කටුමැටි ගසා ඉලුක් ද, රෙදි ද, ටකරන් හා ඉටි රෙදි කැලිවලින් හිසට වහලක් සාදාගත් මේ මවගේ පැල්පතේ එක් පැත්තක ටකරන් සුළි සුළඟකින් ගසාගෙන ගියේය. අතේ සිටි පුංචි පුතාට එහි බර නොතේරෙතත් දෙහිඅත්තකණ්ඩියේ මේ මවගේ මුහුණේ ඒ බව ලියැවී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය මහ දුකක් බලන්න ඉන්න තැනකුත් හරියට නැහැ.. හැමදෙයක්ම ලැබේවි ඉක්මනින්ම ඔයාට...!!(නු)
මට කරුණාකර ඔවුන්ගේ විස්තර එවන්න (නි)
වැසි දවස් වලට අපි නොතෙමී ඉන්නව. වේලාවට අපිට ආහාර ලැබෙනව. ලස්සනට ඇදුම් අදිනවා. අපගේ මූලික අවශ්‍යතා දෙවියන්ගේ පිහිටෙන් අපට ලැබී තිබීම ගැන සතුටු වෙනවා. ඒත් මේ වගෙ අය දකිනකොට වැසි දිනවලට අපි කොහොමද නිවෙස් වලට වී ඉන්නේ? ලක්වැසි සියලු දෙනාගේම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයන් වන ඇදුම්, ආහාර, නිවාස ප්‍රශ්න විසදා දෙන ලෙස අප දෙවියන්ගෙන් වත් ඉල්ලා සිටිම. මන්ද? වගකිවයුත්තන් දිගු නින්දක සිටින නිසා. (නි)
අපි මේ අයට උදවු කරමු. ඒක පිනක්. (නි)
මේ නිවස හම්බන්තොටවත් තිබුණා නම්? (නි)
විස්තර දෙනවා නම් අපිට උදවු කරන්න පුලුවන්. සුභ අනාගතයක් ලැබේවා කියලා පතනවා. (නි)
මොවුන්ට උදවු කරන්නට මට ඔවුන්ගේ විස්තර ළබා දෙන්න. (නි)
කෙනෙක් යම්ආත්මයක දුක්කිත ජීවිතයක් ලබන්නේත්, තවත් කෙනෙක් සැපවත් ජීවිතයක් ලබන්නේත් තමන් කළ කුසග් අකුසල් මත බව බුද්ධ දේශනාවේ සදහන් වේ. (නි)
ගරු නිවාස ඇමතිතුමනි, දේශපාලනයෙන් තොරව ඔවුන්ට නිවාසයක් සාදා දෙන්න. එයයි නියම සමාජ සේවය. (නි)
තෙරුවන් සරණින් ඉක්මන් පිළිසරණක් ලැබේවා! (නි)
පක්ෂ භේද, ආගම් භේද නොසළකා මෙවන් අවස්ථා වලදී අප උදවු කළ යුතුයි. මමත් හැකි පමණින් උදවු කරන්නම්. (නි)
කපිලවස්තු ධාතූන්ගේ බල මහිමයෙන් ඔබට නව නිවසක් ඉදිකෙරේවා.(ස)
තොරතුරු පළ කරන්න. අපට ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි වේවි. (නි)
උදවුවක් කරන්න ලිපිනය දන්වන්න. (නි)
ඇමතිතුමා මේ ඡායාරූපය දැක්කද දන්නේ නැහැ. (නි)
නමෝ බුද්ධාය ! සියළු සත්වයෝ සුවපත් වෙත්වා ! නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සැප සම්පතින් වැඩෙත්වා ! නමෝ බුද්ධාය !
