වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ වෙළෙඳ සේවා විස්සයි20 ‘සුපිරි’ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව සම්පත් බැංකු පිල දිනාගත් අතර අනු ශූරතාව හැටන් නැෂනල් බැංකුවට හිමිවිය. එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති අවසන් මහ තරගයේදී සම්පත් බැංකු ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් හැටන් නැෂනල් බැංකු පිල පරාජය කිරීමට සමත් වූහ.
එච්. එස්. බී. සී. පිල (138/7) ලකුණු 33 කින් කොමර්ෂල් ක්‍රෙඩිට් පිල (105) පරාජය කරමින් තෙවැනි ස්ථානයට පත්විය.
සම්පත් බැංකු පිලේ වමතින් පා දඟ පන්දු යවන සුවන්ජි මදනායක තරගාවලියේ තරග තුනේදී ලකුණු 47 කට කඩුලූ 7 ක් දවාගනිමින් තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා සහ අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
සම්පත් බැංකු පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක කෞෂාල් සිල්වා තරග තුනේදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 116 ක් රැස්කරමින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ ප‍්‍රසාද් ඩයස් තරගාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස සම්මාන හිමිකර ගත්තේය.
හැටන් නැෂනල් බැංකු පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 91 (හේෂාන් ගුණතිලක 23, සමන් ජයන්ත 22, සුවන්ජි මදනායක 15/3, රංගන හේරත් 11/2, දසුන් ශානක 13/2)
සම්පත් බැංකු පිල ඕවර 15.3 කදී කඩුලූ 3 ට 95 (සමීන් කදනාරච්චි 13, කෞෂාල් සිල්වා නොදැවී 34, හසන්ත ප‍්‍රනාන්දු නොදැවී 24, සුජීව ද සිල්වා 25/2)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස්සයි20 ‘සුපිරි’ ක‍්‍රිකට් ශූරතාව සම්පත් බැංකුවට
සංජු Tuesday, 23 April 2013 04:05 PM
අනේ අපේ තැන්පත් සල්ලි ටික? (නි)