IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වසර දහයකට පසු යළි පෙමින් බැඳෙන චන්න , චතුරිකා

රූපවාහිනියේ සහ සිනමාවේ ජනප‍්‍රිය චරිතයක් වන චතුරිකා පීරිස් තම ප‍්‍රථම රංගනය ඉදිරිපත් කළේ නාලන් මෙන්දිස්ගේ ”සූරිය දරුවෝ” ටෙලි මාලාවේ ”විවේකා” ලෙසය. ඒ මීට වසර නමයකට පමණ පෙරදීය. එදා ප‍්‍රථම වතාවට පුංචි තිරයේදී ඇයගේ පෙම්වතා වූයේ ජනප‍්‍රිය රංගනශිල්පී චන්න පෙරේරාය. නමුත් ඉන්පසුව චතුරිකා මේ දක්වා චන්න පෙරේරා සමග ටෙලි නාට්‍යයක රඟපා නැත. දැන් ඒ දිගු විරාමයෙන් පසුව චතුරිකා චන්න පෙම්වතුන් ලෙස පුංචි තිරයට පැමිණ සිටිති. ප‍්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කරන ”සත්‍යය” එම ටෙලි නිර්මාණයයි. එදා ”සූරියදරුවෝ” රඟපෑ මතකය සමග චන්න චතුරිකා හෙවත් සී ඇන්ඞ් සී (C and C) නැවත පෙම්වතුන් වූ කතාව මෙන්න!


