ශ්රී ලංකා ක‍්‍රිකට් වංශ කතාවේ සාඩම්බරය සහ ප්‍රෞඪත්වය ඔහු වී හමාරය. ඒ අන් කවරකුවත් නොව අපේ සංගා ය. නැතහොත් චූක්‍ෂානාද කුමාර් සංගක්කාරය. ශ්‍රී ලංකාවට සංගා නිරන්තරයෙන් අභිමානය ගෙන දුන්නේ තම ක‍්‍රිකට් කෞෂල්‍ය වෙතින් පමණක්ම නොවේ. තැනට සුදුසු හරවත් කතාව මෙන්ම හැසිරීම ආදී සියල්ල වෙතින් සංගා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් බව නොරහසකි. කුඩා කාලයේදී විටෙක දඟකාර සෙල්ලමට විතරක් කාලය ගෙවා දමන විට මව උත්සාහ කර ඇත්තේ නිරන්තරයෙන්ම ඔහු අධ්‍යාපනයට පමණක් යොමු කිරීමටය. නමුත් තාත්තා ඒ බැම් සියල්ල ලිහිල් කර පුතුට නිදහසේ සියල්ල සමබරව කිරීමට ඉඩ හසර ලබාදී තිබේ. සංගාගේ මව පවසන පරිදි සංගාගේ මේ අතිශය සාර්ථක මිනිසකු වීමේ රහස සංගාගේ පියාය. ඔහු තම පුතුගේ ඉදිරි දැක්ම දැක සංගා මෙහෙයවූ අයුරු ඉතා ආදර්ශවත්ය. අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක‍්‍රීඩකයා, වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයා මෙන්ම ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමි සම්මාන ත‍්‍රිත්වය දිනාගත් පසු ඔහු මාධ්‍ය අමතා සංගා ප‍්‍රකාශ කළේ, ”පළමුව මගේ ගෞරවය ආදරණීය පේ‍්‍රක්‍ෂකයින්ටයි. නමුත් අද මම මෙවැනි විශිෂ්ටත්වයක් ලැබීමේ ගෞරවය නිතැතින්ම මගේ පියාට හිමිවිය යුතුයි. අදටත් මම දැවී ගියාම, මොකක්ද ඒ ගහපු මෝඩ පාර කියලා මට බනිනවා. ඒ වගේම හරි දේ හරි විදියට අගයනවා. නමුත් මම ලොව ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩක ගණයට අයත්ව සම්මාන ලැබුවට, තවමත් ඔහුට මම පුතා විතරයි. තාත්තා ගරු කරන්නෙ සම්මාන සියල්ලට වඩා සියල්ල නිවැරදිව කරන දරුවාට කියායි මට හිතෙන්නෙ” යනුවෙනි. සහතිකෙන්ම සංගා යනු ඒ පියාට-මවට පමණක් නොව ශ්‍රී ලාංකීය ජාතියටම වඩාත් ආදර්ශවත් චරිතයකි. සංගා අද ක‍්‍රීඩකයකුට අමතරව, සැමියකු, පියෙකු ලෙස ගෙවන ජීවිතයද ඉතා අරුත්බර කර තිබේ. තම දෙමාපියන්ට ශ්‍රේෂ්ඨ පුතා වූ සංගා, සොයුරු-සොයුරියන්ට ආදරණීය මල්ලි වූ සංගා, පැරණි-මිතුරන් අතරද අලූත් මිතුරන් අතරද දයාබර වූ සංගා, පේ‍්‍රක්‍ෂකයින්ටද, රටටද, ලෝකයට ද, ජනාදර වූ සංගා, ඔබ අර්ථවත් බවේ යථාර්ථය පසක් කළ මහා ප‍්‍රදීපයකි... ඔබ දුන් අභිමානයට අපගේ ප‍්‍රණාමය... පුදමු මෙසේ... (මේ පළවෙන්නේ සංගා විවිධ අවස්ථාවලට පෙනී සිටියදී ලබාගත් ඡායාරූප අතරින් කීපයකි. සංගා ගෙනදුන් අභිමානය සමග ඒ රුව-ගුණ ස්පර්ශ කරන්නට මේ ඡායාරූප පාඨක ඔබට ආස්වාදයක් ගෙනදෙනු ඇතැයි අපගේ හැඟීමයි)
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් ඉතිහාසයේ එක් වීරයෙක්. (නි)
පොළවේ පය ගසා සිටින මිනිසෙක් දකින්න අවස්ථාව සැළසූ සඳුන් ගමගේට අපේ ස්තූතිය! (නි)
මුළු ලෝකයේම මිනිසුන් ඔබට කැමතියි (නි)
නියම මනුස්සයෙක් (ස)
විශිෂ්ට ක්‍රිඩකයෙක් ඔබ.....දිගු කාලයක් ක්‍රිඩාවේ රැදේවා...... (ස)
සංගා, මම දැකපු හොදම කෙනා ඔබයි. (නි)
සංගා, ඔබ අපිටත් රටටත් ආඩම්බරයක්. ජය වේවා! (නි)
සංගා, අපි ඔයාට හුගක් ආදරෙයි. ඔයා හොද නායකයෙක්. (නි)
සුභ පැතුම් සංගා.(නි)
නියමයි සංගා. ඔබ අපිට ගෙනදුන්නේ ආඩම්බරයක්.(නි)
නියමයි , සුබ පැතුම් (ස)
සියල්ලන්ට ස්තුතියි (ස)
