කි‍්‍රකට් කී‍්‍රඩාව යනු වෙලාවකට විලාසිතා සහ විවිධ ඉරියව් මවන කී‍්‍රඩාවකි. සමහර වෙලාවට රැවුල් වවාගත් කී‍්‍රඩකයන් දැකගත හැකිය. තවත් වෙලාවකට කොණ්ඩා විලාසිතා මෙන්ම රැවුල් විලාසිතා කරාබු මාල දාගත් කී‍්‍රඩකයන් දැකගත හැකිය. මෙලෙසින් කී‍්‍රඩකයින් මවන ඒ විලාසිතා පිටියට ගෙන දෙන්නේ වඩාත් ආකර්ෂණීය බවකි. මෙලෙසින් කලින් කලට එක් එක් කී‍්‍රඩක ඉරියව් අතරින් අද වැඩි දෙනා කතා කරන්නේ බටහිර ඉන්දීය සුපිරි පිතිකරු කි‍්‍රස් ගේ‍්‍රල් පසුගියදා ඉදිරිපත් කළ නර්තන රිද්මය ගැනයි. කොරියානු ගායක ‘ස්ප’ ලෝකයට ගෙනා ගංග් නම් වූ නර්තන රටාවට අනුව ගේල් විකට්ටුවක් ලබා ගත් පසු අපූරු නර්තනයක් පෑවේය. ඊට දිනකට දෙකකට පසු අපේ ශ්‍රී ලංකා කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් ද විකට්ටුවක් ලබා ගත් පසු එලෙස නර්තනයක් පෑවේය. මේ අපූරු රිද්මයන් සමග සැණකෙළි සිරි මැවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ අදයි. එලෙසින් අවසන් තරගය පැවැත්වෙන මොහොතේ ශ්‍රී ලංකා පිලට ජීවයක් වූ ජීවන් මෙන්ඩිස් එදා කළ ගංග්නම් නැටුම ගැන සහ තවත් විස්තර ඔහුගෙන් අපි විමසමු. ජීවන් කොහොමද අද ඔබට හිතෙන්නෙ ඇත්තටම හරි සතුටුයි. සෑහෙන කාලයකට පමණ පසු ශ්‍රී ලංකා පිලේ ස්ථාවර වීමට ලැබීම ගැන හරි සතුටුයි. ක‍්‍රිකට් හැර වෙන මොනවටද දක්‍ෂ? චිත‍්‍ර අඳින්න දක්‍ෂයි. ඒ වගේ සෞන්දර්යාත්මක දේවලට වඩාත් කැමතියි. ක‍්‍රිකට් නොගැහැව්වා නම්? එහෙම නම්, ගෘහ නිර්මාණශිල්පය වැනි අංශයක් තෝරා ගන්න ඉඩ තිබුණා එදා කළ ‘‘ගංග්’’ ඩාන්ස් එක ගැන මොකද හිතන්නෙ? ඇයි එහෙම කළේ? ඒක හිතලාම කළ දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ විකට්ටුවක් ලබාගත් සතුටට එහෙම කළා. ‘ක‍්‍රිස්ගේල්’ කළ නිසාද එහෙම කළේ? බටහිර ඉන්දීය ක‍්‍රීඩකයින් විනෝදයට හරි කැමතියි. එයාලා නිතරම විනෝදයෙන් ඉන්නෙ. හැබැයි මම එයාව අනුගමනය කළේ නැහැ. ගේල් මේ නැටුම ගැන ඔබට මොනවද කිව්වෙ? ආ...... බොහොම හොඳයි කිව්වා. කණ්ඩායමේ අය මේ නැටුම දිහා බලලා මොනවද කිව්වේ? එයාලත් සතුටු වුණා. මම හිතුවෙ මෙහෙම කළාම නරඹන්නන්ටත් සතුටක් දැනේවි