චතුරිකා පීරිස්


”මම ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට ආවේ නාලන් මෙන්දිස් මහතාගේ ”සූරිය දරුවෝ” ටෙලිනාට්‍යයෙන්. මට මතක විදියට අවරුදු 9 කට විතර පෙරදීයි. එදා මම එහි රඟපෑවේ ”විවේකා” කියන චරිතයයි. එහිදී ප‍්‍රථම වතාවට මගේ පෙම්වතා වුණේ චන්න අයියා. ඉන් පසුව මේ දක්වා චන්න එක්ක රඟපෑවේ නැහැ නේද? ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ රඟපෑවේ නැහැ. ඒත් 2007 හෝ 2008 දී විතර (හදවත මල්යායයි) කියන චිත‍්‍රපටයේ රඟපෑවා.   ඇයි ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේදී ඔබ දෙපළට එක දිගට රඟපාන්න බැරිවුණේ? පළමු ටෙලිනාට්‍යයේ රඟපෑමත් එක්ක මාත් කාර්ය බහුල වුණා. චන්න අයියා ගොඩාක් කාර්ය බහුල වුණා. කොහොම හරි එකට රඟපාන්න ලැබෙන ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණාම, එයා වෙන වැඩක රූගත කිරීම් වලට දින දීලා. මටත් එහෙමයි. තවත් සමහර ඒවායේ පිටපත් කියවා අපි දෙන්නම කතා වෙලා නොගිය අවස්ථාත් තිබුණා. කොහොම හරි මේ අද කරන නාට්‍ය දක්වා දිගටම එය මග හැරුණා.   ඒකට හේතුව රොෂාන් එක්ක ඔබ දිගටම රඟපෑම නේද? ඇත්තටම ඉන් පස්සෙ දිගටම වගේ රොෂාන් එක්ක රඟපාන්න ලැබුණා. මේ නිසා රොෂාන් මම බොහෝ විට එකම නාට්‍යයට තෝරා ගත්තා.   එදා සූරිය දරුවෝ මතකය මොනවගේද? හරිම සුන්දර කාලයක්. චන්න අයියා, ශ්‍රීනාත් අයියා, යශෝධා අක්කා වගේම රොෂානුත් එක පවුලක අය වගේ එකට හිටියෙ. අද කාලයේ වගේ කාටවත් කලබලයක් නැහැ. උදේ එක ටෙලි නාට්‍යයක රඟපාලා, හවස තව එකක රඟපාන්න යන්න තිබුණෙ නැහැ. කවුරුත් දර්ශන තලයට ආවේ ගෙදර දුවන්න බලාගෙන නෙවෙයි. අපි හැමෝම කරන දේට අවංක කැප කිරීමෙන් ආදරය කළා. වැඩ කටයුතු හමාර කළ දිනවල අපි එකතුවෙලා පුංචි පුංචි පාටි පවා දැම්මා.   එදා සූරිය දරුවෝ නාට්‍යයේ රොෂාන්ගෙ පෙම්වතිය වුනේ කවුද? යශෝධා අක්කා. රොෂාන් සුමේධ කියන චරිතය රඟපෑවෙ.   රොෂාන්ට හිත ගියේ ඒ කාලයේදීමද? අපෝ නැහැ. එදා රොෂාන් එක්ක යාළුවෙනවා කියන දේ මගේ හිතකවත් තිබුණෙ නැහැ.   හේතුව? මෙයා බොහොම නිහඬ චරිතයක්. චන්න අයියා ශ්‍රීනාත් අයියා එහෙම විහිළු කරද්දි මෙයා ඒවාට හිනාවෙන එක හැර කාටවත් විහිළු කරන්න ගියේ නැහැ. අපි එක්ක වැඩිය කතා කරන්න එන්නෙත් නැහැ. මම හිතුවේ අපෝ මෙයා ගැලපෙන්නෙ නැහැ කියලයි.   චන්න ගැන ඔබට එදා කොහොමද හිතුනේ? හරිම සුහදශීලී කෙනෙක්. වෙලාවට වැඩ කරන කෙනෙක්. කවදාවත් පරක්කු වෙලා දර්ශන තලයට එන්නෙ නෑ. එයා එක්ක වැඩ කරන්න හරි ලේසියි. සුන්දර මනුස්සයෙක් කියලා හිතුණා.   