(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් ලෙස සලකා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩල සඳහන් කරයි.
මුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැඩි අවධානමකට ලක්ව තිබියදී ඉන් එක් කණ්ඩායමක් වන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු බවත් එලෙස ඉවත් කර නොගතහොත් අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
රටට ලබී තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වසංගත පාලනයේ උවමනාවන්ට අනුව ප්‍රමුණතා අනුපිළිවෙලකට ලබාදීම ඉතා වැදගත් බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කුලී වැඩ කරන්නේ... අපේ ගෙවල්වල මිනිස්සු ජීවත් වන්නේ. අපිටත් බෙහෙත් ඕනෑ...
එක වෛද්‍යවරයෙකුට 5 දෙනෙක් නම් කළ හැකියි. අයියාට මල්ලීට ඔක්කෝටම දෙනවා. ඉතිරි වුවහොත් සාමාන්‍ය ජනතාවට දෙනවා. පව් අසරණ ජනතාව...!!!
මෙය මානව හිමිකම් උල්ලංඝනයක්. සාමාන්‍ය ජනතාවට මෙදා කපේට හම්බ වෙන්නේ නෑ. දොස්තරලා කියපු එන්නත් වැඩපිළිවෙල වගේ මේක... දේශපාලුවන්ට ගැලපෙන වෛද්‍ය නිලධාරි ලංකාවේ ඉන්නේ.... ඒ මිනිස්සු විතරද බෙහෙත් ගන්න ඕනෑ. සාමාන්‍ය මිනිහාට එපාද..?
මේ තත්වය අපේ රටට ආවේණික ජාතික-සංස්කෘතික පුරුද්දක්, වැඩි බලයක් තිබෙන කෙනා ඇදහීමට මෙන්ම සමාජයේ සුවිශේෂී අය සේ සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් අපේ රටේ වෛද්‍යවරුන් කියන්නේ වෙනම බල කඳවුරක් - සෞඛ්‍ය සේවයේ අනිත් අංශ ද එසේමයි. අද වෙනකොට මේ අයව "සුව විරුවන්" සේ අභිෂේක කර ඇත. බලය සහ හැන්ද අතේ තියෙන කෙනා තමන්ට කැමැති ආකාරයට බෙදාගන්නවා! රටට "නායකයින්" අවශ්‍ය වන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න... එහෙත් අපේ රටේ සිටින්නේ දේශපාලකයෝ නිසා, මේ වැනි අධම ගති ලක්ෂණ ඉදිරියට යයි. කෙසේ වුණත්, සෞඛ්‍ය අංශවල සියලුම දෙනාට ආරක්ෂාව වර්ග කිරීමකින් තොරව ලබා දිය යුතුයි!
කොහොමත් බෙදිලා ගියේ හයි හත්තිය තියෙන අයට. ගමේ කිරි හාමිලාට ලැබෙන්නේ අන්තිමට... ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
ඩොකාලා කිරි කෝප්පයක් දොවපුවහම GMOA තඩිගොම්බෙට්ටක් අතඇරියා...
රාජ්‍ය අංශයේ කලමණාකරණ ගැටලු නැතුවා නොවෙයි. රජය පවතින තත්වයත් එක්ක ගැටලු අවම වන විදිහට කටයුතු කරනවා නම් වටිනවා.. මිනිස්සු මේ වේලාවේදී සමානාත්මතාවය යි ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය අංශයේ සියලු නිලධාරීන් එකසේ කැප කිරීම් කරනවා. එය සමාජයට පැහැදිලි කර පෙන්වන්නත් ඕනෑද?
නල්ල මලේ සුවවිරුවෝ... මේවාට විරුද්ධව ජනතාව පෙලගැසිය යුතුයි වහාම. දේශපාලුවා නෙවෙයි රටට වින කරන්නේ මෙන්න මේ වගේ විනාශකාරී මිනිසුන්...
වෛද්‍යවරු කපටි නරියන් වගේ කොටසක්. අනිකාට හෙණ ගැහුවත් කමක් නෑ. පව් අසරණ ජනතාව.
ගොමා යූනියන් එක මයික් පලනකොට උදේ රෑ හිතුණා අමුතු ගේමක් දෙයි කියලා අමුතුම ජිවීන් ලංකාවේ ඉන්නේ...
GMOA කියන්නේ මොන විදිහේ සමිතියක්ද කියන්න දැන්වත් තේරුම් ගන්න. මේකේ සාමාජිකයන්ටවත් ලොකු අය කරන මජර වැඩ ගැන කතාකරන්න කොන්දක් නැහැ.
කොහොම වුණත් විදුලි බල මණ්ඩලයටයි, ජල මණ්ඩලේ අයටයි කොරෝනා හැදිලා එම සේවා අඩපණ වුණොත් මිනිස්සු කොරෝනා හැදිලා නෙමෙයි නිකන් මැරෙන්න වෙනවා. වෙන්ටිලේටර් ටික නැවතිලා බොන්න අත් සෝදන්න වතුර නැතිවුණාම රෝහල් සියල්ල ක්ෂණිකව අක්‍රීය වෙයි. මෙයාලා රෝගීන් ළඟට නොගියාට ඒ වෙනුවෙන් ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් ඉටුකරන බවත් එන්නත්වලදී එයාලාව මේ වනතුරුත් අතහැර දමා ඇති පිරිසක් බවත් මතක තියා ගන්න. තියන දාට අගයක් නැති නැති වුණාම මැරෙන්න හදන දේවල් තමයි විදුලිය, ජලය... හැබැයි එතන ඉන්නෙත් මිනිස්සු ඔවුන්ටත් කොරෝනා හැදෙනවා. ඒ අයත් බයෙන් ඉන්නේ...