දහ නම හැවිරිදි ගොවියකු පිහියෙන් ඇන ඝාතනය කළ හිමි නමකට සහ ඔහුගේ මාමාට තංගල්ල මාහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඊයේ (21) මරණීය දණ්ඩනය නියම කළේය. 1962 ජූලි 07 වැනිදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ඝාතනයේ තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම කිරීමෙන් පසුව භික්ෂුවක මරණ දඬුවමට ලක්වූ මුල් අවස්ථාව මෙය බව මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය. මරණ දඬුවම නියම වූයේ කටුවන අඹගස්ආර පංසලේ ගොමඩියේ සරණ හිමිට හා ගොමඩියේ කරිවිල කන්දගේ විජේසිරි යන දෙදෙනාටය. ගොමඩියේ සරණ මහාධිකරණයේ සාක්කි දෙමින් කියා සිටියේ තමාට හරි හැටි අකුරු ලිවීමට හෝ කියැවීමට බැරි බවයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු රාජපක්ෂ මහතා පැවසූයේ කිසිවක් නොදන්නා මෙවැනි අය පැවිදි කිරීමෙන් සාසනයට හානියක් මිස යහපතක් නොවන බවයි. එම නිසා මෙම නඩු තීන්දුවේ පිටපත් සියලුම මහානායක හිමිවරුනට යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා ලේඛකාධිකාරීට නියෝග කළේය. ගොමඩියේ සරණ ගිහි කාලයේදී මේ අපරාධය කර ඇති බවත්, ඔහු එකළ මහකුඹුරගේ ජයතිස්ස හෙවත් හීන් පුතා යන නමින් හැඳින්වුණු බවත්, කටුවන උඩගොමඩියේ වැලෑනගොඩ පදිංචි වී සිටි බවත් නඩුවේදී කියැවිණි. කටුවන උඩගමඩියේ මැද කන්දේ පදිංචිව සිටි මහකුඹුරගේ ධර්මදාස (19) වසර 12 කට පෙර කටුවනදී මරා දැමීයැයි විත්තිකරුවෝ වැරදි කරුවෝ වූහ. මරණකරුගේ නැඟනියක සමග ගොමඩියේ සරණ ගිහි කාලයේදී ඇති කර ගත් ප්‍රේම සම්බන්ධය මේ ඝාතනයට හේතුවීයැයි නඩුවේදී සඳහන් විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නියමය කළාට වැඩක් නැහැනේ... ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..
මීනීමරුවො මහන කරපු අයටත් උපරීම දඩුවම් දෙන්න ඕන.. මහන කරන්න කලින් විනයට අනුව සොයා බලන්න ඕන..
චිත්‍රපටයකට හොද කතාවක් මේක..
මිනී මැරුමෙන් බේරෙන්න මහන වෙන්න ඇති..
අංගුලිමාලත් රහත් උනා නම්.මේ හාමුදුරුවන්ටත් සමාවක් දුන්නොත් හොදයි.
පෝරකේත් ඉක්මණට ගෙනාවොත් තමයි හොද
චන්දවිමල හිමියනි, ඔබ හරි..
මිනීමරුවන් මහණකිරීම නීති විරෝධී වැඩක්..
පව් හාමුදුරුකෙනෙක් පෝරකයට යවන්නේ..
පව් නේද?
රජකම් කළත් කළකම් පළ දේ කියන්නේ මේවට තමයි..
එයා මිණී මැරුවේ මහණ වෙන්න කලිනුයි.
මහණකරන්න කලින් සොයා නොබලපු අයට දඩුවම් කරන්න ඕන..
