
(අංජුල මහික වීරරත්න)
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 5ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නෙවෙයි. ඊට කලින් අයිඩී එකයි ලයිසන් සකයි වෙලාවට දෙන්න.
දැනටමත් මෙයාගෙම ප්‍රකාශ නිකුත් කරන රොබෝ කෙනෙක් ඉන්නවනේ. ඔය ලඟදි පීච්චන් වුණ.
දැනට හැට ලක්ෂයේ කට්ටියම බල්ලා අනෙක් පිට හැරෙව්වා වගේ රටේ පෙරළියක් කරන්න අමුඩ ගහන්න රෙදි මහනවා. ඉතින් ඔබතුමාට ඕක කරන්න බත් පැකට් එකට ඡන්දය දෙන මිනිස්සු ඉඩක් දේවිද කියලා සැකයක් තියෙනවා. ඒ අය දැනුවත් වෙලා සිටින්නේ අධිකරණය ගමට ගේන්න කියලා තමයි. ඒ ගැන කියපු කෙනෙක් මට කිව්වේ ඔබට කොළඹ ගොස් ඉහළම උසාවියේ නඩුවක් දාන්න බැරි නිසා ඒ අධිකරණයේ ශාඛාවක් පළාතට ගේනවා කියලා තමයි... ඔවුන්ගේ වෙන සංවර්ධනයක් ගැන නම් කිව්වේ නැහැ... මෝඩයින්ට උත්තර දීලා වැඩක් නැති නිසා මම නිහඬව හිටියා. ඔබතුමාගේ අදහස ඉටුකිරීමට රටේ නුවණැති ජනතාව සූදානම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
හපුයියාගේ අලුත්ම කතාන්දරය තමයි මේ කෘත්‍රිම බුද්ධිය යොදාගන්නවා ' කියන එක. කෘත්‍රිම බුද්ධියත් මේ අද ඊයේ ආපු දෙයක් නොවේ... එයත් පරිණාමය වෙමින් තමයි මේ අද තියෙන මට්ටමට පැමිණිලා තියෙන්නේ. මේ මිනිහා දන්නේ නැහැ කෘත්‍රිම බුද්ධිය දැනටමත් අපේ රටේ සමහර තැන්වල යොදාගන්නවා. කොළඹ සමහර ස්ථානවල අධික වාහන තදබදය මගහැරීම සඳහා " ට්‍රැෆික් ලයිට් " වල පාලනයට කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම පටන් අරන් අවුරුදු 10 කටත් වැඩියි. ඒ වගේම සමහර අංශ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම "දෙවරක්" සිතන්න වෙනවා. කටට එන දෙයක් වමාරමින් ඡන්ද "හිඟමනේ" යන මේ නාකියා "ෆොක්ස් වැගන්" කොම්පැනියේ ශාඛාවක් ලංකාවට ගෙනෙනවා කියලා කාලයකට ඉහත ඡන්දයකදී "මුසාවාදා" දෙසද්දීත් මුළු යුරෝපයේම ෆොක්ස්වැගන් විරෝධී රැල්ලක් (එම ආයතනයෙන් තම වාහන ප්‍රවර්ධනයට යොදාගත් බොරුවක් හෙළිවීමෙන්) තිබුණා කියලා මිනිහා දැනගෙන හිටියේ නැහැ.
අවුරුදු හතලිස් පහකට වැඩි කාලයක් දේශපාලනය කරලා, එයිනුත් අවුරුදු විසි පහක් විතර රාජ්‍ය පාලනයට හවුල් වෙලා බලය හොබවමින් සියලු සැප සම්පත් භුක්ති විඳිමින් සිට දැන් නින්දෙන් ඇහැරුණා සේ විවිධ පූචානම් කතා කියමින් ජනතාව ගොනාට ඇන්දවීමට මෝඩ උත්සාහයක යෙදිලා ඉන්නවා. දැන් ඔයාගේ රැඟුම් අවසානයි. කරුණාකරලා වේදිකාවෙන් බැහැලා යන්න ලැහැස්ති වෙන්න මහත්තයෝ...
ඇත්තටම මේ එක එක මිනිස්සුන්ගෙන් වචන අහගෙන ඔය එක එක විකාර කතා මිනිස්සු ඉස්සරහට ඇවිත් කියලා බලනවා රවට්ටලා මේ පාරවත් ඡන්දෙන් දිනන්න පුළුවන්ද කියලා. නිකම් මේ පොඩි අය ඉස්සරහත් පල් වෙන්න එපා මහත්තයෝ... අවුරුදු හතළිහක් පාර්ලිමේන්තුවේ උන්නාට එක දෙයක්වත් හරියට කලා කියලා තියෙනවාද රටට...? කරපු දේවල් තමයි හම්බන්තොට වරායයි... ඒකේ ඉඩම් ටිකයි චීනේට විකුණලා අන්තිමේදී සල්ලි වලින් කරපු දෙයක්වත් මෙහෙමයි කියලා පෙන්නන්න නැති වෙච්චි එකයි. මහත්තයාට දැන් කරන්න තියෙන්නේ ඔය කියන කෘත්‍රිම බුද්ධිය පුළුවන් නම් ඔයාගේම මොලේ ගලවලා ඒ වෙනුවට ඔලු කට්ට ඇතුලට දාලා වහගෙන දන්නා එකම දේ පොඩි එවුන්ට ඔය රාජකීය ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ටියුෂන් පන්තියක් පටන් ගන්න කියලා අර රංග බන්ඩයියාට හරි, බජිරි අබේ අයියාට හරි... ආෂු මල්ලිට හරි කියන එකයි...
