සූරියවැවදී හෙට (18) ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර පුහුණු තරග පහක් අද (17) කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ප‍්‍රබල කණ්ඩායම් රැුසක් තරගවලට සහභාගිවීම කැපී පෙනේ. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (18) පස්වරු 7.30 සිට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ. අද පැවැත්වෙන පෙරහුරු තරග
- ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (පෙ.ව. 9.30)
- බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (පෙ.ව. 9.30)
- නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (පෙ.ව. 9.30)
- අෆ්ගනිස්තාන සහ බ.ඉ.කො. අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ප.ව. 2.00)
- ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (ප.ව. 2.00)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නම් දිනයි (දී)