කලවානේ අනවසර මැණික් ගැරීම සඳහා සිරිසේන අමරසේකර නම් පතල් හිමියකුගේ 1997. 3. 5 වැනිදා රුපියල් 34000 අල්ලසක් ගත්තැයි චෝදනා ලැබූ කලවාන පොලිසියේ හිටපු පරීක්ෂක වී.ඒ. චන්ද්‍රපාල හා ඔහුට ආධාර හා අනුබල දුන්නැයි චෝදනා ලැබූ සැරයන්  ඕ.ඒ. ජයසේකර, කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් නිදහස් කරනු ලැබීය. ඔවුනට එරෙහිව පැමිණිල්ල ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් විය.