විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ පුහුණුවීම් සඳහා වසා දැමුණු මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණය මාතර නගර වැසියන්ගේ ප‍්‍රයෝජනයට දෙන්නැයි මාතර මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත සිල්වා මහතා මාතර නාගරික කොමසාරිස්ට නියෝග කළේය. මාතර මහ රෝහලේ වෛද්‍ය එන්.එච්.ආර්.මෙන්ඩිස් විසින් ඉදිරිපත් කැරුණු පෙත්සම සලකා බැලූ විනිසුරු නියෝග කළේ මාතර බදු ගෙවන්නවුන්ගේ මුදලින් නඩත්තුවන කී‍්‍රඩාංගණය ඔවුන්ගේ ව්‍යායාම හා ක‍්‍රීඩා වෙනුවෙන් තිබිය යුතු බවයි. පසුගිය 15 වැනිදා සිට ක‍්‍රීඩා පිටිය වටා පොලිස් මුර යොදා ඇත. විස්සයි විස්ස පුහුණුවීම් සඳහා ලබන 23-30 තෙක් ක‍්‍රීඩාංගණය නිදහස් කර දීමට පෙත්සම්කරු එකඟ විය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විස්සයි විස්සට වැසූ පිටිය ඇරේ
සිල්වා Thursday, 13 September 2012 06:18 AM
මේවට ඉතිං උසාවි යන්න වුණේ ඇයි? හොදට හිතලා මතලා තීරණයක් නොගත්ත නිසානේ. (නි)
වරුණ Thursday, 13 September 2012 07:58 AM
අදූරදර්ශී අයගේ වැඩනේ මේ. මාතර හෝ ගාල්ලේ ටී20 නැහැනේ. (නි)
ධම්මික Thursday, 13 September 2012 09:14 AM
මේක අන්තර්ජාතික ක්‍රීඩාවලියක් .ලෝකේ රටවල් 12 ක ක්‍රීඩකයෝ ඉන්නවා.මේකේ ආරක්ෂාව ගැන පියවර ගන්න ඕනේ..මොනවා හරි දෙයක් වුනොත් රටේ නාමයටයි හොඳ නැත්තේ...(ස)
මනම්පේරි Thursday, 13 September 2012 07:30 PM
ඉතිං මයෙ දෙයියෝ, ඕක උසාවි නොගිහින් විසදගන්න බැරි වුණැයි? (නි)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 05:59 PM
සෑම ක්‍රීඩාවකටම සමානව සැළකිය යුතුයි. (නි)
නිශාන් Thursday, 13 September 2012 09:43 AM
වරුණ, ටී20 කාන්තා ලෝක කුසලාන තරගය තියෙන්නේ ගාල්ලේ. පුහුණුවීම් තියෙන්නේ මාතර. (නි)
චන්දන Thursday, 13 September 2012 11:53 AM
කාන්තා ටී20 දඹුල්ලේ තිබුණා නම් ඉවරනේ. ඒ පිට්ටනිය නිකම්ම වල් වැදෙනවා. (නි)