‘කුඩා දරුවන් පාද යාත්‍රාවේ සටන් පාඨ කියමින් ජනපතිට අපහාස කිරිම ගැන වාමාංෂික නායකයකු වන වාසුදේව නානයක්කාර මහතා නිදහසට කරුණු කීම කිතුල්ගහට ගිය මිනිහා කියන කතාව වැනි ‘ යැයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා සිරිකොතේ දී අද (04) පැවසීය.
ලංකාවේ ඉතිහාසය පුරාම මව්පියන් පුංචි දරුවන් පෙළපාළි රැගෙන යන බවත් දරුවන්ගේ එම ක්‍රියාව ඊළඟ පරපුරේ දේශපාලන පෙරහුරුවක් බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි දේශපාලනයට ගත් පළමු අවස්ථාව මේක නොවෙයි. පහුගිය දවස් වල 1,2 පන්ති වල ළමයි බෝඩ් ලෑලි තියාගෙන පාරවල් අයිනේ කෑ ගහපුවා දැක්කේ නැද්ද? ඒවටත් පරීක්ෂණ ඕනෑ. එක මන්ත්‍රී කෙනෙක් ළමයි 10 විතර අරගෙන පිකටින් කළා දැක්කේ නැද්ද? එ්ක කරන්න ඕනෑ දෙමාපියන්. වාසු කියන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනේ නොමැකෙන තරුවක්. (නි)
පොඩි ළමයින් අපයෝජනය වෙනවා දිනපතා. සමහර ළමයින් හොරකම් කරගෙන යනවා, නමුත් ඇමතියට පේන්නේ එයාට අවාසි වචනයක් ළමයෙකුගෙන් කියවුන එකයි. ළමයි මරණ එක ගැන කතාවක් නැහැ. තමුන්ගේ පක්ෂයේ උදවිය කුඩු ගෙන්නලා රට පුරාම බෙදන බව, කුඩු ගහපු එවුන් ළමයින්ට ලිංගික අපරාධ කරන බව ඇමතිට පේන්නේ නැහැ. (අ)
පොල් වුණත් වේළෙන්න වේළෙන්න තමයි තෙල් වැඩි. සමහරක්ට ඒක තේරෙන්නේ නැති එකයි වැරැද්ද. අදහස් මොනවා වුණත් වාසු හරියට දේශපාලනේ පිරුණු කළයක් වගේ දිය සෙළවෙන්නේ නැහැ. (නි)
ඇසල ළමයෝ, හිස් කලේ වුනත් වතුර හෙලවෙන්නේ නැහැ!පිරිලද හිස් ද කියල ඔය හෙල්ලිල්ලෙන් හොයන්න අමාරුයි. රැවුලෙන් අල්ලලා හොල්ලල්ල බැලුවොත් නම් ඔලුවේ ඇතුලේ මද තියනවද කියල හිතාගන්න හැකිවේවි! (අ)
රට වෙනුවෙන් දුක් විඳලා අන්තිමට තනතුරු නිසා තමන්ගේ ආත්මයම සමහරු විතුණුවා. මේගොල්ලෝ එ්කෙන් දකුණේ වාසි ගන්න බලනවා. මේක පැහැදිලි සෙල්ලමක්. මිනිස්සු තේරුම් ගතයුතුයි මොකද්ද කරන්න හදන්නේ කියලා මේ අය. (නි)
වාසුදේව එක හොදට දන්නවා කිසිම දවසක තම දරැවන් තම අදේශපාලන වැඩවලට නෑවිත් ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඉහල රැකියාවල් කරමින් සිටින්නේ.පහල අයගේ දරුවන් ඊලඟ දේ සදහා පෙරහුරු කලයයුයි.(රේ)
