
(යොහාන් භාසුර)
ඇමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (3) පස්වරුවේ නිවේදනය කළේය.
අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් පිරිනමන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කීය.
අවසන් පූර්ව වටයේදී පරාජයට පතත්වන කණ්ඩායම්වලට අමෙරිකානු ඩොලර් 787,500 ක් හෙවත් රුපියල් කෝටි 23 කට අධික මුදලක් බැගින් පිරිනමන බවත් මෙවර තරගාවලියේ ත්‍යාග සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 11.25 ක් හෙවත් රුපියල් කෝටි 337 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වංචා හැටියට බොහොම සොච්චම් ගාණක්.. අපේ දේශපාලුවෝ එක ඩීල් එකෙන් හොයනවා වගේ 10 ගුණයක්