කියලයි. ඇත්තටම නටන්න පුළුවනිද? බැහැ...... (පොළව ඇදයි) හිනා...... බිරිඳ මේ නැටුම ගැන මොනවද කිව්වෙ? එයාටත් හිනා. බිරිඳ ගැන ඔබට අද කොහොමද හිතෙන්නෙ? ගොඩාක් සතුටුයි. ඒ වගේ බිරිඳක් ලැබීම ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නෙ. බිරිඳ වැනේසා සහ පුතා සමග කාලය ගෙවන්න තමයි මම වැඩිපුර කැමති. විවේකයේ දී බල්ලන් නාවනවා කියන්නෙ ඇත්තද? ගෙදර සුරතලයට ඇති කරන ඒ සතුන් ආදරයෙන් රැක බලා ගන්න ඕනෑ. ඒ නිසා බල්ලො දෙන්නා නාවන කටයුත්ත මම කරන්නෙ ඉතා සතුටින්. ඊට අමතරව ගෙවත්ත ලස්සනට තියා ගන්නත් ආසයි. ගෙවත්තෙ වැඩත් ආසාවෙන් කරන්නෙ. කොට කලිසම අඳින්න ආසලූ නේද? ඒක හරිම සැහැල්ලූයිනෙ. කොට කලිසම ටී-ෂර්ට් එක අඳින්න හරි ආසයි. කොහොමද ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන සැලකිලි? ඉතා හොඳයි. මහේල, සංගා, ඩිල්ෂාන් වගේ ඔක්කොමලා කණ්ඩායමට ලොකු ශක්තියක්. කට්ටිය ඔබට කතා කරන්නෙ කොහොමද? ‘ජීව්’ කියලා. ‘ජීව්’ ඔබ කොහොම කෙනෙක්ද? මම හොඳ මිනිහෙක් කියලා අනිත් අය කියනවා අහන්න ආසයි. සෑම කෙනෙක්ම එක හා සමානව පිළිගන්න මම කැමතියි. හොඳ රැකගන්න ඕනෑ නිසා වැරදි කරන්න කැමති නැහැ. එහෙම නම් ‘ජීව්’ ඔබගේ ඉදිරිගමනට අපගේ උණුසුම් සුබ පැතුම්..... බොහොම ස්තූතියි. ආදරණීය ක‍්‍රීඩාලෝලී සැමටත් මම ජයම පතනවා.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවා ඕවත් නැටුම්ද කොල්ලෝ. අපේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ නටන නැටුම්නේ නැටුම්.(නදී)
ගංග්නම් නෙවේ එකට කියන්නෙ කොංඤොම් කියල. කොරියන් කාරයො "ක" යන්න ශබ්ධ කරන්නෙ "g" අකුරෙන්, එකයි මුලට g එන්නෙ. (ස)
මීට වඩා කල්පනාකාරී විය යුතුයි (ස)
රේනු මෙයාලා කවදාවත් දිනලා නැ දිනවලා තියෙනවා (ස)
සුබ අනාගතයක් වේවා !!!!!!!!!!! (ස)
නංගි ,මල්ලි හොඳින් ඉන්න.බුදු සරණයි (ස)
ලස්සනයි. (නි)
චරිත් පිස්සු කතා කියන්න එපා (ස)
ටීම් එකේ අයගේ නෝනලගෙන් ඔයාගේ නෝනා තමයි ලස්සනම මම හිතන විදියට (ස)
කුමාර ධර්මසේනගෙන් පසුව කණ්ඩායමට එකතුවුණ උනන්දුවා ඔබයි.. ජීවන් ඔබට සුභ අනාගතයක්..!(නු)