යශෝධා ගැන එදා ඔබට හැඟුණේ මොන විදියටද? ඇත්තටම එදා සූරියදරුවෝ ඇතිවු මිත‍්‍රකම අදටත් ඒ වගේම තියෙනවා. මට සාමාන්‍යයෙන් ළඟම යාළුවෝ කියලා ලොකු පිරිසක් නැහැ. ඉතාම ටික දෙනයි. ඒ ටිකදෙනා අතර යශෝධා අක්කි මට මගේම අක්කි වගේ ළඟම සිටින කෙනෙක්. එදා සූරිය දරුවෝ නාට්‍යයේ හඬන දර්ශන තිබුණා. ඒත් මම හඬන්න දන්නෙ නැහැ. කඳුළු එන්නෙත් නෑ. මූඞ් එක එන්නෙත් නෑ. යශෝ අක්කි මට සියල්ල කියලා දුන්නා.   එදා ඔබගේ සිත අහලකවත් හිටපු නැති රොෂාන් පසුව ඔබගේ හිත දිනාගත්තෙ කොහොමද? ඔබ රොෂාන්ට කැමති වුණේ ඇයි? 2003  විතර තමයි මේ අදහස ආවේ. හිතේ තිබුණට ප‍්‍රකාශ වුණේ නැහැ. මේ විදියට කියා ගන්න බැරිව ආදරේ ඇතිවුණා. නැතිවුණා. අන්තිමට 2004 දී විතර මගේ පේ‍්‍රමනීය ගමනාන්තය රොෂාන් පිලපිටිය තමයි කියලා හිතුණා.   රොෂාන් ඒ ගැන අහලා තිබුණද? දවසක් ටෙලිෆෝන් එකෙන් මේ ගැන කීවා. මම කළේ දුවලා ගිහින් රූගත කරමින් සිටි කට්ටියට කියපු එකයි. ඇත්තටම මම හිතුවෙ විහිළුවක් කියලයි. එතකොට සූරියදරුවෝ අන්තිම කාලයේ රූගත කිරීම් කරමින් තිබූ කාලයයි. මම චන්න, ශ්‍රීනාත් අයියලාට සහ යශෝධා අක්කට කියලා තිබු දේ රොෂාන් එනකොට එයාලා කියන්න පටන් ගත්තා. එයාට කේන්ති ගියේ නැහැ. විහිළුවකට අරගෙන නිකං හිටියා. හැබැයි පසුව ආදරය ප‍්‍රකාශ කරන්න හදවතක හැඩයෙන් යුතු අත් ඔරලෝසුවක් ගෙනැත් දුන්නා. මගේ උපන්දිනයක් දවසේදී. සාමාන්‍යයෙන් පෙම්වතුන් පෙම්වතියට චොක්ලට් ගෙනැල්ලා දුන්නට රොෂාන් අයියා මට කවදාවත් චොක්ලට් නම් දීලා නැහැ. ඇයි කියලා ඇහුවාම එයා කියන්නෙ මම මහත්වේවි ඒ නිසා හොඳ නැහැ කියලයි.   කොහොමද රොෂාන් මොන වගේ කෙනෙක්ද? ඇත්තටම එයා එක්ක ජීවත්වෙන්න හරි පහසුයි. අපි දෙන්නා අතර තියෙන අවබෝධය නිසා තහංචි නැහැ. කවුරුහරි කාටහරි තහංචි පනවන්න ගියොත් තමයි ප‍්‍රශ්න එන්නෙ. පොඩි කාලයේ ඉඳලා අපි හැදිච්ච විදිය වෙනස් කරන්න බැහැනෙ. සමහර වෙලාවට රොෂාන් අයියා විලාසිතා ගැන එච්චර තැකීමක් කරන්නෙ නැහැ. එතකොට මම තමයි එයාව ලස්සනට ඇඳලා යන්න උපදෙස් දෙන්නෙ. අපෝ මේ ඔහොම ගියොත් කෙල්ලෙක්වත් බලන එකක් නැහැ. ලස්සනට ඇඳලා යන්න රොෂාන් අයියෙ කියලා මම විහිළු කරනවා. වෙලාවකට අපි දෙන්නා හොඳ යාළුවෝ වගෙයි.   හරි, මේ හමුවේදී අන්තිමට කියන්න ඔබ රඟපාන මේ නාට්‍ය ගැන යමක්? ප‍්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කරන මෙහි නම ”සත්‍යය”. මොරීන් චාරුණි, ලූෂන් බුලත්සිංහල, වැනි ප‍්‍රවීනයින් සමග තරුෂි සුරම්‍යා, අනුෂා පෙරේරා ඇතුළු පිරිසක් මෙහි රඟපානවා.  