අනේ එතකොට අංගුලිමාල මහා රහතුන්? මිනිස්සු 999 දෙනෙක් මැරුවට ගිහිකල අංගුලිමාල නම් ඇති දරුණු සංහාරකයා විනාශ කිරීමට කොසොල් රජු මහා සේනාවක් ගෙන යන ගමන් බුදු රජාණන් වහන්සේ බැහ දැකීමට පැමිණියා. " රජතුමනි, ඉතින් ඇල්ලීමට, මරාදැමීමට අපහසු, අසුවන් අග කිලිපොල යන අංගුලිමාල නම් සාහසිකය හසු උනොත් ඔබ මොකද කරන්නේ ?" සම බුදුන් ඇසූ සේක. "ස්වාමිනි, වහාම ඔහුව මරාදමනවා, පණපිටින් හසුඋනොත් උපරිම වැඩ සහිත දඩුවම් කරනවා, නමුත් ඔහු ඇල්ලීම අති දුෂ්කරයි, සේනාවක් තනිවම විනාශ කල හැකි තරම් ඔහු දරුණුයි" කොසොල් රජු කීය. "හොදයි මහරජ, ඉදින් ඔහු කදු මුගුරු ඉවත දා, සීලයහි පිහිටා, ප්‍රානගතයෙන් වෙන්ව, විදසුන් වඩන, දමනය වූ භික්ෂුවක් ලෙස ඔබට දකින්න ලැබුනොත් මොකද කරන්නේ" "අනේ ස්වාමිනි , එවිට මම ඔහුට නමස්කාර කෙරනවා" "භික්ෂුව මෙහි එන්න," බුදු පියාණන් අසල සිටි ඉතා සන්සුන් ඉදුරන් ඇති, සන්සුන් ගමන් ඇති, නිවීගිය හිත ඇති, උස මහත ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට ඇමතු සේක, "භාග්‍යවතුන් වහන්ස' කියමින් එම භික්ෂුව සම්බුදු පියාණන් ලගට වැඩියහ, "රජතුමනි, එහෙනම් මෙන්න ඔබ මහා සේනාවන් රැස් කෙරගෙන, අමාරුවෙන් ඇල්ලීමට යන ඒ දාමරික අංගුලිමාල ඔබ ඉදිරියේ සිටගෙන ඉන්නවා"!!! කොසොල් රජුගේ ඇග හිරිවටිනි, දණහිස් වෙව්ලා ගියේය, "අහෝ , මහා ආශ්චර්යයකි! සාදු සාදු !!!" රජු හා සේනාව අංගුලිමාල තෙරුන්ට නමස්කාර කොට හැරී ගියේය. අනේ ඒ බුදු පියාණන් හිටියානම් අද ප්‍රභාකරමුත් රහත්වෙලා සසරින් එතෙර වෙලා ! නමුත් තාම ධර්මය ජීවමානයි, සසරින් එතර කරවිය හැකියි!
භික්ෂුවක් මිනි මාරුවානම් සතර පරාජිකා කඩා ඔහු ඉබේම භික්ෂුත්වයෙන් නෙරපේ.
අනේ බුදු රුවනේ.. ලංකාවට ගිය කලක්. වහාම භික්ෂු සාසානය ප්‍රතිසංධානය කළ යුතුයි.
අංගුලිමාල කථාවස්තුව මතක නැද්ද? තමන් වැරදි කල පසු, නිවැරිදි දේ දැක ඒ මාවතට එළඹීමේ වරදක් නැත. නමුත් තමන් කළ කී දෑ වල ප්‍රතිඵල විඳීමට සිදුවේ. මේ කථාව කිසිදින නොමැරෙන්නන් ලෙස වැඩ කරන අයට හොඳ පාඩමක්.
මිනිමරා ඇත්තේ මහාකුබුරගේ ජයතිස්ස හෙවත් හීන් පුතාය ඒත් එල්ලුම් ගහට නියම වුනේ ගොමඩියේ සරන හිමිටය ? සිවුරු හැරලවා මහාකුබුරගේ ජයතිස්ස කරවා දඩුවම් කලයුතුය,
සමහරවිට පස්සේ වරද තේරුම් ගන්න ඇති.
එතකොට අංගුලිමාලව මහන කරපු එකත් වැරදිද?
මේ වගේ අය නීතියට ගත් විගසම සිවුරු ගලවා දඩුවම් දෙන්න ඕන. බුද්ධ චීවරය තියෙන්නේ වැරදි හදා ගන්න මිසක් වැරදි වහගන්න නෙමේ..
මිනීමැරුමෙන් පසුව කළකිරීම නිසා මහන වෙන්න ඇති.
අංගුලිමාල රහතන්වහන්සේ ගැන සිතන්න..