(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බවත් ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18)  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
දඹුල්ලේදී පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බවත් දෙවැනි තරගය හෙට (19) ද, තෙවැනි තරගය 21 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.