ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සභානායකවරයකු හා ඇමැතිවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝබ්බ ගසා මැරා දැමීමේ නඩුව විභාගය ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ අද ආරම්භ විය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මරත්න මහතා අද මුලින්ම සාක්කි ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය නොවැම්බර දෙවැනිදාට කල් තැබිණි.
සෙල්වරාජා පිරිබාහරන්, හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ සහ තම්බයියා ප්‍රසාත් විත්තිකරුවෝය.
COMMENTS
මට පොඩි ගැටළුවක් තිබෙනවා .ජෙයරාජ් මහතා මේ ආණ්ඩුවේ නොව පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් .ඇයි මේ නඩුව මෙතරම් පරක්කු වුනේ (බ)
පසු ගිය රජය නොකරපු තවත් මරණයක් තියෙනවා, ශ්‍රීපති සුරියආරච්චි මරණය , පුලුවන්නම් ඉෂ්ඨ කරමු එතුමාටත් සාධාරණය (බ)
අනේ පාඨකයිනේ, මේවායේ ප්‍රමාද ඔච්චර ගණන්ගන්න එපා. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ බව අමතක වුණාද? මේ නඩු ඉක්මනින් අසා ඉවරවුණොත් ලෝකේ අනික් රටවලට ඇතිවන තත්ත්වය මොකක්ද? සුනිල් පෙරේරා ගායකයානන්ගේ අර සින්දුව මතක් වෙනවා. (නි)
ජෙයරාජ්ව මරන්න සම්බන්ධ වුණේ කවුද කියලා තමා මේ පාර හොයන්න හදන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. (නි)
පසුගිය රජයෙන් මේ දේ කළේ නැහැ. ඔවුන් සොකරි නට නට හිටපු එකයි කළේ (බ)
ඇති යාන්තන් දැන්වත් පරීක්ෂණයක් පවත්වනවා. (හේ)