චන්න පෙරේරා


චන්න මතකද ”සූරිය දරුවෝ” අතීතය? මගෙ මතකය හැටියට සුනෙත් නමින් චරිතයක් කළේ. ඒ චරිතයට මම ගොඩාක් ආසා කළා.   චතුරිකා එක්ක ප‍්‍රථම වරට රඟපාන්න වුණාම, ඇයගෙ හැකියාව ගැන ඔබ කොහොමද වටහා ගත්තෙ. ඊට පෙර ඇය රඟ නොපා සිටි කෙනෙක් නිසා මම ඇයගෙ චරිතය ගැන වටහා ගන්න උනන්දු වුණා. මොකද මගේ පෙම්වතිය ලෙස පෑහෙන චරිතය වූ නිසා. කොහොම වුණත්, මගේ හිතේ තිබුණු බය ඇය පළමු රූගත කිරීමෙන් නැති කර ගත්තා. ඇය වෙතින් ආධුනික බවක් පසුව දැක්කෙ නැහැ. දෙබස් ගැන පවා ඇයට හොඳ මතකයක්් තිබුණෙ. අලූත් අය ක්ෂේත‍්‍රයට නොඑන යුගයක ඇයගෙ ප‍්‍රගමනය හොඳ දෙයක් වුණා.   ඉන්පසුව ඔබ දෙදෙනා එකට රඟපෑවේ නැහැ. ඇයි ඒකට හේතුව? මම හිතන්නෙ සූරියදරුවන්ගෙන් පසුව මාත් වැඩිපුර ටෙලි නාට්‍යවලට දායක වුණේ නැහැ. හොඳ නිර්මාණ එක දෙකකට හැරෙන්නට චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට වැඩිපුර යොමුවුණා. ඒ අතරේදී තමයි ”හදවත මල්යායයි” චිත‍්‍රපටයේ ඇය සමග රඟපෑවේ.   මිතුරියක් හැටියට ඇය කොහොම කෙනෙක්ද? ඇත්තටම අපට එහෙම මිතුරන් ලෙස හමුවන්න ලැබුණු අවස්ථා නැති තරම්. ඉඳහිට උත්සවයකදී වගේ තමයි හමුවුණේ. රොෂාන් මගේ හොඳ යාළුවෙක්. බොහෝ විට එයා සහභාගී වන උත්සවවලදී එහෙම චතුරිකා දුටුවා.   කොහොමද එදා රොෂාන් චතුරිකා පෙම් පළ හිලව්ව ඔබලා දැනගත්තාම මොකක්ද එයාලට කිව්වෙ? ඇත්තටම මේ දෙන්නා හොර රහසේ තමයි ආදරය කරලා තියෙන්නෙ. අපි කාලයක් යනකල් දැනගෙන හිටියෙ නැහැ.   කොහොම වුනත් දැන් ඔබ චතුරිකා කාලයකට පසුව නැවතත් එකට රඟපානවා. මේ ගැන මොකද හිතන්නෙ? ඇත්තටම මේ ටෙලි නාට්‍යයට එක්වුනේ මේක වෙනස්ම කතාන්දරයක් නිසයි. මෙහි මුල සිට අග දක්වා කුතුහලය පිරී තිබෙනවා. මම නැවතත් ටෙලි තිරයට එන්න එය එක් හේතුවක් වුණා. මෙහි අපි දෙන්නා පෙම්වතුන් වුණත් එකට ගැටෙන අවස්ථා විරලයි. මේ කතාව නරඹන විට ඔබට එය වැටහේවි. ලොකු කුතුහලයක් සහිතව ගලා යන අද පවතින රැල්ලෙන් මිදුනු වෙනස් ටෙලිනාට්‍යයක්.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

වසර දහයකට පසු යළි පෙමින් බැඳෙන චන්න , චතුරිකා

සිසර Friday, 10 August 2012 04:26 PM

අධ්‍යක්ෂතුමාට වෙන අය හිටියෙම නැද්ද? (ස)

:       0       0

චාමි Tuesday, 21 August 2012 04:05 PM

අනේ මේ නලුවොද? (නි)

:       0       0

ප්‍රබුත් Monday, 13 August 2012 10:14 AM

වෙන කවුරුවත් නැද්ද හොයා ගන්න‍‍‍‍‍‍? (නි)

:       0       0

ශිමලී Friday, 10 August 2012 07:43 PM

අපූරුවට තියෙයි (දී)

:       0       0

හේමන්ත Friday, 10 August 2012 09:59 AM

වසර දහයක් ගෙවිලා ගිය වග නොදැනුනේ සුරීය දරුවෝහි අමතක නොවන ලෙසට ඔබ දෙදෙනා රඟපා ඇති නිසාමයි. චන්න, චතුරිකා, රොෂාන් , යසෝදා හොඳ ප්‍රියමනාප නළු නිලියෝ. ඔබ සැමට අපේ ප්‍රණාමය. ජය වේවා. (නි)

:       0       0

ජේසනී Monday, 13 August 2012 05:40 PM

චන්න, ඔයා නම් හරි ලස්සනයි. එන්න එන්නම ලස්සන වෙනවා වගේ. මේ ඉතින් අර " එක ගෙයි කුරුල්ලෝ " නාට්‍යයෙන් එළියට ආපු දඩබ්බර කොලු ගැටයනේ. (නි)

