අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ‘සී’ කාණ්ඩයේ පළමු තරගය හෙට (18) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය. මුණවීර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරනව ද කියලා මේ දක්වා තීරණය කර නැති බවත් මුණවීර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරනවද කියලා තීරණය කරන්නේ අවසන් 11 දෙනා තේරීමෙන් පසුව බවත් අද (17) පස්වරුවේ පැවැති මාධ්‍යහමුවේදී ශ‍්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. මහේල වැඩි දුරටත් පැවසුවේ මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තුනේම සත්කාර රට ශූරතාව දිනාගැනීමට අපොහොසත්ව ඇති බවත් මෙවර එහි වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියත ජය පතමි. (නි)
මේ පාර දෙමු ඉන්දියාවට රිදෙන්න. (නි)
අපේ කණ්ඩායමට සුභ පැතුම් !! (ස)
දිනේවා! (නි)
සුභ පැතුම් සිංහ පැටවුනේ. අපට ආඩම්බරයි.. (ස)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිඑලයක්..(නු)
සුභ පැතුම්..!(නු)
ලංකාවට ජය නියතයි
එල එල මේ පාර දෙනවා වැඩේ...කාට නැතත් ඉන්දියාවට බැදගෙන ගහන්න ඕන.සුභ පැතුම් ශ්‍රී ලංකා (ස)
මහේල ඇතුළු අපේ කණ්ඩායමට සුභ පැතුම්....ජය වේවා............. (ස)
සුභ පැතුම්! (නි)
ශ්රී ලාංකීය සිංහයන්ට සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! 2011 ලෝක කුසලාන තරගාවලිය වගේ නම් වෙන්න එපා. (නි)