IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විස්සයි/20 ලෝක කුසලාන සංචිතයට අජන්ත යළි කැඳවයි

එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. විස්සයි/20 පන්දු යවන්නන් අතරේ ලෝකයේ හොඳම පන්දු යවන්නා බවට කලක් පත්ව සිටි අජන්ත මෙන්ඩිස්, මාස හතක පමණ කාලයකට පසු නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටියි. පිටකොන්දේ ආබාධයක් නිසා අජන්තට මෙම වසරේ ජනවාරී මස සිට ශ්‍රී ලංකා සංචිතයට එක්වීමේ අවස්ථාව අහිමිවිය. ඔහු අවසන් වරට විස්සයි/20 අන්තර්ජාතික තරගයකට සහභාගිවී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදීය. විස්සයි/20 තරග 21 කට සහභාගිවී කඩුලූ 40 ක් ලබා ඇති අජන්තට ලොව හොඳම විස්සයි/20 පන්දු යවන්නන් අතරේ දැන් හිමිව ඇත්තේ සිවුවැනි ස්ථානයයි. ජෙහාන් මුබාරක්ට නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය හිමිවීම කැපී පෙනේ. ඔහු අවසන් වරට අන්තර්ජාතික තරගයකට සහභාගිවී ඇත්තේ 2009 වසරේදීය. 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය: මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, කෞෂාල් ලොකුආරච්චි, ලසිත් මාලිංග, උපුල් තරංග, රංගන හේරත්, ශාමින්ද එරංග, සුරාජ් රන්දිව්, කුසල් ජනිත්, ෆර්විස් මහරුෆ්, චාමර සිල්වා, කෝසල කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක, චාමර කපුගෙදර, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප‍්‍රසාද්, ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, ඩිල්රුවන් පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන සහ අඛිල ධනංජය



අදහස් (0)

විස්සයි/20 ලෝක කුසලාන සංචිතයට අජන්ත යළි කැඳවයි

රෝම්පිය Saturday, 21 July 2012 11:56 PM

චාමර කපුගෙදරට , චාමර සිල්වාට දුන්න අවස්ථාව අජන්තටත් දීල බලන්න , (දී)

:       0       0

කවීම් Friday, 20 July 2012 11:04 AM

සපුමල්....ඔයා හරි. (නි)

:       0       0

සම්පත් Friday, 20 July 2012 01:03 PM

කපුගෙදරව ගත්තා නම් අජන්තවත් ගත්තට කමක් නෑනේ. (නි)

:       0       0

දමිත් Friday, 20 July 2012 01:09 PM

කපුගෙදරට ටිකක් කලින් ගහන්න දීලා බලන්න, අන්තිමටම එවන්නෙ නැතුව. (නි)

:       0       0

ප්ලේ බෝයි Friday, 20 July 2012 01:23 PM

දමිත්, බලා ඉන්න තරම් කාලයක් නැහැ අපිට. (නි)

:       0       0

සිසිර Friday, 20 July 2012 01:24 PM

කපු ගත්ත එකේ වාස් වත් ගත්තා නම් ඉවරනේ. (නි)

:       0       0

bodipala Friday, 20 July 2012 01:24 PM

කපුගෙදර ගත්තාට කවුරුත් කැමැති නැ වගේ නේද? ඒත් කපුගෙදර කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නොවේ. ලකුණු අතරට අවොත් සංගවගේ හදල ගන්න පුළුවන් (අ)

:       0       0

සර්ෆ Friday, 20 July 2012 10:57 PM

අජන්ත කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)

:       0       0

පැට්‍රික් Friday, 20 July 2012 02:06 AM

දිල්හාරව දාන්න අමතක උනාද?

:       0       0

ශිවා Tuesday, 24 July 2012 07:12 AM

අජන්තව නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. (නි)

:       0       0

අශේන් Tuesday, 24 July 2012 07:11 AM

අජන්තව අනිවාර්යෙන් දාන්න ඕන. (ත)

:       0       0

සදුන් Friday, 20 July 2012 01:40 PM

කපුගෙදරව හැමදාම එවන්නේ අන්තිමටනේ.එයාට මුලින් එන්න දුන්න න්ම ඉවරනේ. (නි)

:       0       0

ඉදුනිල් Friday, 20 July 2012 01:46 PM

අජන්ත 20/20 කණ්ඩායමට ඇතුලත් විය යුතුය. කපුගෙදර දැම්මේ ඇයි? කපු ගහනවනම් අංක 3 හෝ 4 ස්ථානයේ පන්දුවට පහර දිය යුතුයි. නැත්නම් ඔහුගෙන් වැඩක් නැත. චාමර සිල්වා දැමීම සැහෙන්න ගැටළු සහගතයි. නවකයන්ට අවස්ථාවක් දීලා නැහැ. කණ්ඩම්බිත් මෙම සංචිතයට වැඩක් නැහැ. ඒ වෙනුවට හොද යොවුන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් දමන්න තිබුනා. කිසිම සැලැස්මක් නැහැ වගේනේ. (නි)

:       0       0

ප්‍රසාද් පෙරේරා Friday, 20 July 2012 05:43 AM

චමරලා දෙන්නම අයේ ඇවිත් මේපාරත් නාගනී වගේ !! අය්යෝ සල්ලි !!

