විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව මිරිස්සේදී වෙරළාරක්ෂක බලකායේ බව කියන පිරිසක් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙක් තුවාල ලදහ. මේ අතර ධීවරයෝ අද වෙරළ ආරක්ෂක මූලස්ථානය ඉදිරිපිටට රැස්ව පහරදුන් අයට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ කළහ. මාතර පොලීසිය ද එහි ගොස් සිටී. ගැටුමට හේතුව මෙතෙක් දැනගන්නට නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සු , මෙහෙම ගහ මරාගන්න ඕනි කමක් තිබුණනම් එදා උතුරට යන්න තිබුණා (ස)
ඔහොම තම්යි, ගමේ බයියන්ට පාර්ට් දැම්මට හොඳ ලොකු පොරකට සෙට් උනොත් සද්ද නෑ, දැක්කනෙ අර මේජරය ගුටි කෑවා කියල වෙනද වගෙ ආර්මි එක ගිහින් නෙලුවද? නෑනේ (ස)
ලාංකිකයෙකු හැටියට ලංකාව පැරදුනු එකට මට දුකයි (ස)
t20 යි ගෝරියයි අතරේ මොකද්ද සම්බන්ධය , නෙලන්න තිබ්බේ මිරිස්සේ අයට නෙමෙයි අනිත් අයට, (ස)
ඇත්ත තමයා...අරකිව්වත් වගේ ගමේ අයට තමයි ඔක්කොම සද්ද(ස)
සල්ලිවලට ඔට්ටු අල්ලපු අය තමයි මරාගන්නේ (ස)
මෙයාලටත් පිස්සු , බලපු අපිටත් පිස්සු . අපරාදේ මගේ රතිඤ්ඤා රෝල (ස)
වෙරළ ආරක්ෂකයින්ගේ කාර්යය තවම හරියට කියලා දීලා නෑ වගේ (ස)
අහිංසක මිනිස්සුන්ට ගහපු අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
තරහක් තියනවනම් මාලිංගයට ගහන්න ඔනනෙ අහිංසකයන්ට නොගහ. (ස)
වියළි කලාපයේ මිනිස්සු වතුර නැතුව අරහේ දුක් විදිනවා. මෙහේ කාලා බීලා වැඩිවෙලා දගලනවා. (නි)
සාමකාමීව ප්‍රශ්න විසදාගන්න පුරුදුවිය යුතුයි. (නි)
ක්‍රීඩාව මුදලට යටයි. අර්ජුනගේ නායකත්වයෙන් පසු ජයග්‍රහණයක් ලංකාවේ පේන මානයක නැහැ. (නි)