සංගා.. ඔබ තමයි ආසියාවේ ආශ්චර්ය්‍ය. දේශපාලනයට එන්න එපා... අනවශ්‍ය දේවල් පෞද්ගලික ජීවිතයට ලංකර ගන්න එපා. රටට,ගමට,පවුලට,පාසැලට ගෙනා ගෞරවය එක ලෙස තබා ගැනීමේදී කිසි දිනක දුවද්දී දැවී නොයන ශක්තිය හිමි වේවා..(ස)
සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම දිරියවන්ත ගැහැණියක් සිටිනවා කියන්නේ ඒක තමයි. (නි)
සංගා ඔබ වීරයෙක්, කිසිදා දේශපාලනයට එන්න එපා..(ස)
සියලු ප්‍රනාමයන් සංගාගේ පියාට (ස)
අපේ සංගාට සුබපැතුම්
සංගා තමයි අපේ රටේ වීරයා . මුළු ලෝකයේම තරඟකරුවන් අභිබවා ඔබ ජයග්‍රහණය කරා....(ස)
නියමයි සංගා නියමයි.ඔබ සුපිරි ශ්‍රී ලාංකික තරුවකි..(ස)
තාත්ත ගැන කියලා තියෙන ඒවා දැක්කම මගේ ඇස් 2 ට කඳුළු ආවා, නියමයි...සුභ පැතුම් (ස)
අස්ථි ශක්තිමත් වීම සදහා පිටි බොනවනේ (ස)
සංගා අයියා ඔයාට අපේ සුබ පැතුම් (ස)
නියමයි සංගක්කාර..!(නු)
සංගා ඔයා නියමයි..!(නු)
ශුභම ශුභ අනාගතයක්!!! දැනුම වගේම විනය හා ශික්ෂණය බලවත්. (නි)
මවුබිමේ නාමය ලෝකය ඉදිරියට ගෙනියන්න ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
ඔබ ලංකාවට මහත් ආඩම්බරයක්. (නි)
නියමයි සංගා
නියමයි සංගා
සමහර දේශපාලකයො ආවොත් මැච් එක පරදිනවා.
නියමයි සංගා. මට ඔයාට මුණගැහෙන්න ආසයි. (නි)
සංගා ඔයානම් මාරයි (ස)
මම කැමතියි ඔයාගේ ජීවන කලාවට.. මම ඔබගේ කතාවට කැමතියි.. ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ ඉතාම උසස් පුද්ගලයෙක්... (නු)
සංගා, ඔබට සදා ජය! (නි)
සුබ පැතුම් .(ස)
ඔබ අපිට වීරයෙක්. සදා නොමැකෙන තරුවක්. (නි)
ඔබ සාර්ථක ලංකා පුත්‍ර යෙක්.. දක්ෂතා දැක්වීමට ශක්තිය ධෛර්ය ලැබේවා..!(නු)
සංගා වැරදීමි අඩු කරගෙන හැමදාම මේ දක්ෂතාවයන් තියා ගමු , අනිවා 2015 ලෝක කුසලානය දක්වා සෙලල්ම් කරලා කප් 1 ගමු අපි , එළ කිරි සංගා.................(ස)
සංගා ඔබ මේ අපේ මවු බිමට මහත් ආඩම්බරයක්! ජය වේවා...!!!(ස)
සංගා ඔබ තමයි අපේ වීරයා.. ඔබ ජීවිතය දෙස බලන අයුරැ, ඔබ මවට පියාට බිරිදට දූට පුතාට ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ට හුගක් ආදරෙයි වගේම ඒ හැමෝමත් ඔබට ආදරෙයි... කුමා අයියා ඔබයි ලංකාවෙ ක්‍රිකට් වල පහන් ටැබ.. මිලියන විසි එකක් වෙසෙන සිංහ දේශයෙන් අපේ රජුට සුභ පැතුම්..!(නු)
ඔබට තිබෙන්නේ හොද පෞරුෂයක් (නි)
ඔබ අපේ රටට අභිමානයක්. (නි)
දේසපාලුවන්ගේ ලණු ගිලින්නේ නැතුව ඉදිරියටම යන්න මල්ලී (ස)
සුභ පැතුම් සංගා.. (ස)
සංගා යනු ක්‍රිකට් පිටියේදී ගරු කළ යුතු ක්‍රීඩකයෙකි. ඔබ අපේ රටටම ආඩම්බරයකි. (නි)
ඔබ අපිට වීරයෙක්, දයාබර සංගා ....ඒත් දේශපාලනයටනම් එන්න එපා.. (ස)
නියමයි සංගා
සංගා, ඔබඅපට ලබාදුන් කීර්තිය අපට සැමදා අභිමානයක්. (නි)
ඔබ අපේ ලෝකයේ වීරයායි. (නි)
ඔබ ලංකාවට මෙතෙක් ගෙනා සහ ගෙනෙන කීර්තියට අප සැමගේ හර්දයාංගම ස්තුතිය! ඔබ ලංකාවේ ක්‍රීඩාවට පහනක්. ආඩම්බරයක්. ලෝකේ කොහේ ගියත් අපේ කොල්ලෙක් කියා බය නැතුව කියන්නට පුළුවන් ක්‍රීඩකයෙක් අප සතු නම් ඒ ඔබයි. (නි)
සංගා... හැම ලාංකිකයෙකුගෙම හදවතේ ඔබ හැමදාම ඉදීවි . වීරෝධාර ලංකා පුතෙක් නුඹ (ස)
සංගා, ඔබට සැමදා ජය! (නි)
අපිට ඔබ ගැන ආඩම්බරයි. සංගා !!!!!
