නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට විරුද්ධ වන්නේ මහජනතාවට පරම සතුරු මහජන නියෝජිතයන් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයෙන් පසුව ජනතාව ඉල්ලූ දේශපාලන ප්‍රතිසංස්කරණ අතර ඔවුන්ට වඩා දැනුණු ප්‍රතිසංස්කරණය වූයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණය යැයි ද විජේසූරිය මහතා මෙහිදී පැවසීය.
පසුගිය කාලයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ ද සිවිල් සංවිධාන කළ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස බව කී විජේසූරිය මහතා රටේ දේශපාලන සදාචාරය වෙනුවෙන් හා රටේ ඵලදායි සේවයක් සඳහා මහජන නියෝජිතයන් පත් කර ගැනීමට ජනතාවට ඉඩක් තිබිය යුතු යැයි ද ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධනීය සමාජ වෙනසක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විසිරුණු ස්වභාවය අද දවසේ අප මුහුණ දෙන ප්‍රධාන ම ගැටලූවයි. මහින්ද රාජපක්ෂ පසුපස යන අයුතු ජනරාශිය සුපුරුදු අතාර්කිකත්වයෙන් සිය පැරණි ඒකාධිපතියා පසුපස කුරගාමින් සිටිති. ප්‍රගතිශීලී ජනතා බලවේගය සිය අභිමතාර්ථ පැහැදිලි කරගත යුතුව තිබේ. මෙතැනින් ඉදිරියට යන්නට අප කළ යුතුව තිබෙන්නේ කුමක් ද යන්න ගැන සාකච්ඡුාවක් සිදුවිය යුතු ය. ඒ අනුව අප දේශපාලනය කළයුත්තේ කුමන අරමුණක් වෙනුවෙන් ද යන්න පැහැදිලිව නිර්වචනය කර ගත යුතු ය. මෙහිදී ඉදිරි මහ මැතිවරණය ඉතා වැදගත් ය. රාජපක්ෂ ක්රමය මුළුමනින් ම පැරදවීමට නම් රාජපක්ෂ ක්රමය තවදුරටත් ඔසවාගෙන යන්නට වෙර දරමින් සිටින දේශපාලන බලවේගය තීරණාත්මක ලෙස පරාජය කළ යුතු ය. රාජපක්ෂ ක්රමයේ පදනම වන අප ඉහත විස්තර කළ රාජපාක්ෂික සමාජ පැළැන්තිය පුනරුත්ථාපනය කිරීම ඇරඹිය හැක්කේ එතැනිනි. වෙනස ස්ථාවර කළ හැක්කේ ඒ වෙනුවෙන් මහජන අරගලය ශක්තිමත් කිරීමෙන් පමණි. (බ)
අපිත් 20 ට එකගයි..නමුත් ශාමන්ත ලොක්කගේ කතාවටනම් එකග නැහැ..අපිත් හිටියේ මේ රටෙනේ..මේ රට සෝමාලියාවක් වෙන පාටක්නම් අපිට පෙනුනේ නැහැ.අපි දැක්කේ ත්‍රස්තවාදයෙන් නිදහස් වුනු මිනිස්සු මරබිය නැතුව ජිවත් වුනු අපේ දු දරුවන්ට දකින්නට හෙටක් තිබුනු සංවර්ධනයේ අරුනලු දැකපු ලස්සන රටක්...හැබැයි මේ යහපාලානේ තිබුනොත්නම් මේ රට රටවල් දෙකක් වෙලා අපේ පැත්ත සෝමාලියාවක්නම් වේවි ස්ථිරව..(බ)
උපුල්! මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ කර ඇත්තේ ඉතා රසට පිසන ලද ආහාරයක් වැළඳීමක්. අනුන් විසින් ඉවත දමන ඉඳුල් වල ඇති බත් ඇට පමණක් ආහාරයට ගෙන උපුල් ගත් ආහාරයට වඩා රසයි කියල කියන්නේ තවත් මනුෂ්‍යයින් ද නැතිනම් සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හිමියන් සඳහන් කරන අන්දමේ "උළු කැඳක් හෝ නොලබා පිලිකන්නේ බලා සිටින" සත්ව කොට්ඨාශ යක්ද කියල උගත් පාඨකයින් පිරිස හොඳින් තේරුම් ගනීවි. (නදී)
උපුල් ඔබ මොනවද මේ දොඩවන්නේ? සිහිවිකල් වෙලා වගේ. රාජපක්ෂ යුගයේ කරපුවත් දැන් විනාශ කරලා ඉවරයි මේ දින 100. එම යුගයෙන් ඔබට සහ ඔබේ දරුවාට පැහැදිලි අනාගතයකට පාර කැපුවා මිස අගාධයකට ගෙන ගියේ නැත. කරුණාකර වපර ඇසින් නොබලන්න. (බ)
