ශ්රී ලංකාවට ආනයනය කැර දැනට රේගුවේ ගබඩා කර ඇති ආසනික් හා රසදිය අඩංගු උග‍්‍ර විෂසහිත පළිබෝධ නාශක තොගය වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙසට බලකරමින් හා ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින් ”ආසනික් විරෝධී සංවිධාන එකමුතුව” විසින් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පත‍්‍රිකා බෙදා හැරියේය.
ආසනික් හා රසදිය අඩංගු පළිබෝධනාශක ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇතිබවත් මේවා පොළොවට උරා ගත්පසු වසර සියගණනක් වුවද පැවැතීමට ඉඩ ඇති බවත් රජරට බහුලව දැකිය හැකි වකුගඩු රෝගී තත්ත්වය උග‍්‍රවීමටද මෙම ආසනික් බලපාන බවත් ඔවුහු පවසති.
පළිබෝධ නාශකවල ආසනික් ඇද්ද නැද්ද යන තීරණය කැරෙන පළිබෝධනාශක තාක්ෂණික උපදේශක කමිටුව හෙට මහනුවරදී රැස්වීමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හෙළිදරව් කිරීම ගැන සියලු ලාංකිකයින් මේ අයට ස්තූති කල යුතුවේ
මේක හොද වැඩක්. අනේ කරුණාකර මේවාට ඉඩ දෙන්න එපා, මේවාට නීති මාර්ගයෙන් කටයුතු කරන්න
යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා
යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා. රටක් හැටියට ආඩම්බරයි. ඔහොම යං ඔහොම යං