ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ලේකම් බැන්කී මූන් මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග පැවැති දුරකතන සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
නව මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා 20 වැනි සංශෝධනයට ඇතුළත් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
බැන්කී මූන් ජනපති සමඟ පැවැති දුරකතන කතාබහේ දී පැවසුවේ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීමට ජනපති ගන්නා උත්සාහය අගය කරන බවයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතී ගත කිරීමට ජනපතිවරයා කැපවීමෙන් හා වගකීමෙන් දුන් ප්‍රතිඥාව ඉටු කිරීම ගැන ද බැන්කී මූන් ජනපතිට සිය ප්‍රශංසාව පළ කර ඇත.
වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය නීති ගත කර ගැනීම සදහා තමා වෙහෙසෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති බැන්කී මූන්ට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ජාතීන්ට ඉඩදී ලොකු ජාතියට හැමදා ජාති දැමීමට හැකියාවක් නොලැබේ. සියලුම නාටක හොඳ සිංහල නායකයකු පත්වනතුරු පමණි. (නි)
රාජපක්ෂ මැතිතුමා පොලීසියට ස්වාධීනව රාජකාරිය කරන්න අවශ්‍ය පරිසරය සකස්කළේ නැහැ. එමනිසා එතුමාට අද මේ තත්වයට පත්වෙන්න සිදුවුණා වගේම අනාගතයේ ඇතිවන තත්වය අපිට තේරුම් ගියා. නමුත් රජයට එය තේරුම්ගියේ නැහැ. ජනවාරි 8 වෙනකොට මමත් හිටියේ රාජපක්ෂ මහතා එක්වරක් පරද්දන්න ඕනෑ කියන මතයේ. හේතුව එතුමාට යමක් ඉගෙනගන්න. නමුත් මින් ඉදිරියට මම ඇතුළු සියලු දෙනා සහාය දක්වන්නේ එතුමාට පමණමයි. එතුමාගේ ඉදිරිය පැහැබර වේවා යන්න මගේ පැතුමයි (නි)
සාමහරක් මෙතැන කොමන්ට කරලා තියෙනවා බැංකි මූන් කොටියා ගෙන්න හැදුවලු. ඒ අයගේ ලෝක දැනුම තමා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තමා ලෝකයේ ත්‍රස්ථවාදයට විරුද්ධව වැඩිපුරම ක්‍රියා කරලා තියෙන සංවිධානය. මේ අයට ලංකාවේ සිංහල දෙමල වෙනසක් නෑ, ඔක්කොම ශ්‍රී ලාංකිකයො. දැන්වත් ඔය සිතුවිල්ල අහක්කර ගන්න. (ර)
නාමල්, එහෙනම් ඔයත් ශ්‍රී ලාංකිකයෙක් නිසා පුළුවන් නම් යාපනෙන් ඉඩමක් අරගෙන පෙන්වන්න. මම සල්ලි දෙන්නම්! කඩේ ගියාට රටේ තත්වය ගැන අවබෝධයක් තියාගනම කඩේ ගීයා නම් තමයි හොඳ! (නි)
අපි ඒ කාලේ ෆුට්බෝල් හරි හොකී හරි සෙල්ලම් කරන්ට ඕනෑ වුණාම පිට්ටනිය කරගන්නේ අනුන්ගේ පුරන් කුඹුරු හෝ කමත්. ඒවායේ අයිතිකාරයා නීතිකාරයෙක් නම් සැර නම් අපි ඒ පැත්තටවත් යන්නේ නැහැ. අයිතිකාරයා එහෙම නැත්නම් නම් අපි හිටු කියලා සෙල්ලම් කරනවා. වටේම තිබෙන අඹත් කඩාගෙන කනවා.මට නිකමට වගේ මේ වෙලාවේ ඒ සිද්ධි මතක්වුණා (නි)