උපුල් වගේ කට්ටිය ගේ ලස්සන වචන වලට රැවටීල තමා මිනිස්සු පසුගිය පාලනය පෙරලා දැම්මේ.අපි එක හරි කියමුකෝ.පොඩ්ඩක් හැරිලා බලමු පසු ගිය මස තුන දිහා.ලෝකේ වටේ දුව දුව විපක්ෂය දඩයම් කරන එක ඇරෙන්න කල මහා ලොකු දෙයක් තියනවද ..කමක් නෑ හොරු අල්ලන්න පොරොන්දු දුන්න නිසා එක ඉටු කරනවා කියල කියමුකෝ..එත් මිනිස්සු ඡන්දෙ දුන්නේ ඉතුරු වැඩ ඔක්කොම නවත්තනද ...මම හිතන්නේ නෑ. ඒ පැත්තෙන් මේ ආණ්ඩුව මේ රට ආපස්සට හරවා තියෙන්නේ.(අ)
උගත් මහත්වරුනි අද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම අංක එක මහජන මිතුරන්ද, වැඩිම හරියක් කරන්නේ තමන් යැවූ ජනතාව මතක් කර තම කොටස වැඩි කර ගන්න එකනේ.(ම)
මෙතුමා වැනි උගත් නුවනැත්තන් පෙරට පැමිණිය යුතු කාලයි. (අ)
විස්සට පරවන්න. (ස)
කුෂාන්, ඔබ වැන්නවුන්ට මම අනුකම්පා කරමි. මන්ද මා අදහස් පළකරන්නේ ඔබ වෙනි අඳබාලයන්ට නොවන නිසාවෙනි (නි)
20 සම්මතකර නව ඡන්ද ක්‍රමයට ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තියමු (නි)
ආකර්ශනීය තරුණ නායකත්වයක් ගොඩනඟමු (නි)
උපුල් රැස්වීමට ගියේ නැ්දද? (නි)
උපුල් ඉතින් පරද වන්න. ඔයාගේ අදහස් දැක්වීමෙන් ම පේනවා ඔය කොතරම් ඥානවන්තද කියලා. ජනාධිපතිවරනෙදී ඔයාලා සමහරුන්ගේ වෛරයෙන් දිනා ගත්තත් මහා මැතිවරණෙත් එහෙම වෙන්නෑ. ඔයාලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කාරනව. අනික් පැත්තෙන් විරුද්ධ මත මැඩ ළඟට කතා කරනවා. ඔව් අපිට හොඳට මතකයි කොහොමද ඔයාලා 1977-1992 වෙනකල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළේ කියලා. (බ)
යහපාල තාම මහින්දට කඩේ යනවා. (නි)
අගමැති තුමා ගැන කළ ප්‍රකාශයක්ද ? (නදී)
ඉතාම නිවැරදි ප්‍රකාශයක්. මහජනතාවට සහ සිවිල් සමාජ වලට විශාල වගකීමක් තියනවා දැන් තියන මනාප පොරය නවත්වා දැන් ඉන්න බහුතර හොරු ,තක්කඩි,සුදු වෑන් කාරයන්ව පන්නා දැමීමට. (නදී)
ඔබතුමා ගැන තිබුන පැහැදීම නැති උනා දේශපාලනයට සම්බන්දවීමත් සමගම (නදී)
20 සංශෝධනය වෙනුවෙන් සියලුම ප්‍රගතිශීලී බලවේග, ජනතාව සමඟ පෙළගැසිය යුතුයි. ඊට විරුද්ධව සිටින ජවිපෙ ඇතුළු සියල්ලන් පරාජය කළයුතුයි. (නි)
2009ට පෙර මේ රට පැවති තත්ත්වයත් අද පවතින තතත්වයත් සංසන්දනය කළාම යහපාල හරි බව හිතෙනවා. (කේ)
විජයබාහු, මෙතුමා හොරුන්ට සම්බන්ධ වුණා නම් ඔබතුමා හොදට පැහැදේවි නේද? නිකම් කුහක වෙන්න එපා. (ම)
මොහාන්, හරියට හරි, හොරු එක්ක හිටිය නම් විජයබාහුට සන්තෝස හිතේවි. (ම)
විජයබාහු,එතුමා එක එකාට කඩේ යන මනුස්සයෙක් නෙවෙයි.එතුමා හැම වෙලාවේම කතා කරන්නේ සත්‍යය.(ම)
20 වෙනි සංශෝධනයෙන් ඒ.ජා.ප යට ඔය හිතන තරම් පාඩුවක් වෙන්නේ නැහැ. රටට සෙතක් වීමට අනිවාර්යෙන්ම 20 සම්මත කළ යුතුම වෙනවා. ඒ වගේම මෙම සංශෝධනයෙන් පසු පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය විය යුතු වෙනවා. (ම)
රනිල් කියන්නේ ඉතා කල්පනාවෙන් වැඩකරන කෙනෙක් (නි)
විජයබා, ඔබ නම් විජයබා වෙන්න බෑ. අද අපේ රට තවත් සෝමාලියාවක් වෙන්න ගිය එක නවත්වා ගන්නට උර දුන්නේ මේ වගේ උත්තමයින්. (නදී)
සර් දේශපාලනය කතාකරයි කියලා මාත් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙන මොනවාවත් නිසා නොවෙයි අනිත් පැත්ත පෙරලුනු දවසක සර්ට මිනිසුන් බනනවා මට බලා ඉන්න බැරි නිසා.(ම)
ගම්පහ සමුපකාර හොරකම් නවතීද මේකෙන් (ම)
මෙයත් කුලියට කහින කෙනෙක් වගේ. උපාධියේ නම්බුව තියන්න.(ම)