මේ මස 18 වැනිදා ආරම්භවන විස්සයි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් හෙවත් කෝටි 13 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමේ. තරගාවලියේ මූලික වටයේදී ජයගන්නා සෑම අවස්ථාවකදීද කණ්ඩායමකට ප‍්‍රසාද ත්‍යාග මුදලක් පිරිනැමෙන අතර කිසියම් කණ්ඩායමක් අපරාජිතව තරගාවලිය නිම කිරීමට සමත් වුවහොත් ඩොලර් මිලියන 1.4 කට වැඩි මුදලක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් වශයෙන් එම කණ්ඩායමට හිමිවේ. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 500,000 ක් හෙවත් කෝටි 6.5 කට අධික මුදලක් පිරිනැමෙන අතර අවසන් පුර්ව වටයේදී පරාජය ලබන කණ්ඩායම් සඳහා පිරිනැමෙන මුදල ඇමරිකානු ඩොලර් 250,000 කි. සුපිරි අට වටයේ සහ කාණ්ඩ ජය ගන්නා කණ්ඩායම් වලට හිමිවන ත්‍යාග මුදල ඩොලර් 42,000 ක් වන අතර මූලික වටයේදී ජයගන්නා කණ්ඩායමකට හිමි ප‍්‍රසාද ත්‍යාග මුදල ඩොලර් 20,500 කි. කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 60,000 ක් හෙවත් ලක්‍ෂ 80 කට ආසන්න මුදලක් පිරිනැමේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කාන්තාවන්ට අඩු සැළකිළි? (නි)
අපිට සල්ලි වැඩක් නැහැ. රට දිනවන්නයි ඕනෑ. (නි)
ඒ සල්ලි වලින් ෆෙරාරි කාර් එකක් ගන්නත් අමාරුයිනේ. (නි)
මහේල ඇතුළු කණ්ඩායමට ඉතාම හොද අවස්ථාවක් මේ තරගාවලිය දිනන්න.. උත්සාහවන්තවන්න..!!(නු)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි දෙයියෝ කොහොම මැවුවද සල්ලි අනුන් අතට යන සල්ලි යළිත් අතට එන සල්ලි... (නි)
නියමයි මහේල. අපිට අනිවාර්යයෙන්ම කප් එක ලැබෙනවා. (නි)
අයියෝ සල්ලි කියුවලු
ඒ කට්ටියට සල්ලි .....බලන අපිට හුලන්................ (දී)
දැන්වත් මාලිංග....................(ස)
දුප්පතා කවදත් දුකේ. අපි තවමත් බඩගින්නේ. (නි)
අපේ රට ගැන හිතන්න...මුදල් පසුවට..ජය වේවා!! අපේ මහේල ඇතුළු සියලු දෙනාට..(ස)
මේ සල්ලි හම්බ වෙන්නෙ කාටද ? .(ස)
නියමයි. මම ඔවෙරේම යෝකර් දාන්නම්කො එහෙනං (දී)
ඇමති කෙනෙක්ගේ වැටුප වගෙයි නේද? (නි)
සල්ලි කොතනද අපේ අය එතන....(ස)
ආ.... දැන් ඉතිං අපේ කට්ටිය ගහයි. (නි)