වාසුදේව නානායක්කාර කියන්නේ වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) සිරිකොතේදී පැවසීය.
මන්ත්‍රී නානායක්කාර මහතා රටේ අගමැතිට පාර්ලිමේන්තුවේදී පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රකෝපකාරී සහ අශෝභන ලෙස හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහකා කීවේ පරාජය හමුවේ ඔහු ඒ තත්ත්වයට අද වැටී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ! දැන් අර කැලේ ගැන කියනකොට සද්ද නැතුව හිටපු අයගෙ කටවල් ටික ටික ඇරෙනවනේ.
අනේ අපිට නම් අගමැතිතුමා මසුරන්! (නි)
දැන්නම් තීරණයක් ගන්න කාලය හරි. (නි)
වාසු හොඳ පිරුන වට්ටක්කයක් හැමදාම. මෙහෙම පෞරුෂයක් තියන කෙනෙක් මේ වයසට දැනට ලංකාවේ නැහැ. (නි)
වාසුටත් ජයවේවා,(හේ)
අපි දන්නවා වේලිලා තියෙන්නේ කවුද කියලා (නි)
අනේ දෙයියනේ! අපේ අගමැතිට බනින්න එපා. වාසු හරි නරකයි. (නි)
අනේ අපිට නම් එහෙම පේන්නෙ නැහැ (නි)
එහෙම වෙන්න බැන්න මිනිහා ඉතිරි වේවිද දීලා. ? (නදී)
මේ වගේ අයට නම් ආයේ ඡන්ද දෙන්න එපා (නි)
වාසු කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
ඉ්සසර වාසුදේව කියන පුද්ගලයාට දේශපාලනය පැත්තෙන් ගොඩක් අත්දැකීම් තිබෙනවා. ඒ වගේම හොඳ අදහසුත් තිබෙන කෙනෙක්. ඒත් දැන් එහෙම නැහැ. දැන් ගොඩක් වයස හින්දා පාර්ලිමේන්තුවේ පිස්සු නටනවා. (නි)
පිවිතුරු යහපාලටනම් ඔයාට තරම් වයස නැහැ සුගුනවතියේ..හැබැයි හතලිස් පහනම් පැන්න.දැන්නම් දන්නවා සුගුනවතිට කෙන්තිගියේ මොකද කියල..ඔය වයසට ඉතින් ඔහොම තමයි.ඕවට කාත් එක්කවත් තරහ පිරිමහල වැඩක් නැහැ..වයසත් එක්ක වට්ටක්කත් වේලෙනවා.. (නදී)
අගමැතිතුමාට බනින කට්ටිය අපාගත වෙන්නම ඕනෑ. වෙන්නම ඕනෑ. වාසු හොඳයි තමයි. ඒ වුණාට මෙතැනදී එයා නරකයි. (නි)
වේළුණු වට්ටක්කා නම් අපි අහලා නැහැ.ඒත් වේළුණු කරුංකා ගැන නම් අහලා තියෙනවා. (නි)
අයියෝ පවු! (නි)
අගමැතිතුමාට මොකද වේළුණු වට්ටක්කා මතක්වුණේ? (නි)
රනිල් කියන්නේ කපටියෙක්. (බ)
මොකද සුගුනවති තාම කසාද බැඳලා නැද්ද? දැන් පරක්කු වැඩියි සුගුනවතියෝ.මා අන් සතුය.. (නි)
සමස්ත පිරිමි ජාතියටම වාසුදේව විසින් අවමාන කර ඇත.