ඒ නැටුම නම් නියමයි
ලස්සනයි ....නියමයි
නියමයි (ස)
චරිත්, ශනි වගේ අය හිටියොත් අපේ රටට කවදාවත් දිනන්න බැරිවේ. හැමදාම පරදින්නත් බෑ, හැමදාම දිනන්නත් බෑ මොනවා වූණත් අපි අපේ වීරයෝත් එක්ක ඉන්න ඕනෑ. ඉන්දියාව වගේ නම් වෙන්න එපා අපි ලාංකිකයෝ අපටම කියලා ක්‍රිකට් සම්ප්‍රදායක් තියෙනවා. වීර කොල්ලන්ට සුභ පැතුම් (අ)
ජීව ඔයගේ පෙනුම ටිකක් සංගවගේ. සමහර වෙලාවට අපි රැවටෙනවා. සංගා කියල ඔයත් වමත් පිටිකරුවෙක්. අපිට උපුල් නැති වුණාට කමක් නෑ අපි දිනුවා වගේ. මොකද ගොඩක් අය කිව්වා ලංකාව අවසන් තරගයට එන්නේ නෑ කියල. (අ)
අපේ කට්ටිය ඔක්කොම හොදයි.. ඒ උනාට කුසලානය අපිට නැති උනානේ.. ඒකට දුකයි.. ඒ උනාට ජීවට ජය...!(නු)
20/20 ගැන කවුරු මොනවා කිව්වත් මටනම් කියන්න තියෙන්නේ නෝනා ලස්සනයි කියලා තමයි (ස)
චරිත්, ශානි වගේ අය ගැළපෙන්නේ ලංකාවට නෙමෙයි, ඉන්දියාවට. කිසිම දෙයක හොද පැත්ත දකින්නේ නැහැ. ඔයාලගේ නහයෙන් ඇඩීමම ඇති ලංකාවට පරදින්න.අපේ අය දක්ෂයි,ඒ නිසා තමයි අවසන් වටය වෙනකල්ම ආවේ. ක්‍රීඩාවට ජය පරාජය දෙකම පොදුයි.ජීවිතේට ක්‍රිකට් නොගහපු අය කියන දේවල් වලට අපි කේන්ති ගන්න වුවමනාවකුත් නැහැ. කොහොමත් අශුභවාදියෝ බුදුන්ගේ කාලෙත් හිටියනේ. (නි)
මෙය ඉතාම වර්ණවත් නැටුමක්. (නි)
ඔය වගේ කට්ටියම එදා බය නැතුව හිටියානම් මැච් එක දිනන්න තිබුණා (ස)
මම ඔය දෙදෙනාට හදවතින්ම සුභ පතනවා. (නි)
එදා නැටුම නම් නියමයි..!(නු)
චරිත් මෝඩයෙක්. (නි)
චරිත්, ශානි වගේ අය ගැළපෙන්නේ ලංකාවට නෙමෙයි, ඉන්දියාවට. කිසිම දෙයක හොද පැත්ත දකින්නේ නැහැ. ඔයාලගේ නහයෙන් ඇඩීමම ඇති ලංකාවට පරදින්න.අපේ අය දක්ෂයි,ඒ නිසා තමයි අවසන් වටය වෙනකල්ම ආවේ. ක්‍රීඩාවට ජය පරාජය දෙකම පොදුයි.ජීවිතේට ක්‍රිකට් නොගහපු අය කියන දේවල් වලට අපි කේන්ති ගන්න වුවමනාවකුත් නැහැ. කොහොමත් අශුභවාදියෝ බුදුන්ගේ කාලෙත් හිටියනේ. (නි)
ජීවන් . අපි ඔයාට ආදරෙයි .ඒ වගේම ඔයාගේ නෝනටත්....(ස)
විශිෂ්ට මනුස්සයෙක්. හැමවේලෙම ඉන්නේ සතුටින්. (නි)
චරිත් නම් මහ එපා කරපු මිනිහෙක්. (නි)
කමක් නැහැ ජීව්. ඔයා ඔයාගේ කොටස කළා. සුභ පැතුම්!