මහින්ද මොවුන් හමුවේ කොන්ද කෙලින් තියන් වැඩකළ නිසා තුති පුදන්න කතා කරලා නැහැ. (ම)
මෙයාලට ලංකාව ගැන ඇහැගහගෙන ඉන්නවට වැඩිය වෙන වැඩක් නැහැ. (කේ)
ඔබේ අදහසට සිය දහස් වරක් මේ නිමලා ගෙන් ස්තුතිය, පින්.! (ර)
කොටින්ගේ පැත්ත ගෙන එදත් වැඩ කළ අදත් වැඩ කරන අය ගැන කියන විට රිදෙන අයට නරකද., කොටි බලය තිබුණු ප්‍රදේශයක මන්ත්‍රී කෙනෙක් වෙලා ම අපිට දොස් පවරනවානම්. නැතිනම් ව්‍යාපාරයක් කරලා පෙන්වන ව නම්..(ම)
එදා කොටියාට හුළං ගහපු එක්කෙනෙක් තමයි බැන්කි මූන් කියන්නේ.මේ රට බෙදා වෙන්කරන්න කොටියාටම උදව් කළා.මහින්ද මහත්මා වැනි අභීත නායකයෙක් මොවුන්ට හරි ප්‍රශ්නයක් වුණා.එදත් මහින්ද මහත්මාට එරෙහිව කටයුතු කළා.අදත් ඒ ටිකම කරනවා. (නි)
මොන ලොක්කන් වුණත් මේගොල්ලෝ මහා කොටියා බේරාගැනීමට තැත් කළ අය.ජාතින් අතර සාමය නොතිබිය යුතුයි යනුවෙන යමෙක් කියනවා නම් ඔහු යුධ පිස්සෙක්.නමුත් ජාතින් අතර සමගිය කියමින් ප්‍රධාන ජාතියේ අයිතිවාසිකම් බිල්ලට දීම වැරදියි.ජාතින් අතර සමගිය ගැන පාඩම් කියා දියයුතු වෙනත් ලොකු රටවල් ඕනෑතරම් තිබෙනවා. (නි)
අනේ එයාලගෙන් අපිට වැඩක් තිබෙනවද? (නි)
බෑන්කීට මොකක්ද තිබෙන අමාරුව ලංකාවේ ව්‍යවස්ථාව ගැන? (නි)
ජාතීන් අතර සමගිය අවශ්‍යයි.නමුත් ලංකාවේ සිංහලයන්ට පමණක් ශ්‍රී ලංකාව තුළ තමාට අවශ්‍ය ප්‍රදේශයක ඉඩමක් ගෙයක් මිලදී ගැනීමට නොහැකියි. විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවලදී ඒ ප්‍රදේශවල සිංහල ජනපද ඇතිකළ නොහැකියි.ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන් ජීවත්වෙන ප්‍රදේශවල ඇති පෞරාණික බෞද්ධ වෙහෙර විහාරවල ඉඩම් ඒ අය බලෙන් තම ග්‍රහණයට නතුකරමින් සිටී.තව බොහෝ දේ ඇත සිංහල අපි මේ දේවල් කතාකළොත් ජාතිවාදීන් කියා කියාවි.සිංහල අපිට සාධාරණයක් කරන්න කතාකරන්නේ කවුද,ඉන්නේ කවුද? මේවා කියවන දකින අපේ හිත්වලට එන වේදනාව දන්නේ රටට බෞද්ධාගමට ආදරේ මනුස්සයෙකුට පමණයි.බලය රැකගන්න දඟලන සිංහල දේශපාලකයින්ට නෙමෙයි. (නි)
ජෝන් කෙරී ආවා, ඔබාමා එන්නලු ඉන්නේ කැමරන් ගෙදරින් එලියට බැහැලා ආවලු පිළිගන්න, එතකොට රැජිනී අත්මේ සුත් ගැලව්වලු ඔන්න දැන් බැන් කී මුනුත් කතාකරලා. බුදු අම්මේ නොකා මලත් මොකද දැන් අපිට. (ර)
එයාලගෙන් වැඩක් නැහැ. අපේ වැඩ ටික අපිම කරගන්න ඕනෑ. 20 හොඳයි 19 ටත් වඩා (නි)