අයියෝ වාසු! (නි)
වාසු මහත්තොයෝ, කියන්නකෝ ඔයත් මොක්ක හරි වේලිච්ච කතාවක් (නදී)
එතකොට වාසු බැන්නේ රනිල්ට නෙවෙයිද? (නදී)
මගේ මතකයේ හැටියට කලකට පෙර සුගුනවති කියන්නේ සුගුනපාල කෙනෙක් බව සභාවේ කට්ටිය සොයා ගත්තා. එයා පාවිච්චි කල එක්තරා වචන මාලාවක් අනුව. පිවිතුරුට මතකද මන්දා. (නදී)
පිවිතුරු යහපාල, මම මොකට වෙනත් අයගේ අයව මතක් කොරොනවද ? (නදී)
දැන් ඉතින් හොඳ හොඳ කතා අහන්න ලැබේවි (නි)
වාසු වේලුණු වට්ටක්කාවක් නම් ?
අපේ අගමැතිට බැනලා පවු සිද්ධකරගන්න එපා (නි)
රටේ මිනිසුන්ගේ ඡන්දෙ නිසා ජීවත්වෙන දේශපාළුවො දොඩවන ඒවා එච්චර ගණන් ගන්න එපා.අපේ අගමැතිතුමා මේවායෙන් සැළෙන කෙනෙක් නෙමෙයි.එතුමා බුද්ධිමත් වැදගත් නායකයෙක්. (නි)
වට්ටක්කා මතක් කලා විතරයි අපේ පිවිතුරුටයි සුගුනවතීටයි මෙලෝ සිහියක් නැති උනා නේ. (නදී)
මගේ හිත රිදෙනවා කොලුවෝ ...... (නි)
මෙච්චර වේලිච්ච එළවලු රටේ තියෙද්දී වට්ටක්කයක් ද රනිල්ට මතක් වුනේ. ?(නදී)
අපොයි නිමල් මහත්තයෝ..ලක්ෂ 58ක් ගෙඩි පිටින්ම අපායට දක්කන්න වුනොත් අපායට මොකද වෙන්නේ.. එහෙ ඉඩ ඇති වේවිද? (හේ)
වාසු,දැන් ඇති. ඔබ දැන් තරුණයන්ට ඉඩදී ගෙදර යන්න (නි)
පිවිතුරු යහපාල, අපි දෙන්නටම සම වයසේ. මම හිතන විදියටම දැන් 60 පැනලා. ඔහේගේ වගේම තමයි දැන් මගේ සමහර දත් හැලිලා. හැබැයි ඔහේගේ වගේ, කවුරු හරි දත් ගලවලා නෙවෙයි ස්වාභාවිකව.(නදී)
මේ වගේ සමාජවාදියෝ නම් පොල් පිත්තක් ගත්තම 100 යක් විතර කපන්න පුළුවනි. තුක් නොදකින් ඒකාධිපතියෙකුගේ දෙපතුල ලඟ වැඳ වැටිලා සපත්තු ලෙව කන මෙවැනි සමාජ වාදියෝ.(නදී)
දිලා ."මහින්ද මහත්තයට කවුරු හරි ඔහොම බැන්නනම්" ......... වුගේ හත්මුතු පරම්පරාවම මේ වෙනකොට මුහුදු වතුර බොනවා.එහෙමත් නැතිනම් ලිදට බැහැල ලින් වතුර බොනවා.එහෙමත් නැතිනම් යන වාහනේ හැප්පිලා ගිනි අරගෙන සමාදානයේ සැතපෙනවා. (නදී)
ජෙහාන්, මොකක්ද අප්පේ සුගුනවතිගේ වචන මාලාව. කියන්නකෝ බලන්න අපි හැමෝටම දැනගන්නත් එක්ක.(නදී)
කෝ අර ආචාර ධර්ම පද්ධතිය? (නි)
මේ කතාව අහනකොට ලංකාවේ විකට නළුවන්ට තැනක් නැහැ කියල මට හිතුනා.(නදී)
ෂුවර්ද.....? (නදී)
යක්දෙහි ආරච්චි හරි.(නදී)
" ඌරගේ මාළු ඌරගේ පිටේ තියා කැපීම " (නදී)