කවදාවත් දේශපාලනයට එන්න නම් එපා සංගා. අප හදෙහි ඔබ සදා අමරණීයයි. (නි)
ඔබ විශිෂ්ටයි සංගා. අපේ ප්‍රණාමය ඔබටයි! (නි)
සංගා අයියණ්ඩි, ඔබ රටට ආඩම්බරයක් බව සැබවි. එහෙත් එවන් ආඩම්බරයක් ගෙන දෙන ඔබ ගැන පැතිරෙන දුෂමාන ආරංචි සැබෑවක්ද? (නි)
විශිෂ්ටයි
අති විශිෂ්ඨයි. ඔබ ලංකාවට ලොකු ආඩම්බරයක් (ස)
සංගා........... ඔබ සැමට සුබ අනාතයක්.
පේ‍්‍රක්‍ෂකයින්ටද, රටටද, ලෝකයට ද, ජනාදර වූ සංගා, ඔබ අර්ථවත් බවේ යථාර්ථය පසක් කළ මහා ප‍්‍රදීපයකි... ඔබ දුන් අභිමානයට අපගේ ප‍්‍රණාමය... පුදමු මෙසේ... (ස)
හොද දේ හොදයි නරක දේ නරකයි කියන්න පුරුදු වියයුතුයි (නි)
සංගාටත් ඔහුගේ පියාටත් සුභ පතමි. (නි)
වමතින් පිති හරඹ දක්වා කෙළිබිමේ ජය කෙහෙළි නංවා උපන් බිමට කවදත් පෙම් බන්දා ගෙනදුන් අභිමන නියමයි සංගා (ස)
ආදරණීය සංගා අපි ඔයාට ආදරෙයි . ඔයා අපිට ලොකු ආඩම්බරයක් ...ජය වේවා (ස)
ක්රීඩාවේ වගේම හොඳ පවුලක් හැටියටත් ඔබ සාර්තකත්වය පේනවා. මොකද බොහෝ අය ලඟ නැතිවේගෙන යන දෙයක් ඒක (ස)
සංගා ක්‍රිඩාවෙන් සමුගත් දාකට දේශපාලනේට යන්නේ නැතිව රොෂාන් මහානාම, මඩුගල්ලේ වගේ ඉදියි කියලා විශ්වාස කරනවා..!(නු)
සුභ පැතුම් සංගා..(ස)
ලොවටම ගෙනයමි නාමය ශ්‍රී ලංකා හෙට දිනයෙත් බැබලෙනු ඇත නම සංගා..!! (ස)
කවදා හරි අපේ රටේ නායකයෙක් වෙලා හරි දේ කරන්න. ඔයාටත් පවුලටත් තෙරුවන් සරණයි..!(නු)
සංගා ලංකාවට ආඩම්බරයි..(ස)
අපේ රට බේරාදුන්නු අපේ රණවිරුවන්ට පසුව දකින අපේ විරුවා සංගක්කා. (ස)
හරිම ආඩම්බරයි. ඔබ වැනි පුතුන් තව තවත් බිහිවේවා! (නි)
නියමයි! (නි)
සංගා, ඔයා නම් නියමයි. (නි)
ජාතියේ පිනට උපන් සංගාටත් , ඔහු නිසිමගට යොමුකළ පියාටත් අපගේ ප්‍රණාමය! (නි)
ඔබ තමයි අංක එක! (නි)
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ ක්‍රීඩකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය සහ සුභ පැතුම්! ජය පැරදුම කියා ඔබ නෑ පසු තැවුනේ දහඩිය කඳක් සොලවා ඉහලට නැගුනේ අද ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඳු මුදුනේ ඔබගේ පියාටත් ගෞරව හිමි වන්නේ... (නි)
ජයවේවා
පියෙකු ලෙස ඔබ හැසිරවූ වචන මම සියල්ලටම වඩා අගය කරනවා (නි)
සංගා, ඔබයි ලාංකික සළකුණ. සුභ පැතුම්! (නි)