සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි.
සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි.
ගිය වසරේ බිරිය සමග ඔහු පාකිස්තානයට යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. බිරිය ගයනි ප්‍රියදර්ශනී (32) හෙවත් සුජී යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය කියයි.
ඇය අත් අඩංගුවට ගැනීමත් සමග ඔහු ගැන තොරතුරු හෙළි කරගත් බවත් ඔහු ඉන්දියාව සිංගප්පූරුව හා ඩුබායිහි කුඩු ජාවාරම් සමග ගනුදෙනු කරන බවත් පෙනේ යැයි පොලිසිය පවසයි. වෙළේ සුදාගේ කුඩු ජාලයට සෑහෙන පිරිසක් සම්බන්ධ බවත් ඔහුට රුපියල් කෝටි 4 1/2 ක් වටිනා සුඛෝපබෝගී මහල් නිවාසයක් කොළඹ බගතලේ පාරෙන් රුපියල් හාර කෝටියක් වටිනා නිවාස දෙකක්, රුපියල් කෝටියක් වටිනා නිවාස 2ක් පන්නිපිටිය හා මාදිවල ඇති බවත් පොලිසිය පවසයි. රුපියල් 1,600000 ක් වටිනා පර්චස් 16 ක ඉඩමක් දෙහිවලද රුපියල් 1, 40,00000 ක් වටිනා නිවසක් නැදිමාලේද ඔහුට ඇති බවත් ඔහු සුඛෝපබෝගී වාහන තුනක හිමිකරුවකු බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතය නම් මේ මිනිහට අඩුම ගානේ අහුවුණ කුඩු වලින් බාගයක්වත් පොවන්න ඕනෑ. මෙයාලට තේරෙන්න ඕනෑ මොවුන් නිසා නොමඟට වැටුන මිනිසුන් විඳින වේදනාව (නි)
සුදා ආවද? ගෙනාවද? අල්ලාගෙන ගෙනාවද? (නි)
ආණ්ඩුව පෙරලුන ගමන් අහුවුණ එකේ රහස අපි දන්නවා (නි)
සමහර ප්‍රතිචාර දැක්කහම මට හිනාත් යනවා (නි)
වෙළේ සුදා ඇත්ත වමාරනකොට මොනවා වෙයිද දන්නෙ නැහැ සමහරුන්ට? (නි)
දැන්වත් ඉතින් කුඩු මුදලාලිලා ටික අත් අඩංගුවට ගන්න පුළුවන් වේවි (නදී)
ඉතාලියේ ඉන්න එක්කෙනා කවදාද ගේන්නේ.(නදී)
ආණ්ඩුව පෙරලුන ගමන්ම කොහොමද වෙලේ සුදාව අල්ලන්නේ? මෙතැන ලොකු රහසක් තියෙනවා (නදී)
මොහුත් තවත් කේ . පි කෙනෙක් නොවේවා කියා අපි ප්‍රර්ථනා කරමු (නදී)
දැන් නම් ඉලංගකෝන් මහත්තයා අපි එතුමා ගැන අහල තිබුන විදියට නීතියට අනුව වැඩ කරනවා වගෙයි පේන්නේ. මේ වගේ නීති විරෝදී වැඩ කරන අය ඔක්කොමටම දඩුවම් දීල අපේ ලංකා මාතාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට ඉක්මනින්ම පත් වෙන්නට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා ! (නදී)
කුඩු රජවරු පරදිනකොට පහල පෙලේ වෙළෙන්දෝ නන්නත්තාර වෙනවා මේක තමයි ලෝක ධර්මතාව (නදී)
දැන් ඉතින් කුඩු කිලෝ ගනන් එන එක අඩුවෙයි ටිකක් (නදී)
තම ලොකුම එකා නිදැල්ලේ කෝ උන් එපෑ අල්ලන්න ඔය තාමත් ලස්සනට ඉන්නේ අනේ අපි නොදන්නා මොනර තැන්න...(අ)
යහ පාලනයේ ප්‍රතිඵල
පුදුමයි ඒත් ඇත්තයි (නි)
අනේ මන්දා! අපේ කොල්ලෝ ටිකට ඉදිරියේදී මොනවයින් මොනවා වෙයිද කියලා තමයි මට බය (නි)
අනේ සුදා, කියන්නකෝ කවුද ඔයාගේ කුඩු වලට උදවු කළේ කියලා? (නි)
වෙළේ සුදා මහත්තයෝ,ඔය අඩුපාඩු හදාගෙන ඉදිරියේදී සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න. ඔබේ උගත්කමින් සමාජයට වැඩදායී යමක් කරන්න. (නි)
වෙළේ සුදා මහත්තයෝ, අපි කාගෙනුත් වැරදි සිද්ධවෙනවා. කවුරුවත් සුපිරිසිදු නැහැ.ඔබ කළ වැරදි වලට වන්දි ගෙවන්නත් එක්ක ඡන්දේ ඉල්ලලා පළාතක මහා ඇමතිකෙනෙක් වෙලා උපරීම සේවයක් කරන්න. එවිට ඔබ නරක වෙළේ සුදා කෙනෙක් වෙනුවට ජනතාව ආදරය කරන රට වෙනුවෙන් උතුම් සේවයක් කළ වෙළේ සුදා කෙනෙකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත. (නි)