ඉතා හොද ජාතික නායකයින් හිටපු රටකට හිය කලක්. වයසක මනුස්සයෙකුට රැවුල කපල එන්නලු. ජාතික නායකයින් කොච්චර පරමාදර්ශී වෙන්න උවමනාද (නදී)
ශිරන්ති, ඒක නරක වචන සෙට් එකක් නෙවෙයි නමුත් මට මතක හැටියට සාමාන්‍යයෙන් බවලතුන් පාවිච්චි නොකරන අපි පිරිමි කට්ටිය සෙට් වුනාම භාවිතා කරන වචන ටිකක්. ඒකෙනුයි කට්ටියට තේරුනේ. (නදී)
හොදින් පැහිල වියලුන වට්ටක්කා වල තිබෙන බීජ වලින් තව වට්ටක්කා වැල් ගොඩක් හැදෙනවා රනිල් මහත්තයෝ.(නදී)
මොනවා පිවිතුරුට 60 පැනලා එහෙනම් පිවිතුරු නමින් ලියන්නේ වාසුදේව වද්ද ? (නදී)
පිවිතුරු යහපාල අයියේ, ඔයා කියන්නේ ලක්ෂ 58 ක්ම අපේ පින්කඳට බනිනවා කියලද.? පවු අනේ. අපේ අගමැතිතුමා අපිට නම් ශෝක්. එයා කොච්චර උගතෙක්ද කියලා දන්නේ නැති කට්ටිය තමයි බනිනවා ඇත්තේ. මම නම් කොහේ හිටියත් ටීවී එකේ එතුමාගේ කටහඬ ඇහෙනකොටම දුවගෙන එනවා ඒක බලන්න. (නදී)
රටට ජාතියට ආදරය කරන අත්දැකීම් ඇති නායකයෙක් වාසු මහතා (නදී)
වාසුදේව මහතා රනිල් මහතාගේ යම්දෙයක් ගැන කතා කළා කියලා පත්තරේක දැක්කා. අනේ මම දන්නේ නැහැ ඕවා (නි)
වාසුදේව සහෝදරයා කාලේ හොඳ බුද්ධිමත් දේශපාලකයෙක් විදියට නමක් තියාගෙන හිටියා.පසුව අහෝ වෙච්ච දෙයක්! (නි)
වාසුදේව කියන්නේ පිරුණු සඳුන් ගසක් වගෙයි (නි)
පිවිතුරු යහපාල නම දකින කොටම අපිට නම් මතක් වෙන්නේ වෙන කෙනෙක් (බ)
ඉවසිලිවන්ත නායකයාගේ අගය දැනුනි..පෙනුනි.. (නි)
වාසුදේව කියන නමට රටේ සියලුම ජාතීන් අතර හොඳ පිළිගැනීමක් තිබුණා. මෑතක සිට සමාජවාදී අදහස් වලින් බැහැරවීම අපිට ලොකු ප්‍රහේළිකාවක් (නි)
දැන් පෙන්වනවා හොරු වෙනුවෙන් හොරු , ප්‍රධාන චරිත වාසු ,විමලේ, බොරලුවා, ගොම්මන්පිලය ,නාරාහේන්පිටදී(බ)
වාසු කියපු වචනයේ නියම තේරුම සිංහල හොඳට පුළුවන් කෙනෙක් කියන්නකෝ (නි)
සුගුනවති,පිවිතුරු යහපාල, ඔය දෙන්නත් රනිල්-වාසු වගේ හැසිරෙන්න එපා. (ස)
වාසුදේව නැති තැන බනින්නේ නැහැ.ඕනෑම දෙයක් මුහුණටම කියන කෙනෙක්. (නි)
වාසුදේව මගේම පාසලේ කීර්තිමත් ආදී සිසුවෙක්,දකුණේ උපන් කෙනෙක්.ඔහු පිටකර තියෙන්නේ අගමැතිතුමාගේ ගුණකදම්බය දැක ඉවසා ඇතිවෙලා නිසා ඇතිවුන හැඟීම. (නි)
වේලුනු වට්ටක්කා ගෙඩියෙන් හොඳ කෑමක් කෑවනේ නේද.?(නදී)
