(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තැරැව්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට පිටින් මේ කටයුත්ත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
අඩු මුදලකට විකිණීමට තැරැව්කරුවන් පිරිසක් උත්සාහ දරන බවට ආරංචි යැයිද විපක්ෂ නායකවරයා කීය.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
රජයේ මුදලට අඩුවෙන් ගොඩනැගිල්ල දෙන්න හැකියාවක් නැහැ. ආයෝජකයකු ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබුණා.
විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න කියලා අපි කියලා තියෙනවා. කොහොම නමුත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මිලට වඩා අඩුවෙන් කරන්නම බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගැනීමයි , TAX ගැහිල්ලයි , විකුණාගෙන කෑමයි. ඒක තමයි වර්ථමාන පාළනය
දැන් ඉතින් රජයේ තක්සේරුව කෝටි 400 අඩු කරයි... අපේ පොරවල්ගේ හැටි දන්නවනේ... හරි සිම්පල්..