මේ මස 18 වැනිදා ආරම්භවන විස්සයි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් හෙවත් කෝටි 13 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමේ. තරගාවලියේ මූලික වටයේදී ජයගන්නා සෑම අවස්ථාවකදීද කණ්ඩායමකට ප‍්‍රසාද ත්‍යාග මුදලක් පිරිනැමෙන අතර කිසියම් කණ්ඩායමක් අපරාජිතව තරගාවලිය නිම කිරීමට සමත් වුවහොත් ඩොලර් මිලියන 1.4 කට වැඩි මුදලක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් වශයෙන් එම කණ්ඩායමට හිමිවේ. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 500,000 ක් හෙවත් කෝටි 6.5 කට අධික මුදලක් පිරිනැමෙන අතර අවසන් පුර්ව වටයේදී පරාජය ලබන කණ්ඩායම් සඳහා පිරිනැමෙන මුදල ඇමරිකානු ඩොලර් 250,000 කි. සුපිරි අට වටයේ සහ කාණ්ඩ ජය ගන්නා කණ්ඩායම් වලට හිමිවන ත්‍යාග මුදල ඩොලර් 42,000 ක් වන අතර මූලික වටයේදී ජයගන්නා කණ්ඩායමකට හිමි ප‍්‍රසාද ත්‍යාග මුදල ඩොලර් 20,500 කි. කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 60,000 ක් හෙවත් ලක්‍ෂ 80 කට ආසන්න මුදලක් පිරිනැමේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස්සයි 20 ලෝක ශූරයන්ට රු: කෝටි 18 ක සල්ලි මල්ලක්
සිතාරා Friday, 14 September 2012 12:03 AM
මොකද කාන්තාවන්ට අඩු සැළකිළි? (නි)
විමුක්ති Friday, 14 September 2012 12:18 AM
අපිට සල්ලි වැඩක් නැහැ. රට දිනවන්නයි ඕනෑ. (නි)
සෑම් Friday, 14 September 2012 12:25 AM
ඒ සල්ලි වලින් ෆෙරාරි කාර් එකක් ගන්නත් අමාරුයිනේ. (නි)
නව්ශාන් Friday, 14 September 2012 01:45 AM
මහේල ඇතුළු කණ්ඩායමට ඉතාම හොද අවස්ථාවක් මේ තරගාවලිය දිනන්න.. උත්සාහවන්තවන්න..!!(නු)
චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:02 AM
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි දෙයියෝ කොහොම මැවුවද සල්ලි අනුන් අතට යන සල්ලි යළිත් අතට එන සල්ලි... (නි)
මොහමඩ් නිfපාල් - දෝහා Friday, 14 September 2012 03:40 AM
නියමයි මහේල. අපිට අනිවාර්යයෙන්ම කප් එක ලැබෙනවා. (නි)
සිසිර Friday, 14 September 2012 12:53 PM
අයියෝ සල්ලි කියුවලු
ලසිත Friday, 14 September 2012 06:54 PM
ඒ කට්ටියට සල්ලි .....බලන අපිට හුලන්................ (දී)
සසන්ක Friday, 14 September 2012 01:02 PM
දැන්වත් මාලිංග....................(ස)
මොහොමඩ් Friday, 14 September 2012 07:41 AM
දුප්පතා කවදත් දුකේ. අපි තවමත් බඩගින්නේ. (නි)
නොයෙල් Friday, 14 September 2012 09:14 AM
අපේ රට ගැන හිතන්න...මුදල් පසුවට..ජය වේවා!! අපේ මහේල ඇතුළු සියලු දෙනාට..(ස)
රුවන්ත Friday, 14 September 2012 02:41 PM
මේ සල්ලි හම්බ වෙන්නෙ කාටද ? .(ස)
මාලිංග Friday, 14 September 2012 08:57 PM
නියමයි. මම ඔවෙරේම යෝකර් දාන්නම්කො එහෙනං (දී)
සලාම් Friday, 14 September 2012 09:37 AM
ඇමති කෙනෙක්ගේ වැටුප වගෙයි නේද? (නි)
නිශාන්ත Friday, 14 September 2012 10:08 AM
සල්ලි කොතනද අපේ අය එතන....(ස)
කුරේ නාවලගේ Thursday, 13 September 2012 10:09 PM
ආ.... දැන් ඉතිං අපේ කට්ටිය ගහයි. (නි)