වාසු මහත්තයා විතරයි නිර්භීත කෙනෙකුට පාර්ලිමේන්තුවේ හිටියේ (නි)
පිවිතුරු යහපාලට නම් ඔයාට තරම් වයස නැහැ සුගුනවතියේ. හැබැයි හතලිස් පහනම් පැන්නා. දැන්නම් දන්නවා සුගුනවතිට කෙන්ති ගියේ මොකද කියලා. ඔය වයසට ඉතින් ඔහොම තමයි. ඕවට කාත් එක්කවත් තරහ පිරිමහල වැඩක් නැහැ. වයසත් එක්ක වට්ටක්කත් වේලෙනවා. (නදී)
වේලුනු වට්ටක්කා ගෙඩිය පිටින් හොදට තියෙනවා. නමුත් කපල බැලුවම ඇතුල නරක් වෙලා කුණුවෙලා ප්‍රයෝඡනයක් ගන්ඩ බැහැ. වට්ටක්කා ගෙඩිය නරක් වෙන්නේ ඇතුලාන්තය. නරක්වුන වට්ටක්කා ගෙඩිය පිටින් නරක් ලොද කියලා හදුනාගන්ට අපහසුයි. පිටින් බැලුවම හොදට තිබෙනවා. වට්ටක්කා ගෙඩියේ භාහිර පොත්ත ශක්තිමත් නිසාත් ඇතුලත පිශ්ඨය බහුල නිසාත් මෙහෙම වෙනවා.(නදී)
මටත් පිවිතුරු යහපාලට දෙයක් කියන්නම වෙනවා. එයා කියන විදියට 58 ලක්ෂයක් අපාගත වෙන්න්නද කියන්නේ ? බුදුබනේ හැටියට නම් අායෙමත් මනුස්සයා ලෝකේ උපදින්නේ නියපොත්ත උඩ තියෙන පස් ටිකක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයත් මාත් ඇතුළුව ඔක්කොම යන්නේ අපායට තමයි. ආයෙමත් එ්කේ දෙකක් නැහැ. (නදී)
දැන්නම් වැඩිය සමාජවාදය ගැන කතාවක් නැහැ නේද? (නි)
අරුණසිරි, ඔබ හරි. වාසුව කාටවත් සමකරන්න බැහැ. වයසට ගැළපෙන දැනුමත් අදහසුත් සමඟ එතුමා තරුණ ඔබ සමඟ කරට කර සිටින්නේ රටට ජාතියට ජනතාවට කැපවුණු නායකයෙක් නිසයි. (නි)
වාසුදේව අවුරුදු ගණනාවක් දේශපාලනය කරද්දී මේ වනවිට මහඡන මුදලින් විශාල මුදලක් ඔහුට ගෙවා ඇති. නමුත් එහු ඒ වෙනුවෙන් රටට කළදෙයක් නම් දැන ගන්නට නැත. (නි)
වැඩිමහල් කෙනෙකුට අපවාද කීම පාපී ක්‍රියාවකි. වාසුදේව නිහතමානී දේශපාලකයෙකි (නි)
ලුම්බිණි /ඔහු හෝ ඇය වෙත. වාසු වැනි නිහතමානි දේශප්‍රේමියෙකුට ඔවැනි කතා කියන්නේ මොළයේ අඩුවක් නිසා වෙන්න ඇති (නි)
වේළුණත් වට්ටක්කා වලින් කුමන හෝ ප්‍රයෝජනයක් ගතහැකිය (නි)
වාසු කියන්නේ දවල් මිගෙල් රැ දනියෙල් වගේ... විග්නේස්වරන් එක්ක මගුල් තුලා කරලා මහින්ද මහත්තයාගේ කට්ටිය එක්ක සෙට්වෙලා ජාති වාදය කතා කරනවා... එනපාර ලිස්ට් එක නම නැතිවයි කියල බයේද කොහෙද....(බ)
ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය. මෙය කියූ එකාගේ කට කෑවත් මදිය ඉවසපු නිසා මම තවමත් අගමැතිය... (නි)
වාසු මහත්තයට එහෙම කියන්න එපා (නි)
පිවිතුරු යහපාල, අනේ මගේ කට! (නි)
අපි දන්නවා කාගේ කාගෙත් හැටි (නි)
පිවිතුරු යහපාලගේ බිරින්දෑ කොහොම ජීවත්වෙනවද දන්නෙ නැහැ මේ කච කචේ එක්ක. (නි)
වේළුණු වට්ටක්කා කොහෙන්ද අපිට හොයගන්න තියෙන්නේ? (නි)
රනිල් මහත්තයාට දැන් හරි ගිහිල්ලා හින්දා අනිත් අයට සරදම් කරනවා (නි)
කියන්න වෙන කිසිම උපමාවක් තිබිලම නැද්ද? (නි)
වේළුණු වට්ටක්කයකට උපමා කිරීම තේරුම් ගන්න අපහසුය (නි)
නැහැ නැහැ. වාසු කියන්නේ ඵලබර ගසක් වගෙයි (නි)
අදාළ නැති කෙනෙකුට ඒ නම කියන එක හරි වැරදී හොදේ (බ)
මෙයාගේ හිත හොඳටම රිදිලා වගේ වාසු මාමා කියපුවට මෙයා හරියට කියවනවා වාසු මාමා සද්දයක් වත් නෑ.(හේ)
දවල් මිගෙල් රෑ ඩැනියෙල්. ඒක පරම්පරාගත චාරිත්‍රයක් සමහරුන්ගේ (නි)
වාසුදේව වෙලුනු වට්ටක්කා ගෙඩියක් නම් රනිල් එම ගෙඩියේ නැට්ට වගේ රනිල් මහත්තයෝ මෛත්‍රී මහත්තය නිසා පිනට ලැබුන අගමැතිකම රැකගන්නට හොරු ආරක්ෂා කරනවට අපි ඉඩදෙන්නේ නැහැ (බ)
බුද්ධිමත් නායකයාණෙනි, ඉවසීම යනු කුමක්ද යන්න අපි ඔබෙන් ඉගෙනගත්තෙමු (නි)
අනේ! පවු නැද්ද එහෙම කියන්න? (නි)
වාසු මහත්තයෝ, සද්දේ වහලා ඉන්නේ නැතුව දැන් මොනවා කරන්නද කරගත්දේට? (නි)
වේළුණු වට්ටක්කා ගෙඩියක් කියා දෙයක් මම කවදාවත් අසා නැත. (නි)
දැන් ඉතින් මඩ ගසාගැනීම් වල කෙළවරක් තිබෙන එකක් නැහැ (නි)
සමහර මිනිස්සු වයසට ගියත් පැසුණු බුද්ධියක් ලැබෙන්න කවදාවත් පින්කරලා නැහැ (නි)
හිතවත් වාසු ,ඔබ නියෝජනය කරන වමේ දේශපාලනය බලය අයුතු විදිහට යොදා ගනිමින් ,ඔබ දැන් ජනතාව අතුගාදැමු රාජපක්ෂලා කරේ තබාගෙන රට වටේ යාම තමුන්ට සහය දුන් ජනතාව අනුමත කරන්නේ නැත. (නි)
අපිටත් ගොඩක් අය පුස් පොල් ගෙඩි වගේ තමයි (නි)
මට නම් පෙනෙන්නේ ඊටත් අන්ත විදිහට. ලැජ්ජාවයි බයයි නැතුවාද? අනේ මන්දා! (නි)
ජාගොඩ,ඔය උන්නැහේලා අපේ රටට කළ දෙයක් නැහැ. (නි)
වාසු මහත්තය ඒ විදියේ වචන එහෙම තැනකදී පාවිච්චි කරපු එකනම් වැරදියි..රටේ කි ලක්ෂයක් උදේ හවා නම ඇහෙන රුව දකින වාරයක් පාසා කරන කියන විදියට රනිල් මහත්තයව ගෙදරදී නිවී සැනසිල්ලේ අමතල මතක් කලානම් ඉවරනේ..(ම)
