විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ පුහුණුවීම් සඳහා වසා දැමුණු මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණය මාතර නගර වැසියන්ගේ ප‍්‍රයෝජනයට දෙන්නැයි මාතර මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත සිල්වා මහතා මාතර නාගරික කොමසාරිස්ට නියෝග කළේය. මාතර මහ රෝහලේ වෛද්‍ය එන්.එච්.ආර්.මෙන්ඩිස් විසින් ඉදිරිපත් කැරුණු පෙත්සම සලකා බැලූ විනිසුරු නියෝග කළේ මාතර බදු ගෙවන්නවුන්ගේ මුදලින් නඩත්තුවන කී‍්‍රඩාංගණය ඔවුන්ගේ ව්‍යායාම හා ක‍්‍රීඩා වෙනුවෙන් තිබිය යුතු බවයි. පසුගිය 15 වැනිදා සිට ක‍්‍රීඩා පිටිය වටා පොලිස් මුර යොදා ඇත. විස්සයි විස්ස පුහුණුවීම් සඳහා ලබන 23-30 තෙක් ක‍්‍රීඩාංගණය නිදහස් කර දීමට පෙත්සම්කරු එකඟ විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ක්‍රීඩාවකටම සමානව සැළකිය යුතුයි. (නි)
මේවට ඉතිං උසාවි යන්න වුණේ ඇයි? හොදට හිතලා මතලා තීරණයක් නොගත්ත නිසානේ. (නි)
අදූරදර්ශී අයගේ වැඩනේ මේ. මාතර හෝ ගාල්ලේ ටී20 නැහැනේ. (නි)
මේක අන්තර්ජාතික ක්‍රීඩාවලියක් .ලෝකේ රටවල් 12 ක ක්‍රීඩකයෝ ඉන්නවා.මේකේ ආරක්ෂාව ගැන පියවර ගන්න ඕනේ..මොනවා හරි දෙයක් වුනොත් රටේ නාමයටයි හොඳ නැත්තේ...(ස)
වරුණ, ටී20 කාන්තා ලෝක කුසලාන තරගය තියෙන්නේ ගාල්ලේ. පුහුණුවීම් තියෙන්නේ මාතර. (නි)
කාන්තා ටී20 දඹුල්ලේ තිබුණා නම් ඉවරනේ. ඒ පිට්ටනිය නිකම්ම වල් වැදෙනවා. (නි)
ඉතිං මයෙ දෙයියෝ, ඕක උසාවි නොගිහින් විසදගන්න බැරි වුණැයි? (නි)