IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග 13 දා සිට ඇරඹෙයි

ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ ඉන්දීය පිලට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පෙරහුරු තරගය මේ මස 13 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෙරහුරු  තරගය මේ මස 15 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 18 වැනිදා පස්වරු 7.30 ට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ මස 26 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ලංකා කාන්තා පිල සහ පාකිස්තානු පිල අතර පුහුණු තරගය මේ මස 22 වැනිදා එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පළමු වරට සහභාගි වන අෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පුහුණු තරගය මේ මස 15 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  



අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග 13 දා සිට ඇරඹෙයි

වරුණ Monday, 10 September 2012 11:19 AM

SLPL වලට වඩා හොඳට තියේවි තරඟ ටික...(ස)

:       0       0

ශ්‍රිනිත ලක්චාන් Monday, 10 September 2012 12:38 PM

පුහුණු තරඟ ටිකත් tv එකේ පෙන්නුවොත් හොඳයි. .(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 10 September 2012 12:56 PM

ක්‍රිකට් මැච් ලෝකයක්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site