දෙන්නම දැන් හැසිරෙන්නේ පොඩි අය වගේනේ! තමන්ගේ තනතුරේ ගෞරවය තියාගන්න (නි)
කරගත්තු මෝඩ කම වාසු දේව මහත්තයෝ ඔයාට පස්සේයි තේරෙන්නේ (ම)
මංගල වේලාරත්න කියන විදියට පසුගිය රජයේ ඔක්කොම උපාසක අප්පුලා. හොරෙකුගේ පස්සේ මිනිස්සු එලවනකොට හොරාත් අල්ලපියව් කියමින් දිව්වාලු. (නදී)
එතුමාට නම් රැවුලක් හරි තියෙනවා (නි)
මුතුකුඩ යාවත්කාලීන වෙන්නෙ නැහැ වගේ.ඒකනෙ වාසු මාමා සද්දයක් නැහැ කියන්නෙ. (නි)
නිමල් මහත්තයෝ, අපිත් දුවගෙන එනවා..ටීවී එක වහන්න,පොළොවේ ගහන්න හිතෙන්න කලින්.. (නි)
ඒ ගමන පටන්ගත්තා එළවළු වලට අපහාස කරන්න (නි)
පිරිච්ච වට්ටක්කා ගෙඩියකයි වේළුණ වට්ටක්කා ගෙඩියකයි වෙනස දන්නවා වගෙයි හොඳට.ඒ උපමාව ගැන හිතන්න එපා කට්ටිය වැඩිය. (නි)
අපිට නම් මේ අගමැතිතුමාට වඩා වාසු හොඳයි. (නි)
පිරුණු වට්ටක්කා වගේම වේළුණු වට්ටක්කත් තියෙන්න එපායැ (නි)
වාසුදේව කියන්නේ අපේ රටේ දේශපාලනයේ අමරණිය නමක් ඇති කෙනෙක්. එතුමා කම්කරු ජනතාව වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් කළ සේවය මෙච්චරයි කියලා කියන්ට බැරි තරම්. හරි දේ කියන්නත් වැරදි දේ නොකරන්නත් එතුමා කැප වූ බව එතුමාගේ අතීතයේ අවස්ථා සිහිකරනකොට අපිට මතක්වෙනවා. වාසු කියන සොඳුරු නාමයෙහි ඇති ජවය අපිට කම්කරු සටන් වලදී දැනිලා තියෙනවා. අදත් වාසු ඉන්නා තැන සාමාන්‍ය ජනයාට සහනයක් ලෙසින් දැනෙනවා. එතුමා වැරදි දේ හරි කියන්නේ නැති කෙනෙකු නිසාම පාර්ලිමේන්තුවේදී එදා කලබලයක් ඇති වුණාට එවැනි දේවල් එතුමාට පමණක් නොවෙයි රනිල් මහත්මයාටත් අමුතු දේවල් නොවෙයි. රනිල් පවා මා ඉහළින් කී වාසුගේ ගුණය ගැන දන්නවා. එය නොදන්නා තරුණ කොල්ලෝ තමයි මේ බෙරිහන් දෙන්නේ. අවසාන වශයෙන් කිවයුත්තේ වාසුට සමකරන්න දේශපාලනයේ කිසිවෙකු නැති බවයි. (නි)
පීටර්,මට නම් පෙනෙන්නේ කොළ හැළුණු කොට්ටම්බා ගහක් වගේ. (නි)
මිනිසා බ්‍රාහ්මණයෙකු හෝ වසලයකු බව තීරණය වන්නේ, ඔහුගේ උප්පත්තිය අනුව නොව ඔහුගේ හැසිරීම හා චර්යාව අනුව බව බුදු බණේත් පවසා තිබෙනවා. ලජ්ජා නැතිකම වයසටත් වඩා ලොකු ඇති?(හේ)
පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට දෙයියන්ගේ පිහිටයි.(නදී)