:       0       0

මලිත් Friday, 20 July 2012 05:52 AM

චමරලා 2 න්න තේරීම් කමිටුවට අමතක වෙන්නෙම නැනේ .

:       0       0

රංජිත් Friday, 20 July 2012 07:56 AM

චාමරලට තියෙන සැළකිල්ල අජන්තටත් තිබුණානම් අද අපිට හොඳ ස්පිනර් කෙනෙක් ඉන්නවා.

:       0       0

සෙවුමි Friday, 20 July 2012 07:58 AM

අයියෝ, තේරීම් කමිටුවට පිස්සුද කියලා මට නම් ‍තේරෙන්නේ නැහැ.

:       0       0

සිසිර Friday, 20 July 2012 08:42 AM

කිසිම ගැළපීමක් නැති තේරීමක්

:       0       0

සුදේශ් Saturday, 21 July 2012 01:34 AM

ප්‍රසන්න ගැන මොකද කියන්නේ කට්ටිය........ (ස.වි)

:       0       0

අන්කල් Friday, 20 July 2012 08:44 AM

පුදුම තේරීම්නේ මේවා.

:       0       0

ගෝපාල් Friday, 20 July 2012 03:18 PM

අපෝ....................අලුත් තරුණ අය නැද්ද.....(සවි)

:       0       0

රාම් Friday, 20 July 2012 08:45 AM

කපුගෙදරත් එකක් දිල්හාරවත් දැම්මා නම් හරිනේ.

:       0       0

ඩිලාන් Friday, 20 July 2012 08:53 AM

කපුගෙදරව නැතුවම බැරිද?

:       0       0

සපුමල් Friday, 20 July 2012 09:04 AM

මම අනාවැකියක් කියන්නම්..15 අතරට කපුගෙදර ඉන්නවා....අජන්ත එලියේ...

:       0       0

කින් බෙනට් Friday, 20 July 2012 09:39 AM

හොඳ තේරීමක් ... අජන්ත 20/20 තරඟ වලට සිටිය යුතුම පන්දු යවන්නෙක් ... එහි කතා දෙකක් නැ... මෙයාට තව අවස්තාව දිය යුතුයි .... හැබැයි චාමර කපුගෙදරව තරඟ 100 කට පමණ පහර දෙන්නෙක් ලෙස පමණක් යොදාගත්තත් කණ්ඩායමට කිසිම සහයෝගයක් නොලබෙද්දී දිගටම ඇතුල් කරන එක නම් රටටම ලොකු ප්‍රෙහෙලිකාවක් බවයි පෙන්නේ .... චාමරගේ සහබාගිවු තරඟ විස්තර කියවා බැලුවනම් කිසිදිනක ක්‍රිකට් ගසා නැති කෙනෙක් උවත් එතරම් තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කරන්න අවස්තාව ලැබුනොත් චාමරට වඩා කණ්ඩායමට සේවයක් කරයි කියා හිතන්න පුළුවන් ...

:       0       0

කින් බෙනට් Friday, 20 July 2012 09:55 AM

20 / 20 ලෝක කුසලාන තරඟ වල ලංකාවේ පන්දු යවන්නන් ලෙස, 1. ලසිත් මාලිංග 2. නුවන් කුලසේකර 3. තිසර පෙරේරා 4. ඇන්ජලෝ මැතිවුස් 5. රංගන හේරත් 6. අජන්ත මෙන්ඩිස් අනිවාර්යෙන්ම සිටිය යුතුයි . පහර දෙන්නන් ලෙස, 1. දිල්ෂාන් 2 . මහේල 3 . සංගක්කාර 4. දිනේෂ් චන්දිමාල් 5. ලහිරු තිරිමාන්න 6. ජීවන් මෙන්ඩිස් [ ආදේශක පිතිකරු ] සිටිය යුතුයි. මේ ක්‍රීඩකයන් සිටියහොත් අපේ කණ්ඩායම ඉතාම ශක්තිමත් ... (නි)

:       0       0

දිලිප් Saturday, 21 July 2012 08:09 PM

අජන්ත් අනිවාර්යෙන්ම ගන්න ඕනෑ . එයා ගොඩක් දක්ෂයි අනිත් දගකවන්නන් ටත් වැඩියෙන් . (දී)

:       0       0

අතපත්තු Friday, 20 July 2012 04:46 PM

කෝසල කුලසේකරට ,,කටපරිස්සම් කරගන්න වෙයි ??? අපිට මතකයි එංගලන්තේදී කුණුහරුප කියල දඩ කෑව !!!!!!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site