ලීසා ඔයා හරි, අපි හැමෝම මේ දරුපැටියට නොතෙමී ඉන්න උදවු කරමු.ලංකාදීප,අපිට එයාලව සම්බන්ධ කරගන්න එයාලගේ ලිපිනය දෙන්න.(නු)
දුප්පත්ව ඉපදී ජීවිතේ තවත් දුක් ගැහැට වලට මුහුණ දෙනවා විවිධ අයුරින්.. මේකට හේතුවක් තියෙනවා.. බුද්ධදර්ශණයෙන් ඉගෙන ගත හැකියි..!!(නු)
අපි කැමතියි උදවු කරන්න. කරුණාකර වැඩි විස්තර පළ කරන්න. (නි)
අයියෝ සල්ලි
මේ අයගේ විස්තර අපට එවන්න පුළුවංද?(නු)
ඔවුන් සම්බන්ධ කරගන්නේ කෙසේද? (නි)
පවු අසරණ මිනිස්සු. දුප්පතාටමයි හැම හෙණයක්ම වෙන්නේ. (නි)
මේ මවට උදවු කිරීම සදහා වැඩි විස්තර ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
මහසෙන් රජු මින්නේරිය වැව කරවූයේ තමන් ගේ කෙත්වතු අස්‌වැද්දීමට නො ව තම රට වැසියා ගේ කෙත් වතු සරු සාර කිරීමට ය.එදා සිටි රජවරුන් එසේ වුව ද අද සිටින බොහෝ දේශපාලකයන් ජනතා ඡන්දයෙන් බලයට පත් වී මැති ඇමැතිකම් ලබා ගෙන අද සිදු කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූවකි. ඔවුන් තම ධූර කාලය තුළ උපරිම උත්සාහයක යෙදෙන්නේ තමා ගේ, තම පවුලේ සහ තම පරම්පරාවේ ආර්ථික ස්‌ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා ය.(ස)
ආශ්චර්ය පහල වී අත්තේ අතලොස්ස්කට පමණි...(ස)
පව් අහිංසක දරු පැටියා අපි හැමෝම උදවු කරමු හොදින් ජීවිතය ගෙනයන්න .(ස)
ඔවුන්ගේ ලිපිනයක් දන්වන්න..(ස)
දුක්බර පුවතක් මොවුන්ට උදව් කිරීමට මොවුන්ගේ විස්තර ඉදිරිපත් කරන්න...(ස)
විස්තර ඉදිරිපත් කරන්න හැකි උදව්වක් කිරීමට..(ස)
හරිම දුකහිතෙන පුවතක් (නි)
ඇත්තටම දකිද්දිත් දුකයි.ඒත් අපියි කියලා මොනවා කරන්නද? (නි)
විමල් වීරවංශ මහතාණෙනි, ඔබ දුප්පතුන් ගැන සිතන බව අපි දනිමු. මෙවන් දුප්පත් ජනතාව දෙසද අවධානය යොමු කරන්න. (නි)
මොවුන්ව සම්බන්ධකරගත හැක්කේ කෙසේද ??(ස)
මෙම කාන්තාවගේ විස්තර පළ කරනවා නම් ඇයට නිවසක් තනා ගැනීමට හැකි අයුරින් අපටද උපකාර කළ හැකියි. (නි)
මේ වගේ අසරණ මිනිස්සු ගැන දුක්වෙන්නෙත් අපි වගේ අසරණ මිනිස්සුම තමයි. අපේම සල්ලිවලින් සැප විඳින 'ඇතිහැකි' අයට මේවයේ වගක්වත් නැහැ. මේ දහදුක් විඳින්නේත් 'මිනිස්සු' නේද කියලා හිතෙන්නෙ නැහැ. අපි කොච්චර සල්ලි හෙව්වත් ඒ සල්ලි වලින් අපිට සැපෙන්, සතුටින් ඉන්න ලැබෙන්නේ මේ ජිවිත කාලය තුල විතරයි. ඒත් ඒ සල්ලි වලින් හැකි පමණින් සරණක් නැති කෙනෙකුට සරණක් වෙන්න පුළුවන් නම්, සසර වසන තුරු ඒ පින අපට පිහිට,සරණ වනු ඇත.(ස)
වගකීමක් ගන්න කෙනෙක් ඉන්නවානම් අපිත් හැකි විදියට උදව් කරන්නම්..(ස)
තාම මේක කවුරුත් දැකලා නැතුව ඇති. (නි)
මම කැමතියි ඔවුන්ට උදවු කරන්න (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
නිකරුනේ නාස්ති කරන මුදල් වලින් මේ වගේ අයට පිහිටක් වීම සඳහා පාලක හිත් උණුවන්නේ කවදාද ??? (ස)