මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කළ කිසිම කණ්ඩායමකට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මග හැර මහ මැතිවරණයක් ඉල්ලීමේ අයිතියක් නැතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (3) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රමාණාත්මකව සාකච්ඡා නොවූ බවත් එයින් සුළු දේශපාලන පක්ෂවලට අසාධාරණයක් වන බවට ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
(වීඩියෝ දසුන් සහිතයි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දක්වා ඇති අයගේ දේශපාලන දැනීම ගැන බලවත් කනගාටුවක් දැනේ. (ර)
මේ රටේ ප්‍රශ්න තවත් අවුලෙන් අවුලට යාවී,රටේ සෑම පුද්ගලයෙකුගේම ඡන්ද වලට වලංගුභාවයක් තිබිය යුතුයි. කිසිවෙකුට කිසිදු අසාධාරනයක් සිදුනොවිය යුතුයි. 20 හරහා ඔබතුමන්ලාට කිසිදු ප්‍රශ්නයක් මතුනොවන බව පැහැදිලියි. නමුත් අනෙක් අයට ......? (නි)
පළමුව 20. දෙවනුව මැතිවරනය. ඔබතුමා හරි. (ර)
මෙයාගේ බොරු (බ)
අපරාදේ මෙයාට දුන් අපේ ඡන්දය! (නි)
බොරු කිය කියා රට කන අපේ දේශපාලනය! (නි)
ඔක්කටම ඕනෑ වුණේ මහින්දව ගෙදර යවන එකනේ. ඔය කට්ටිය 2009 ඉස්සර ඉල්ලුවෙත් මහින්දගෙන් ගෙදර යන්න කියලද? නැත්නම් පණ බේරලා දෙන්න කියලද? මොනවා වුණත් අපිට පාරේ බැහැල යන්න පුළුවන් විදියට රට හදපු එක අමතක වුණාද? (නි)
අපට අවශ්‍යය ජනතාව වගකියන මැතිවරණ ක්‍රමයක් නොවෙයි, මහජන නියෝජිතයෝ පිරිසක්. මැතිවරණ නීති හා ව්‍යවස්ථා කොපමණ වෙනස් කළත් මැති සබයට හැමවිටම රිංගන්නේ රට කෑ කබැල්ලෑවෝම නම් රට හැමදාමත් අඳුරේ. (නි)
මෙයාට ලබන ඡන්දෙදි ඇපත් නැතිවෙන්න අපි දෙනවා. (නි)
20 මේ පාර්ලිමේතුවෙන් සම්මත කරගන්න බැහැ. දැක්කනෙ 19 දියාරු කරපු හැටි. පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා 2010 ජනමතය වෙනුවට අද ජනමතය නියෝජනය වෙන අලුත් පාර්ලිමේතුවක් පත්කරගෙන ඉඳිමු. (නි)
දැන් නම් කතා ඇති හොඳටම (නි)
20 ගැන හිතනවා වගේම ව්‍යවස්ථාදායක සබාවට පත් කරලා ඉන්න අය ගැනත් සිතන්න. විශේෂයෙන් සිවිල් සාමාජිකයන් ගැන. (ර)
ජාඩියයි මුඩියයි වගේ මේ දෙබෑයෝ මොනවා කිවුවත් සිදුවිය යුතුදේ හරියට වේවි. (නි)
ඔබතුමන්ලා කියනවා අපි අහනවා. අපහු නම් විශ්වාස කරන්නේ නෑ ඔබ තුමන්ලව අපි. මහින්දව ගෙදර යවනව ඇරෙන්න රටක් හදන්න වැඩපිළිවෙලක් ඔබ තුමන්ලට නොතිබ්බ බව දැන් නම් හොදටම පැහැදිලියි. (ර)
මහින්දව ගෙදර යවපු එකත් ලොකු දෙයක් තමා මහත්තයෝ (කේ)
ආඩි හතේ කැඳ හැලිය. (ස)
හෙළ උරුමයට තවම තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා කා එක්කද එකතු වෙන්නේ කියන එකට. ඉතින් මෙයාලට ඕනේ තව ටිකක් කල් ගන්න එහෙම නැතුව 20 ට ඇති අමුතු ආදරයක් නෙමෙයි මේක. (ර)
මේ තමයි ලැජ්ජාවේ සංකේතය. (ර)
අපිට නම් පෙනෙන්නේ ඔබ ජාතියන්තර බලවේගවල දේශීය නියෝජිතයා වශයෙනි . රට ගොඩනගන ක්‍රමවේදයක් ඔබ තුල දැකිය නොහැක,හැමවිටම ඔබ සිත තුල ඇත්තේ කිලිටු පළිගැනීමේ සහ ක්‍රොධ උපදවන සිතුවිලි පමණි. එය පසුගිය කාලය තුළ මානව පැහැදිලිවිය.(කේ)
මෙයාට ලබන ඡන්දෙදි ඇපත් නැතිවෙන්න බව දැනගෙන ඡන්දය කල් දාන බවකු පෙන්නේ...අපහු ඇමතිකම් නැනේ..............(ම)
කවින්ද කියන දේ අපට තැන තැන නීති ඇහෙනවා. රටේ ජනතාව මෝඩ නැති බව මේ ඩබල නිතරම කියනවා. ඒක ඇත්තක් බව මීළඟ ඡන්දෙදි මෙයාලම පසක් කරගනීවි.(ම)