තනියම වගකියන්න බැහැනේ. (ස)
ඔයාගෙ නැටුම, ඔයාගෙ හිනාව හරිම සුන්දරයි. සුභ පැතුම්! (නි)
මම හිතන්නේ ගැන්ගම් නෙමෙයි 'මන්චම්' කියලායි (ස)
වාසනාවන්ත අනාගතයකට අපෙනුත් ආසිරි (ස)
ඒකත් මේ වගේම තමයි. (නි)
ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක්... ඔබට සුබ අනාගතයක්! (ස)
අනේ මේ මෝඩ ඩාන්ස් දෑම්මට වෑඩක් නෑ හලෝ ලකුනු 10ක් ගහගන්න බෑරිනම්. බොරු ශෝ විතරයි අපේ මිනිස්සුන්ගෙ, වෑඩ නෑ...ඒකයි අපිට තියෙන දුක.....දෑන්කනේ ඊයේ උන දේ.......උස්සො සුදුස්සෝ යට කොට පුස්සො වෑඩ දෙනව යමරෙට කියල කියන්නේ ඔන්න ඕකට...(ස)
මෙයා අනුන්ගේ ඩාන්සු කොපි කරගෙනනේ නටන්නේ . ඔබ හරි චරිත් . වැඩක් නෑ ලකුණු ගහන්න බැරි වුණානේ (ස)
ඔබ ගැන හරිම ආඩම්බරයි ,ඔබගේ අනාගතයට ජය ශ්‍රී (ස)
චරිත්, ඔයා ලාංකිකයෙක්ද? නැත්නම් කල්ලතෝනියෙක්ද? (නි)
ඔබ අපිට මැණිකක්.ශක්තියක්.සුබ අනාගතයක්! (ස)
ගැලපෙන ජෝඩුව (ස)
ඔයාගේ නෝනා ගොඩක් ලස්සනයි..මම එයාව කොහේදිහරි දැකලා තියනවා වගේ මතකයි ,(ස)
බිරිඳ ගොඩක් ලස්සනයි ,(ස)
චරිත්,අපේ ලංකාවේ ක්‍රිකට් විනාස වෙන්න ඔයාලා වගේ ප්‍රේක්ෂකයොත් එක හේතුවක්, දිනනකොට වගේම පරදිනකොටත් එයාලා එක්කම ඉන්න..ඉන්දියන්කාරයෝ වගේ ගහන්නේ නැතුව (ස)
අපි ඔයාට ගොඩක් ආදරෙයි, සුබ අනාගතයක් වේවා ,(ස)
සුරංගට මමත් එකගයි. (නි)
චරිත්, ඔහොම දොස් කියන්න එපා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ වගේම හැමදාම දිනන්නෙත් නැහැ. (නි)
අපි ඊයේ රාත්‍රියේ අපේ අයගේ නැටුම් ටික හතරවැනි වතාවටත් දැක්කා. බොහොම ස්තූතියි. (නි)
ක්රිකට් යෝධයො කියලා මාධ්‍ය වලින් පුම්බපු කට්ටිය ආපහු ඉගිලෙන කොට අනුශූරතාවය වත් අපෙ රටට ලබා දුන් ඔබලාට ස්තුතියි. මේ පාර දිනයිම කියල තමා රටම හිතුවෙ.ඒත් නොසිතුව විදිහට අපිට නවතින්න සිදු වුනා. ඉන්දියාවෙ ෆෑන් ල වගෙ අය මේකෙ මෝඩ කොමෙන්ට්ස් දැම්මත් අපෙ කණ්ඩායම විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළටම එන්න පුලුවන් උනා. 2015දි ඔබලාට ජය. (අ)
නිතරම සතුටින්. ජය එතනයි. (නි)
චරිත්, ශානි, අදහසක් හරියට ප්‍රකාශ කරගන්න දන්නේ නැත්නම් කරුණාකරලා කට පියාගෙන ඉන්නවද? (නි)
මල්ලී, අපේ රටේ ඉන්නෙ බැරිවෙනකොට බණින ප්‍රේක්ෂකයන්. ඒ නිසා ඒවා ගැන වැඩිය හිතන්නේ නැතුව හොදින් පුහුණූ වෙන්න. (නි)
චරිත් සහ ශානි අනිත් අයට ඊරිසියා කරන්න එපා.. ඔවුන් කරන දෙය අගය කරන්න පුරුදුවන්න..!(නු)
කවුරු මොනවා කිවුවත් වෙච්ච දේ වුණා ඒක අපෙ අවසනාව, මෙන්ඩා හොඳයි. නැටූම හොඳයි වැඩ මදි.?(ස)
අතපත්තු, අනුර එල්.එස්... අපිත් ආසයි අපේ රට දිනනවට. ඒත් හෑමදාම වෙන්නේ මොකක්ද? පරදිනවා.....පරදින එකත් පරදින්නේ දුකක් නොදෑනෙන්න නෙමේනේ, ඈඩෙන්න. දක්ශයෝ වගේ තරග කරලා පෑරදුනානම් දුකක් නෑ..ඉස්කෝලේ ලමයිවත් ඔය වගේ සෙල්ලම් කරනවද? මිනිස්සු දහස් ගානක් බලාගෙන හිටපු ජය කාටවත් දෙන්න පුලුවන් උනාද? බෑ නේද? බොරු ඩාන්ස් දෑම්මට වෑඩක් නෑ....ඕන වෙලාවට ලකුනු 10 ක් ගහගන්න බෑරිනම්...අන්න එකයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. වෑඩ දාලා නැටුම් දැම්මට කමක් නෑ...වෑඩ නෑතිව නැටුම් දානකොට තමයි දුක.දක්ෂයෝ ගෙදර, අදක්ෂයෝ ගිහින් ගම කනවා....මේ රටේ හෑම තෑනම වෙන්නේ ඒක නිසයි අපි හෑමදාම එකම තෑන, " උස්සො සුදුස්සෝ යට කොට පුස්සො වෑඩ දෙනවා යමරෙට, සෙතක් වෙයිද එහෙම රටකට‘‘(නු)
දුකයි ,දුකයි බනින්න එපා අනේ ඇඩෙනවා. කැතවිදියටනේ පරාද වුණේ ..එකදිගට අනුශූරයෝ වෙන්න පුළුවන් කාටද ? ඒකත් ලෝක වාර්තාවක් (ස)
ඔබගේ නැටුම නියමයි ජීව්. ඔබ අපිට ආඩම්බරයක් . ඔබට සුභ පැතුම්! (නි)
තරහා වෙන්න එපා කිවුවට. මේ දෙන්නගේ ගැළපීමක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
දිනනකොට වගේම පරදිනකොටත් අපි අපේ කොල්ලෝ එක්ක ඉන්නවා. (නි)
අපේ කොල්ලෝ හොදයි.ජය වේවා! (නි)
අපේ කණ්ඩායමේ ජීව් ඇතුළු කිසිවෙකුට කිසිම දුකක් අත්වෙන්නේ නැහැ කවදාවත්. ඒ අයට දිනුවත් එකයි. පැරදුණත් එකයි. (නි)
ආපෝ! අන්තිමයි. (නි)
චරිත්, ශානි, මෙයාලා විස්සයි විස්ස කුසලානය ගත්තා නම් ඔයාලා ඔහොම කියන්නේ නැහැනේ .එහෙමනම් ඔයාලා කියයි නියමයි කියලා නේද. හැමෝම හැමදාම දිනන්නෙත් නැහැ පරදින්නේත් නැහැ. කෙනෙක් ජය ලබන්නේ තව කෙනෙක්ව පරදවලා. දෙගොල්ලන්ටම එකම වෙලාවේ දිනන්න බැහැනේ නේද ? (නි)
නෝනා ලස්සනයි, කට්ටියගෙන් බේරගන්න.....(ස)
අවසන් තරගයේ කරපු ලොකුම වැරැද්ද වුණේ තරඟාවලියම අංක 4 ස්ථානයේ සාර්ථක වුණ ජීවන් වෙනුවට මැතිව්ස් යෙදවීම. සාමාන්‍යයෙන් එයා මුලින් ලකුණු ගන්න ප්‍රමාද වෙනවා. එදා ජීවන් අංක 4 ට ආවා නම් ඔය දුවද්දී දැවීයාම් දෙක වෙන්නෙත් නැහැ. (නි)