20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් ඊට පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබෙන්නේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා ඡන්දයකට යන්නැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ බ්‍රහස්පතින්දා (04) රාත්‍රී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා සිටියහ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට වෙහෙසුණු සිවිල් සංවිධාන නියෝජිතයන් හා ජනපති අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත්වරු ද ඊට සහභාගී වූහ.
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මුදුළුවාවේ සෝභිත සහ පිවිතුරු හෙටක් සංවිධානයේ අතුරලියේ රතන හිමිවරු ද, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් ද එම සාකච්ඡාවට පැමිණ සිටියහ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය පරිදි සම්මත කර ගැනීමට නොහැකි වූ බවත්, එය සම්මත කළේ වෙනස්කම් රැසක් ඇතිව බවත්, එමගින් පිහිටැවුණු විධායක සභාවේ සාමාජිකයන් පත්කිරීම පවා පාර්ලිමේන්තුවේ ඉඩ නොදෙන බවත් සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.
එවන් තත්ත්වයක 20 වැනි සංශෝධන ද දියාරු තත්ත්වයකින් සම්මත කරීමට යන්නේදැයි සැකසහිත බවත්, 20 සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් පාර්ලිමේන්තුවේ ඊට ඉඩ නොදෙන්නේ නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණයකට ගොස් ඉන් පත්වන ආණ්ඩුව මගින් එය කර ගය යුතු බවත් ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්ස ආවොත් කුඩු රජාල එන එක නවත්වන්න පුළුවන්. නමුත් රට කරවන කවුරුත් මේකට උනන්දු නැහැනේ.රට කරවන ඔක්කොම කියන්නේ ඡන්දයක් ඕනි කියල. අපරාදේ අපේ ජනවාරි 8 ඡන්දෙ. (ස)
විස්ස සංශෝධනය කළේ නැත්නම් ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ සංශෝධනය කළයුතුමයි. (නි)