:       0       0

අනුර Thursday, 09 August 2012 11:10 AM

චන්න ඔබත්, චතුරිකා ඔබත්, මෙම ප්‍රතිචාරය දමන මමත් දැන් වසර 10කින් වියපත් වෙලා. නමුත් එදා වගේම අදත් අප බලා සිටින්නේ ඔබ දෙපළ සිටින මෙම නව ටෙලි නාට්‍ය විකාශනය වන තුරුයි. (නි)

:       0       0

පුජා Saturday, 11 August 2012 12:40 PM

ඇත්තටම ටෙලිනාට්‍යයට නියමෙට ගැලපෙනවා... (ස)

:       0       0

උපුල් Thursday, 16 August 2012 04:14 PM

චතුරිකා ඉන්නවනම් මම අනිවාර්යෙන්ම බලනවා (ස)

:       0       0

අසන්ක Thursday, 09 August 2012 05:04 PM

කවුද අනේ මේ? මට මතක නෑනේ. (නි)

:       0       0

නිශාන්ත Thursday, 16 August 2012 04:19 PM

චතුරිකා ඉන්නවනම් මම අනිවාර්යෙන්ම බලනවා (ස)

:       0       0

අනුල Thursday, 09 August 2012 11:36 AM

චන්නටයි චතුරිකාටයි මම ගොඩක් කැමති...දෙන්නටම සුභ පැතුම්...(ස)

:       0       0

ප්‍රියාන්ගනී Thursday, 09 August 2012 05:24 PM

හරි සතුටුයි ආපහු ඔයාලා දෙන්න ඉන්න ටෙලි නාට්‍යයක් ළගදිම එන නිසා.. ඔයාලට සුභ අනාගතයක් පතනවා..!!(නු)

:       0       0

සිසිර බණ්ඩාර Tuesday, 14 August 2012 08:14 AM

මම චන්න අයියගෙයි, චතුරිකා අක්කගෙයි නාට්‍ය වලටයි, චිත්‍රපට වලටයි ගොඩක් ආසයි.මෙයාලා ගොඩක් ලස්සනට රඟපානවා.මම මෙයාලගේ ඉදිරි අනාගතයට සුභ පතනවා. (ස)

:       0       0

මධු Monday, 13 August 2012 12:43 PM

චන්න ලස්සන නිසා කැත කොල්ලන් චන්නය ඊර්ෂ්‍යායි. (නි)

:       0       0

රේණුකා දමයන්ති Friday, 10 August 2012 12:04 PM

චන්න ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් පෞද්ගලිකවම මම චන්නගේ රංගනය ගොඩක් අගය කරනවා. චතුරිකාත් චන්නට ගැලපෙන දක්ෂ රංගන ශිල්පිනියක්. නාට්‍ය ඉතාමත් සාර්ථක වෙන්න සුභ පැතුම්....(ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 12 August 2012 01:13 PM

අනේ මන්දා ., චතුරිකාගේ ලස්සනත් දියවේගන ගිහින්..? (ස)

:       0       0

දිලිනි Wednesday, 08 August 2012 07:31 PM

ෂා....... චන්න අයියාගේ ලස්සන. (නි)

:       0       0

නිහාල් Wednesday, 08 August 2012 08:00 PM

මේ දෙන්නව තමයි ඔය වැඩේට හරියන්නේ. (නි)

:       0       0

කීර්ති Sunday, 19 August 2012 12:16 PM

දෙන්නා හොදටම ගැළපෙනවා. බොහොම හොදයි. (නි)

:       0       0

නදී Saturday, 11 August 2012 03:47 PM

හොඳට ගැලපෙනවා.. (ස)

:       0       0

ජූඩි Thursday, 09 August 2012 10:41 PM

මෙයා හිතන් ඇති හින්දි නළුවෙක් වගේ කියලා‍‍‍ ‍. (ස)

:       0       0

ප්‍රවීන් Thursday, 09 August 2012 02:51 PM

නාකි ඉලන්දාරායා වගේ ඔය ඉන්නේ....(ස)

:       0       0

රුක්ෂලා Thursday, 09 August 2012 07:41 AM

මම කැමතිම චරිත දෙකක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site