මොරටුව විශ්වවිද්‍යාලයේ කවුරුවත් මෙතන පෙනෙන්න නැහැ... ඒ කියන්නේ ගෝඨාභයට ඇන්දුව කට්ටිය වගේ සෙට් එකක් මේ ඉන්නේ..!
තාක්ෂණය යනු ඉතා ඉක්මනින් වෙනස්වන දෙයකි. වසර පහකින් කෘතිම බුද්ධිය යනු වර්තමානයේ ස්ථාවර දුරකථනයක් මෙන් යල්පැනගිය දෙයක් වනු ඇත...!
කවදාවත් නැති අදහස් හිටි ගමන් ඔලුවට එන්නේ අර කිව්වත් වගේ කෘතිම බුද්ධිය පහළ වේගන එන හින්දා වෙන්න ඇති. ඡන්දෙකුත් ළඟ එනවා...
අසෝක කරුනන්ද මැතිතුමා 2004 ලියපු "බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව" පොත කියවන්න.. කෘතිමව හදපු බුද්ධියක් නෑ, එතැන තියෙන්නේ යන්ත්‍රයකට තමාගේ වටපිටාවට අනුව තීරණ ගන්න හැකියාව දෙන එක.. උඩ කොමෙන්ටුවක විජිත මහත්තයා කිව්වා වගේ දැනටත් ඒක භාවිත වෙනවා.. දැන් මේ එක පාරට ඇවිත් තියෙන්නේ එක වෙළෙඳ උපක්‍රමයක් විතරයි. කියන වචනේ විකුණනවා. මෙයත් ඉතිං එකම කරනවා...
එච්චර කල් ඔයා ඉන්නේ නෑ. ජනාධිපති කෙනෙක් වුණත් අවුරුදු දෙතුන් සීය ජීවත් වෙන්නේ නැහැනේ.
චිත්‍රසේන, ඔබත් කෘතිම බුද්ධිය කියන වචනෙ අදම අහපු කෙනෙක් වගේ, එහෙම නැත්නම් මේ වගේ දේශපාලඥයෙක් කිව්වම ඒක අලුත්ම දෙයක් කියල හිතන කෙනෙක්, මේව හොඳයි අර බත් පැකට් එකට හාල් කිලෝ දහයට පස්සෙ යන පන්තියෙ මිනිස්සුන්ට, තමනුත් ඒ වගේ මට පේන්නෙ, අධිකරණය ගමට යන කතාවට වල්ගෙ පාග ගන්න එපා , ඒක තේරෙන්න තරම් බුද්ධියක් මේ රනිල් ගෙ පස්සෙ යන අයට නැහැ .
ඒ කියන්නේ අවුරුදු පහකින් පස්සේ ඔය කියන දුරදක්නා නුවණින් වැඩක් වෙන්නේ නැ.
මේයා. මේ රටේ ජනාදිපතිකම අරන් නාකි මයිනගෙ පරම්පරාව ආරාක්ෂා කරන්න. දෙන දීමනා. ඉදිර්යට දෙන සහන මේ මිනිහට මත්ස්ක නැතිවත් මේ කරනවා කියන දේවල්. ලක්ශයට වැඩිය දේවල් දෙනවා කිව්වා. කෘතිමබුද්දිය. දෙනවා වගෙ. රටේ බ්සේරම මිනිස්සු වස විස කාලා සුව කර ගන්න බැරි ලෙඩ වලින්පෙලෙනවා. පුලුවන්නෙ. ගොබ්බ රැල යන සින්ගප්පුරු රෝහලට මේ අසරන මිනිස්සු යවලා සුව කරන්න. ඔය තරම් බලයට කෑදරනම්. ජනතාවය දරුවන්ට වගෙ සලකන්න තිබුනානේ. ලැබුන වරමින්. කොහොමද. මුල මතකද. මටනම් පේන්නෙ මේයාව බේබද්දෙක් වගේ හැම දේම විකුනම් කන කාලකන්නි බේබද්දෙක් වගෙ. අනුකම්පාව කියන දේ ගෑවිලාවත් නැහැ. හොරුන්ට දඩුවම් දීලා හොරක්ම් කරපුවා අරගෙන. තමනුත් හිරේ ගිහින් පෙන්නුවානම්. එයාට තරම් වලි කන්න ඕන නැහැ. රජ වෙන්න මොනවා දෙනවා කිව්වව්ත් පරදිනවා
ඒඅයි තාක්ෂණයට යන්න කලින් දුම්රිය තුල තියන වැසිකිලි අලුත්වැඩියා කර පිරිසිදු කරලා ඉන්න
වසර 5ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ සදහා ඇෆිලටොක්සීන් වැඩි ත්‍රිපෝශ ශ්‍රී ලාංකික දරුවන්ට අද සිට කැවීමට අවශ්‍යය අනුමැතිය ලබා දුන් බවද හෙළිකලේය
මෙන්න මේ මනුස්සයාගේ ඔලුවට ඔය කෘතිම මොලයක් හයි කළා නම් අඩු ගානේ මිනිහට මොකක් හරි වැඩක් වෙයි...