(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරවල ආරම්භක සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (21) පැවැත්විණි.
පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන පෙළේ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
ආරම්භක සැසියේ දී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ නවක සාමාජිකයන් පිළිගැනීමේ අවස්ථාවට එක්වුවද අදහස් දැක්වීමකින් තොරව නික්ම ගියේය.
‘ජනතාව සහ ස්ථාන නියෝජනය කිරීමට වාස්තු විද්‍යාඥයන්’ යන තේමාව යටතේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා වූයේ ජනාධිපතිවරයා වූ අතර ගෞරවාන්විත අමුත්තා ලෙස මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා සහභාගි විය.
ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති වාස්තු විද්‍යාඥ තෝමස් වෝනියර් මහතා විසින් සිදු කරන ලදි.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයට මේ වසරේදී වසර 60ක් සපිරෙන අතර වාර්ෂික සැසිවාරවලට සමගාමීව 36 වැනි වරට වාස්තු විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය ද ඊයේ (21) ආරම්භ විය.
ඊයේ ආරම්භ වූ වාස්තු විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර එය වෙළෙඳ කුටි 300කින් සහ වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ දැක්වෙන ඩිජිටල් පුවරු ඇතුළු ප්‍රදර්ශක 130කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතය.
ආරම්භක සැසිවාරයට දෙස් විදෙස් වාස්තු විද්‍යාඥයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙන්ඳන්ට විකිණෙන වාස්තුවට අපගේ බලවත් සෝකය...!!!
වාස්තු විද්‍යාඥයෝ කියලා මේ ලඟදි ඉඳලා ගුප්ත විද්යාකාර හොරු වගයක් ජනතාව අතර ගැවසෙමින් ලණු දිදී ජයටම ගරානාවේ යෙදෙනවා. ඔවුන්ට තැරැව්කාරයනුත් ඉන්නවා. ඒ `වාස්තු කාරයෝ` සැබෑ වාස්තු විද්‍යාඥයන් නොවන බව ජනතාව දැන ගැනීම සුදුසුයි.
වස්තු විද්‍යා වේදී කියන නම පාවිච්චි කල හැක්කේ ශ්‍රී ලංකා වරලත් වස්තිවිද්යා සංගමය මගින් පවත්වන විභාගය සමත්, අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති සහ අදාළ සේවා අත්දැකීම් වර්ෂ ගණන සම්පූර්ණ කල හැකි නිල මුද්‍රාව සහිත වුර්තිකයෙකුට පමණි. සාමාන්‍යයෙන් වසර 5ක විශේෂ උපාදියක් , මොරටුව විශ්ව විද්‍යාලය , වස්තු විද්‍යා පීටයෙන් පිරිනැමෙන අතර , Colombo School of Architecture මගින් ද වසර 5ක උපාදියක් පිරිනැමේ.
මොරටුව විශ්වවිද්‍යා 5ස් අවරුදු පාටමාලාවට ඇතුළත්වීමට A /L අදාළ කඩඉම් ලකුණු පසුකල යුතු අතර , විශ්ව විද්‍යාලය මගින් පවත්වන විශේෂ දක්ෂතා හා හැකියාව මනින පරීක්ෂණයක්ද සමත්විය යුතුය. සාමාන්‍යයෙන් වසරකට ලංකාවෙන්ම ඇතුලත්කරගන්නේ සිසුන් 100ක් පමණි. සමන්යෙය්න් ගත්කල පළමු වසරේ සිට වරලත් වස්තු විද්‍යා වේදියෙක් වන්නට වසර 5ක උපාදිය , වසර 2ක අවම වුර්තීය අත්දැකීම්, වරලත් වස්තුවෙදී විභාගය යන සියල්ල සැපිරිය යුතුය. මුළු කාලය වසර 7ක් පමණ වැයවේ. ලංකාවේ මේම උපාදිය Royal Institute of British Architects ආයතනය එහි level 1,2,3 යන සියල්ලටම සමාන කර පිළිගැනෙන අතර CAA - Commonwealth Association of Architects මගින් ඇමෙරිකාව සහ කැනඩාවේ පිළිගැනේ. ඉතින් මේ ඔක්කොම තියෙන වුර්තිකයන් කොපමණ හිටියත් අපේ මිනිස්සු ජෝතිර් කාරයන් පස්සේ යනවා ගෙවල් වල දොස හොයන්න .. අපේ ගොඩනැගිලි, නගර තාම පිළිවෙලක් නැත්තේ ඔය හේතුව නිසාමයි.
හැත්තෑව දශකයෙන් පසු රටේ ඇතිවූ ආර්ථික විපර්යාස නිසා සිදුවූ කොන්ක්‍රීට් ගහනයේ ප්‍රතිපලයක් ලෙස ලොව ලස්සනම නගරයක් වූ මහනුවර අද මිනිස් වාසයට නුසුදුසු අශෝභන නගරයක් වී ඇත. මනරම් පෙදෙසක් වූ අනිවත්තේ උස් බිම් වල එල්ලා ඇති ගෙවල් බිමට පාත් වුනු දවසට ලොවම මළගෙයක් වනු ඇත. අපරටේ වාස්තු විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සියලු වෘත්තීය වේදීන්ට තම වෘත්තීයන්ට අදාළ අචාරධර්ම පද්ධතීන් අමතකවී මුදල් පසුපසම හඹායන පහත තත්වයකට වැටී ඇත.
මේ රූකඩය නැතිව වෙන කවුරුවත් නැතිද ? හොයාගන්න . රට කාපු මිනිහෙක්නේ මේ. මෙයා මුළු රටටම අපලයක් .. මොහුව විශ්වාස කරන්න එපා . ගාලු යනවා කිවොත් යන්නේ වෙන දිහාවකයි .
මේ වගේ හාල්පාරුවෙක් මේ වගේ තැනකට ගිහිල්ලා මොනවා කතා කරන්නද? හැබැයි ඒවා සංවිධානය කරන වුන්ගේ වතගොතත් මොහුගේ වගේ නම් කවර කතාද?
අතුල, කරුණාකර මේ පිලිබදව ශ්‍රී ලංකා වස්තු විද්යක්යන්ගේ ආයතනයට (SLIA ) නම් ගම සහිතව දැනුම්දෙන්න. SLIA යනු වස්තු විද්‍යා නීති, මුලධර්ම සහ වුර්තීය සාරදර්ම ආරක්ෂාකිරීමට බැදීසිටින ආයතනයයි. ඔවුන් මෙවන් දේ ගැන විනය පරීක්ෂණ කරනවා. ජනතාව මේ ගැන දන්නවානම් මහජන ආරක්ෂාව සහ සුභසිද්දිය උදෙසා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. මොකද ARCHITECT කෙනෙක් මත ජීවිත බොහෝ ගණනක ඉරණම තත්පර කිහිපයක් ඇතුලත තීරණය විය හැකියි , නැත්නම් නගරයක නිමාව දශක ගණනාවක් පුරා තීරණය විය හැකියි.
වෙදුන්ට තම වැරදි 6 x 4 වලකට දමා නිමාකල හැකි අතර, වාස්තු විද්‍යාදරයන්ගේ වැරදි ලොවටම විදහාපාමින් නගරයන් මැද සොචනීයව දශක ගණනාවක් පුරා විජරාමාන වෙයි ...!