
(සුජිත් හේවාජුලිගේ)
වෙසක් පෝය යෙදෙන ලබන මැයි මස 1 වැනිදා සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් සහ පෙළපාළි පැවැත්වීමෙන් වැළකී කටයුතු කරන ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරති.
වෙසක් පෝය දින දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීම වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව එදින ආගමික කටයුතුවල නිරතවන්නැයිද උන්වහන්සේලා දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිති.
ආගමික නායකයන්ගේ ඉල්ලීම අනුව මැයි 1 වැනිදා කම්කරු රැලියක් නොපැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) දැනටමත් තීරණය කර ඇතැයි එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කීය
සමගි ජන බලවේගය තවම ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නැති අතර අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
එසේම සමගි ජන බලවේගයේ පිරිසක් මැයි රැලිය මැයි 1 වැනිදා පැවැත්විය යුතු බවට එහි නායකත්වයට යෝජනා කර ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර රටේ අාර්ථික ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි විශාල පරිමාණයේ රැස්වීම් සහ රැලි පැවැත්වීමෙන් ලොකු ධනයක් නාස්තිවන බව ආර්ථික විශේෂඥයෝ සහ මූල්‍ය අංශ පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂයකට මැයි රැලියක් සංවිධානය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.
මෙවර වෙසක් රාජ්‍ය උත්සවය මැයි 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර අැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd