නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවමින් ජනතා විශ්වාසය කඩකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
විසි වැනි සංශෝධනය සම්මත කිරීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසි වැනි සංශෝධනයට පෙර විශ්වාසභංගයක් ගෙන එමින් ආණ්ඩුව විසුරුවාහැරීමට කරන උත්සාහය ද එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම කඩා කප්පල් කිරීමක් බව ද වර්ණසිංහ මහතා කීවේය.
කැබිනට් මණ්ඩලයේ දී නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධව අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ වැඩ පිළිවෙළ ඉතා පිළිකුල් සහගත බව කී වර්ණසිංහ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ උත්සව අවස්ථාවලදී එසවීම සඳහා කොඩියක් නිර්මාණය කිරීමට කාරක සභාවක්ද මොකක් ද පත් කිරීමට යන බව ආරංචි .කොටියෙකුට සහ ඔටුවෙකුට බියෙන් සැලෙන සිංහයෙක් සිටින කොඩියක් නම් නිර්මාණය කිරීමට ඉඩ නොතබන්න. (බ)
දන්නේ නැති නිසා අහන්නේ මහත්තයෝ....ඇත්තටම අත්සන් කියක් විතර දාන්න පුළුවන් වේවිද හෙළ උරුමෙන්..(හේ)
හෙළ උරුමය මුලින්ම ඡන්දේ ඉල්ලුවේ ධර්ම රාජ්‍යක් උදෙසානේ. කෝ මොනාද ඒ වෙනුවෙන් එ කලේ. (හේ)
අනේ යන්න අනේ යන්න. 18 ට අතයි, කකුලයි, වලිගෙයි තුනම උස්සල දැන් එනවා කතාකරන්නත්.(ම)
ශ්‍රී ලංකාවේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ . තර්ජන ගර්ජන වලට බයේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. (ම)
අපිත් එකතුවෙනවා ඔබ සමඟ (නි)
"තොටිල්ල පදවන අත (හෙළ උරුමය) ලොව ආණ්ඩු කරයි" එහෙත් තනිව ඉල්ලුවොත් ගෙදර. (ස)
දැන් හෙළ උරුමය කියන්නේ ලැබෙන ගතමනාවට අනුව ක්‍රියාත්මක වන කණ්ඩායමක් බව රටේ ජනතාව දැන ගත යුතුය. (බ)
කවුරු කරලා හරි මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි.විවේචනය කරනවට වඩා කරන හොඳ වැඩකට සහය දෙන එකයි වටින්නේ (නි)
ඔබතුමාලගේ පක්ෂෙට දෙවිපිහිටයි. මොකද මේ රට නිදහස් කරපු ණයට ගරහන නිසා (බ)
ඔය හෙළ උරුමෙ නඩය තනියම එන්නකො මැතිවරණෙකට ඔයාලගෙ තරම ඔයාට පෙන්නනල දෙන්න.. 19 වැනි සංශෝධනය දියාරු කරල ජනතා අපේක්ෂා විනාශ කළේ මේ අය. චම්පික ව්‍යවස්ථා දායක සභාවෙ ජනාධිපතිතුමාගෙ නියෝජිතය වුනේ කොහොම කියන එකත් ප්‍රශ්ණයක්..(බ)
මෙයාලගේ පක්ෂය දැන් දියරුවෙලා ගිහිල්ල. මේ සැරේ එක මන්ත්‍රී ධූරයක්වත් ලැබෙන්නේ නැහැ. සිංහලයන් වෙනුවෙන් පෙනී සිටිමින් සිංහල ජාතිය වනසනවා. මෙයාල දැන් සෝම හාමුදුරෝව මතකත් නැහැ (බ)