පීටර්,එහෙනම් සඳුන් ගහ ගෙදර අරගෙන ගිහින්, පිළිකන්නේ වැසිකිලියට කිට්ටු වෙන්න හිටව ගන්න බලන්න. (නදී)
හැමෝම හිතන්නේ තමන් හරි. තමන් කැමති දේශපාලන පක්ෂය හරි තියන එක බව අදහස් වලින් පේනවා. ඒත් හරිදේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් නිසරු දේ නිසරු විදියටත් දකින දේශපාලනඥයින් බිහිවනතෙක් අපේ රට දියුණු වෙන්නේ නෑ. ඒ වගේම මේ රට පාලනය කළ යුත්තේ දේශීය චින්තනයක් සහිත නායකයින් මිස බටහිර හෝ චීන චින්තනයන් සහිත නායකයින් නොවන බව ඒ දෙදෙනා විසින්ම පෙන්වා දුන්නා. (ස)
මහින්ද මහත්තයට කවුරු හරි ඔහොම බැන්නනම් , රටේ මිනිස්සු ඔක්කොම පාරට බහිනවා ෂුවර්. (ස)
මේ අයට කොහොමද ආයේ ඡන්දේ දෙන්නේ.(හේ)
වාසු මාමාට වීරවංශ මාමාත් එක්ක නෑකමක් තියෙනවද දන්නේ නෑ? එකම ගතිගුණ.(හේ)
සොපි අක්කේ,මටත් පිවිතුරු යහපාල ගැන හිතුනේ අක්කා හිතපු දෙයමයි.අනේ ඒ නෝනටත් දෙවියන්ගේම පිහිටයි.(නදී)
අනේ පිවිතුරු යහපාලයෝ,මට නුඹව සතු කොට ගැනීමට නොසිතුවෙමි.මට මව් මතක් වුනි. (නදී)
අනේ අපොයි වේලිච්ච හැටි (නදී)
වාසුදේව යනු දෑත්වල කුණු සහ ලේ තවරා නොගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට ජාතියට ලැදි නිර්මල දේශපාලන නායකයෙක්. කිසිසේත්ම වාසු කාටවත් සංසන්දනය කරන්නට බැහැ. ඒ බව දේශපාලනය දන්නෝ දනිති.කෙසේවෙතත් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් හොයා ගන්නට බැරිවුණා. දැන් ඉතින් මේකවත් අල්ලාගනීවි (නි)
වාසු මොනවා කියන්නද? එදා බඩ කට පිරෙන්න දුන්නනේ! ජයවේවා වාසු! (නි)
වාසුදේව කියන්නේ නියම නිර්භීත දේශපාලකයෙක් (නි)
වේලුන වට්ටක්කා ගැන කතාව අපුරුයි
වාසු මහතාගේ කතාව එතනට උචිත නැහැ (නදී)
ඉමාක්, එහෙනම් ගෙදර එක්කන් යන්න.(කේ)
වාසුදේව කියන්නේ යන එන මං නැතිවූ තවත් දේශපාලකයෙක් කියලයි මම නම් හිතන්නේ (නි)
මම නම් පිවිතුරු යහපාලව, උදේ හවා රුව සිතින් මවාගෙන මතක් කරනවා.(කේ)
අගමැති කිවුවට ඡන්දෙන් ආ කෙනෙක් නෙමෙයිනේ (නි)
කාගේද සුගුනවති..රනිල් මහත්තයගේද,වාසු මහත්තයගේද,මගේද,නැත්නම් සුගුනවතිගේද? වෙලුනු වට්ටක්ක කිව්වම සුගුනවතිට කෙන්තියන්නේ මොකද කියල මම මේ කල්පනා කළේ..ඒ කියන්නේ ගොඩක් වයසයි වගේ..(බ)