විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ටිකට් තොගයක් කොළඹ කුරුඳුවත්තේ ස්ටැන්ලි විජේසුන්දර ටිකට් කවුන්ටරයෙන් සොරාගත්තැයි කියන බ්‍රිතාන්‍ය ජාතික මැංචෙස්ටර් හි පදිංචි බුලර් පිසාරෝ ඇන්ටෝනියෝ අඟහරුවාදා (2) වන තුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහාත නියෝග කෙළේය. සොරකම් කළැයි කියන ටිකට් 84ක් ද තවත් ටිකට් 19ක් ද ඔහු ළඟ තිබිණි. එම ටිකට් සැබෑ ටිකට් දැයි තහවුරුකර ගැනීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලය කන ක්‍රිකට් නවත්වලා දානවා නම් කොච්චර හොදද? (නි)
මොකක්හරි වැරදීම්ක වෙන්න ඇති. (නි)
මුදලට තරග විකිණීම සුද්දා අනුමත නොකරන නිසයි ටිකට් හොරකම් කළේ. එයාව නිදොස් කොට නිදහස් කරන්න. (නි)
අනේ කොහොමහරි අවසන් තරගය බලන්න එයාව එළියට දාන්න. පවුනේ. (නි)
දෙවැනි ඡායාරූපයේ මොකක්ද ඒ සුද්දා කරන්නේ? (නි)
හෙට එළියට දායි රුපියල් 500ක් විතර දඩ ගහලා. අපේ එකෙක් කළා නම් අවුරුදු 2කට විතර හිරේ දානවා. 25000ක් විතර ගහලා. (නි)
මූට කියන්න ඕනෙ කබර සුද්දා කියලා.වෙන වචන නෑ කියන්න. (ස)
මෙයාලගේ හම සුදු වුණාට වැඩ සුදු නැහැ. (නි)
මෙයා සුදු වුණාට බ්‍රිතාන්‍යයේ පදිංචි ඉතාලි ජාතිකයෙක්. (නි)
යන්තම් ඇති. එක තීණ්දුවක් හරි මේ විදියට දුන්නා. (නි)
මෙයාගේ නමින් සහ පෙනුමෙන් නම් පේන්නේ නැහැ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියල. එහේ පාස්පෝට් නම් ඇති. (නි)
මෙයාට සුද්දෙක් කිවුවොත් ඇත්තම සුද්දාට කියන්නේ මොකක්ද? (නි)
අනේ සුදු මහත්තයෝ දැන් ඉතින් කරන්නෙදයක් නැහැ ඔහොම ටකරන් කාල ඒන්න (ස)
මීයෙක් කාලා සුදු වෙච්ච කෙනෙක්ද කොහේද ?(ස)
ලංකාවෙත් හොරු ඉන්නකොට, එන්ගලන්තයේ හොරු නැතිවේවිද? (නි)
පංකා හිරගෙදරක සැප මොනවගේද කියලා බලන්න ආස හිතෙන්න ඇති. (නි)
සුද්දෝ, චීන්නු ලංකාවට ඇවිත් ලෝකයේ ඇති අළුත් පාඩම් අපට කියාදෙනවා. (ස)
මේවා අද කාලේ සාමාන්‍ය දේවල් වෙලා (නි)
ලංකාවට එන්නෙත් අතේ සතේ නැති සුද්දොනේ. (නි)
රු .1500 ත් වැඩියි . මොකද සුදු ජාතිකයෙන්නේ (ස)
පව් සුද්ද ? මැච් බැලුව වගේ තමයි (ස)
සුද්දා ටිකට් අරන් ඇත්තේ බිස්නස් එකකට වෙන්න ඇති (ස)
රිමාන්ඩ් එකේදී සුද්දාට අපේ කට්ටිය මැච් පෙන්නයි නොමිලේම. (නි)
සුද්දොත් මෙහෙම වැඩ කරනවද? ඒත් ඉතිං කතාවට නම් කියන්නේ "සුද්දා වගෙයි වැඩ" කියලා. (නි)
ගිරවු දෙන්නාගේ කතාව මතක් වෙනවා. (නි)
ටිකට් අරන් හිරේ ගිහින්. සුද්දෝ එහෙමයි. (නි)
ඉස්සර ඉදලම සුද්දන් අපේ දේවල් මංකොල්ල කෑවා. (නි)
හෙට රු. 1500ක් දඩ ගහයි. (ස)
කොලුකමට කරපු දෙයක්. (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාවකට මහත් හොරෙක් කළානේ අවනම්බුවක්. (නි)
මේ ඇත්ත සුද්දෙක්ද? නැත්නම් ඉතාලියෙන් ආපු වෙන්නප්පු සුද්දෙක්ද? (නි)
ලංකා කබර සුද්දෙක්ද දන්නේ නැහැ. (නි)
වෙන්නප්පුවේ කට්ටිය එක්ක මොකද මෙයාලා මෙච්චර තරහා? (නි)
ඔහු අනිවාර්යයෙන්ම යුරෝපීය රටකින් වියයුතුයි (නි)
ලෝක ආර්ථික අර්බුදය.... (නි)
සුද්දාට දඩය රුපියල් 10යි. බලන්නකෝ. (නි)