IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විස්ස පස්සට යනවා නම් ඡන්දය ඉල්ලයි

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් ඊට පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබෙන්නේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා ඡන්දයකට යන්නැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ බ්‍රහස්පතින්දා (04) රාත්‍රී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා සිටියහ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට වෙහෙසුණු සිවිල් සංවිධාන නියෝජිතයන් හා ජනපති අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත්වරු ද ඊට සහභාගී වූහ.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මුදුළුවාවේ සෝභිත සහ  පිවිතුරු හෙටක් සංවිධානයේ අතුරලියේ රතන හිමිවරු ද, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් ද එම සාකච්ඡාවට පැමිණ සිටියහ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය පරිදි සම්මත කර ගැනීමට නොහැකි වූ බවත්, එය සම්මත කළේ වෙනස්කම් රැසක් ඇතිව බවත්, එමගින් පිහිටැවුණු විධායක සභාවේ සාමාජිකයන් පත්කිරීම පවා පාර්ලිමේන්තුවේ ඉඩ නොදෙන බවත් සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

එවන් තත්ත්වයක 20 වැනි සංශෝධන ද දියාරු තත්ත්වයකින් සම්මත කරීමට යන්නේදැයි සැකසහිත බවත්, 20 සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් පාර්ලිමේන්තුවේ ඊට ඉඩ නොදෙන්නේ නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණයකට ගොස් ඉන් පත්වන ආණ්ඩුව මගින් එය කර ගය යුතු බවත් ඔවුහු පැවසූහ.



අදහස් (0)

විස්ස පස්සට යනවා නම් ඡන්දය ඉල්ලයි

චන්ද්‍රා Friday, 05 June 2015 08:08 AM

විස්ස ආවොත් කුඩු රජාල එන එක නවත්වන්න පුළුවන්. නමුත් රට කරවන කවුරුත් මේකට උනන්දු නැහැනේ.රට කරවන ඔක්කොම කියන්නේ ඡන්දයක් ඕනි කියල. අපරාදේ අපේ ජනවාරි 8 ඡන්දෙ. (ස)

:       0       0

ප්‍රියදර්ශන Friday, 05 June 2015 11:30 AM

විස්ස සංශෝධනය කළේ නැත්නම් ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ සංශෝධනය කළයුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site