තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට අයත් විස්සයි:20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංග නම් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවමත් සුවය ලබා නැති හෙයින් ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා උපුල් තරංග නායකත්වයට තෝරා ගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට ඇතුළත් වන්නේ විස්සයි:20 තරග 3 ක් පමණි. එම තරග මේ මස 17, 19 සහ 22 දිනවලදී පැවැත්වේ.
විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. තරංගට මීට ඉස්සර දෙන්න තිබුනේ (නි)
හොදම දේ තමයි තරග දිනන විදිහට සහ ලකුණු කඩුලු ගන්න විදිහට ගෙවීම කරන්න (බ)
ඇයි දිල්ෂාන් මුණවීර වගේ හොඳ පිතිකරුවන්ට අවස්ථාවක් දීල අසාර්ථක පිතිකරු අංශය ශක්තිමත් කරන්න බැරි...? සුදුස්සාට සුදුසු තැන දෙන්න, බලධාරින්ට දැන්වත් අදහසක් නැහැ වගේ. ඔස්ට්‍රේලියාවට යන්නෙත් ඔය සෙට් එකමනම්..., සොරිම තමා. (බ)
ගොඩක්ම හොඳ තීරණයක්. උප නායකත්වයට චාමර කපුගෙදරව නම් කරන්න. චන්දිමාල්ට ටික දවසකට විවේකයක් ලබාදීලා අඩුපාඩු හදාගෙන ආයෙත් කණ්ඩායමට එන්න කියන්න. ඒ වගේම දනංජය හා කුසල් මෙන්ඩිස් ගැනත් පොඩ්ඩක් බලලා හොඳ තීරණයක් ගන්න. මොකද ඔවුන් දෙදෙනාත් දිගින් දිගටම අසාර්ථක වෙනවා. ෂෙහාන් ජයසුරිය මිලින්ද සිරිවර්දන වගේ අය ගැන ආයෙත් පොඩ්ඩක් හිතලා බලන්න. ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප්‍රසන්න කණ්ඩායමේ ඉන්නම ඕනෑ පිතිකරුවන්. දික්වැල්ල එක්ක ධනුෂ්කව අාරම්භක පිතිකරුවා විදියට එවන්න. (නි)
හොඳ තීරණයක්. (බ)
ඉතා හොද තිර්ණයක්. (ම)
තරංගගේ නායකත්වය ඉතා හොඳයි. නමුත් ලංකාවේ කොල්ලන්ගේ පිතිකරණය දුර්වලයි. තරංගගේ නායකත්වය යටතේ අහිංසක පොඩි කොල්ලන්ට අනාගතයක් තියනවා. ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යාවි. (නි)
ඉතා හොඳ තීරණයක් (නි)