුරුදු රැකියාව පටන්ගන්න එකයි. (නි)
බලාගෙන ගියාම කුඩු ගෙනෙන්නේ අපේම කට්ටිය වගේ නේද? (නි)
ජනතව ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න තමයි (අ)
මේ අය හම්බ කරපු සියලු මුදල් රජයට ගෙන පොදු මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගන්න. (නදී)
ගෝටාට බයේ තමයි මුන් රටෙන් පැන්නේ. (නදී)
සේරටම කලින් හංගපු කුඩු හොයන්ඩ එක්කන් යයිද දන්නේ නැහැ. එහෙම උනොත් විස්තර ටික හබක් තමයි (නදී)
වෙළේ සුදා වදින්නම් කියන නම් ඔක්කොම කියල ඉවර වෙලා ආයුධ තියනවා නම් පෙන්නන්න යන්න. නැත්නම් බඩුම තමයි නම් ලිස්ට් එකට. (නදී)
දේපල රාජ සන්තක කරන්න. ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. (නදී)