වාසු හිතන්නේ එයාගේ කතාව මහා මේරුවට හෙන ගහනවා වගේ වේගත් කියලයි. වයසක එළුවකුගේ අධෝවාතයක් තරම් වත් පවර් එකක් නැහැ නේ!(රේ)
සාදුකින් පෙලන වුන්, දැන් ඉතින් පෙළ ගැසෙවූ , අපි කියන විදියට පෙළ ගැසෙව්.(ම)
වෙලුනු වට්ටකකා ඇට ඉතා හොඳ කෑමක් මනස ක්‍රියා කාරිත්වයට ඇමරිකාවේ වයසක අයගේ ප්‍රසිද්ධ කෑමක් (රේ)
කාලෙන් කාලෙට දේශපාලන රිලවු. අපි ඉස්සරහට ඇවිත් එයාගේ හාම්පුතා කියනවිදියට. පොඩි පොඩි නැටුම් ඉදිරිපත් කරනවා. අවුරුදු කීපයකට උඩදී නායකයට ප්‍රසිද්දියේ දණගහල නමස්කාර කලා. තවකෙනෙක් හෑන්ඩ් ෆෝන් එක අරගෙන සීනියෙර් ඩී අයි ජී හොයා හොයා දිවුව.තව කෙනෙක් නායකයාගේ සෙරෙප්පු දෙකෙන් සුප් හදල දුන්නත් රසයි කීව....මේවා බලල ටිකක් හිනාවෙලා ඉන්නෙක තම අපිට තියෙන්නේ.(රේ)
බලයේ සිටිද්දී කළ වැරදි අනුමත නොකළ ඡන්දදායකයින් විසින් ඔවුන් බලයෙන් පහකරන ලද බව තේරුනත් නොතේරුනා වගේ ඉන්න දේශපාලුවෝ දෙපයේ දියපට්ටා එනතුරු තවමත් කඩේ යති. හය හතර නොතේරෙන දරුවන් ගිරවුන් බවට පත්කොට අපහාස වන අයුරින්, කොහෙත්ම නොගැළපෙන සටන්පාඨ කියවීම කිසිසේත් අනුමත නොකළයුතුව තිබියදී , එය සාධාරණීයකරණය කිරීමෙන්, තමුන් අනුන්ගේ මනාප වලින් අසුනේ හිඳගෙන සිටිනා කෙනෙකු බවට ඔප්පුකර හමාරය. මේ අය නැවත බලයට පත්වුවවොත් අනාගත පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි. (නි)
විශිෂ්ට කතාවක් මහත්තයෝ (නි)
මෙයාලා දැන් රඟපාන්නත් ගත්තද? විනෝද සමයේ කොටස්කාරයින් වෙයි වගේ (නි)
වාසුදේවලා කවදාද යහපත් දෙයක් කළේ? මතකනේ සෙංකෝලය අරගෙන දුවපු හැටි (නි)
මේක තමයි දැන් මේ රටේ ලොකුම ළමා අපයෝජනය. පාරට බැස්සහම පේනවා මිනිසුන්ගෙන් හිඟමන් ඉල්ලන ළමයි. පත්තරේ බැලුවොත් දරුවෝ ලිංගිකව අපයෝජනය කරන අය කෙළවරක් නැහැ. ළමා නිවාස වල තත්වය අන්තිමයි. මේ කිසිවක් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි රටේ මේක තමයි එකම නරක වැඩේ (නි)
අවුරුදු කීපයකට උඩදී එම්.ආර්. ට ප්‍රසිද්ධියේ දණගහලා නමස්කාර කළ අයත් සිටියා අපිට මතකයි (නි)
දේශපාලකයන්ගේ ළමයි පිටරට හොඳින් ඉගෙනගෙන ලංකාව පාලනය කිරීමට අාපසු පැමිණේවි. පෙළපාලි යාමට, ඔවුන්ට අනෙකුත් ආවතේව කිරීමට මහජනතාවගේ ළමයින් පුරුද්ද ලබා ගතයුතුයි. මෙය ජනතාවගේ කැමැත්ත බව තහවුරු කර ඇත. (නි)