එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ.
විස්සයි/20 පන්දු යවන්නන් අතරේ ලෝකයේ හොඳම පන්දු යවන්නා බවට කලක් පත්ව සිටි අජන්ත මෙන්ඩිස්, මාස හතක පමණ කාලයකට පසු නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටියි.
පිටකොන්දේ ආබාධයක් නිසා අජන්තට මෙම වසරේ ජනවාරී මස සිට ශ්‍රී ලංකා සංචිතයට එක්වීමේ අවස්ථාව අහිමිවිය. ඔහු අවසන් වරට විස්සයි/20 අන්තර්ජාතික තරගයකට සහභාගිවී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදීය.
විස්සයි/20 තරග 21 කට සහභාගිවී කඩුලූ 40 ක් ලබා ඇති අජන්තට ලොව හොඳම විස්සයි/20 පන්දු යවන්නන් අතරේ දැන් හිමිව ඇත්තේ සිවුවැනි ස්ථානයයි.
ජෙහාන් මුබාරක්ට නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය හිමිවීම කැපී පෙනේ. ඔහු අවසන් වරට අන්තර්ජාතික තරගයකට සහභාගිවී ඇත්තේ 2009 වසරේදීය.
30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය:
මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, කෞෂාල් ලොකුආරච්චි, ලසිත් මාලිංග, උපුල් තරංග, රංගන හේරත්, ශාමින්ද එරංග, සුරාජ් රන්දිව්, කුසල් ජනිත්, ෆර්විස් මහරුෆ්, චාමර සිල්වා, කෝසල කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක, චාමර කපුගෙදර, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප‍්‍රසාද්, ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, ඩිල්රුවන් පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන සහ අඛිල ධනංජය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුගෙදරට ටිකක් කලින් ගහන්න දීලා බලන්න, අන්තිමටම එවන්නෙ නැතුව. (නි)
අජන්තව අනිවාර්යෙන් දාන්න ඕන. (ත)
අජන්තව නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. (නි)
චාමර කපුගෙදරට , චාමර සිල්වාට දුන්න අවස්ථාව අජන්තටත් දීල බලන්න , (දී)
අජන්ත් අනිවාර්යෙන්ම ගන්න ඕනෑ . එයා ගොඩක් දක්ෂයි අනිත් දගකවන්නන් ටත් වැඩියෙන් . (දී)
ප්රසන්න ගැන මොකද කියන්නේ කට්ටිය........ (ස.වි)
අජන්ත කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)
කෝසල කුලසේකරට ,,කටපරිස්සම් කරගන්න වෙයි ??? අපිට මතකයි එංගලන්තේදී කුණුහරුප කියල දඩ කෑව !!!!!!! (දී)
අපෝ....................අලුත් තරුණ අය නැද්ද.....(සවි)
අජන්ත 20/20 කණ්ඩායමට ඇතුලත් විය යුතුය. කපුගෙදර දැම්මේ ඇයි? කපු ගහනවනම් අංක 3 හෝ 4 ස්ථානයේ පන්දුවට පහර දිය යුතුයි. නැත්නම් ඔහුගෙන් වැඩක් නැත. චාමර සිල්වා දැමීම සැහෙන්න ගැටළු සහගතයි. නවකයන්ට අවස්ථාවක් දීලා නැහැ. කණ්ඩම්බිත් මෙම සංචිතයට වැඩක් නැහැ. ඒ වෙනුවට හොද යොවුන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් දමන්න තිබුනා. කිසිම සැලැස්මක් නැහැ වගේනේ. (නි)
කපුගෙදරව හැමදාම එවන්නේ අන්තිමටනේ.එයාට මුලින් එන්න දුන්න න්ම ඉවරනේ. (නි)
කපුගෙදර ගත්තාට කවුරුත් කැමැති නැ වගේ නේද? ඒත් කපුගෙදර කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නොවේ. ලකුණු අතරට අවොත් සංගවගේ හදල ගන්න පුළුවන් (අ)
කපු ගත්ත එකේ වාස් වත් ගත්තා නම් ඉවරනේ. (නි)
දමිත්, බලා ඉන්න තරම් කාලයක් නැහැ අපිට. (නි)
දිල්හාරව දාන්න අමතක උනාද?
කපුගෙදරව ගත්තා නම් අජන්තවත් ගත්තට කමක් නෑනේ. (නි)
සපුමල්....ඔයා හරි. (නි)
20 / 20 ලෝක කුසලාන තරඟ වල ලංකාවේ පන්දු යවන්නන් ලෙස, 1. ලසිත් මාලිංග 2. නුවන් කුලසේකර 3. තිසර පෙරේරා 4. ඇන්ජලෝ මැතිවුස් 5. රංගන හේරත් 6. අජන්ත මෙන්ඩිස් අනිවාර්යෙන්ම සිටිය යුතුයි . පහර දෙන්නන් ලෙස, 1. දිල්ෂාන් 2 . මහේල 3 . සංගක්කාර 4. දිනේෂ් චන්දිමාල් 5. ලහිරු තිරිමාන්න 6. ජීවන් මෙන්ඩිස් [ ආදේශක පිතිකරු ] සිටිය යුතුයි. මේ ක්‍රීඩකයන් සිටියහොත් අපේ කණ්ඩායම ඉතාම ශක්තිමත් ... (නි)
හොඳ තේරීමක් ... අජන්ත 20/20 තරඟ වලට සිටිය යුතුම පන්දු යවන්නෙක් ... එහි කතා දෙකක් නැ... මෙයාට තව අවස්තාව දිය යුතුයි .... හැබැයි චාමර කපුගෙදරව තරඟ 100 කට පමණ පහර දෙන්නෙක් ලෙස පමණක් යොදාගත්තත් කණ්ඩායමට කිසිම සහයෝගයක් නොලබෙද්දී දිගටම ඇතුල් කරන එක නම් රටටම ලොකු ප්‍රෙහෙලිකාවක් බවයි පෙන්නේ .... චාමරගේ සහබාගිවු තරඟ විස්තර කියවා බැලුවනම් කිසිදිනක ක්‍රිකට් ගසා නැති කෙනෙක් උවත් එතරම් තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කරන්න අවස්තාව ලැබුනොත් චාමරට වඩා කණ්ඩායමට සේවයක් කරයි කියා හිතන්න පුළුවන් ...
මම අනාවැකියක් කියන්නම්..15 අතරට කපුගෙදර ඉන්නවා....අජන්ත එලියේ...
කපුගෙදරව නැතුවම බැරිද?
කපුගෙදරත් එකක් දිල්හාරවත් දැම්මා නම් හරිනේ.
පුදුම තේරීම්නේ මේවා.
කිසිම ගැළපීමක් නැති තේරීමක්
අයියෝ, තේරීම් කමිටුවට පිස්සුද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
චාමරලට තියෙන සැළකිල්ල අජන්තටත් තිබුණානම් අද අපිට හොඳ ස්පිනර් කෙනෙක් ඉන්නවා.
චමරලා 2 න්න තේරීම් කමිටුවට අමතක වෙන්නෙම නැනේ .
චමරලා දෙන්නම අයේ ඇවිත් මේපාරත් නාගනී වගේ !! අය්යෝ සල්ලි !!