අද පාර්ලමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටි මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විපක්ෂයේ බාධා කිරීම් මැද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පරුෂ වචනයෙන් බැන වැදුණේය.
වික්‍රමසිංහ මහතා කතා කරමින් සිටිය දී වාසුදේව නානායක්කාර මහතා නැගී සිටියේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔහුගේ අසභ්‍ය වචන ගණන් ගත්තේම නැත. ඔබේ රැවුල කපාගන්න. එතකොට මොළේ පෑදෙයි යනුවෙන් අගමැති ඔහුට කීවේය.
අගමැති - මං වාර්තාවේ තුන් වැනි පිටුව කියවන්නේ. ටිකක් වාඩි වෙන්න. පිළිතුරු දෙන්න මං මොකක්ද කියවන්නේ කියලා වත් දන්නේ නෑ.
වාසුදේව නානායක්කාර - පොයිට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. පොඩ්ඩක් ඉන්නවකෝ පොයින්ට් ඔෆ් ඔඩර් කිව්වාම. අනේ ... ගහන්නේ නැතුව ඉන්නවා ඕයි. අහන්න ලෑස්තිත් නෑ. මාව වාඩි කරන්න ඔහේට පුළුවන්ද?
කතානායක - වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා.
වාසුදේව නානායක්කාර - පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අහන්නේ නෑ. කතා නායකතුමා මට අවසර දුන්නාම මේ මිනිහා කෙළගෙන කෙළගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මාව වාඩි කරන්න? උඹට පුළුවන්ද මාව වාඩි කරන්න .‘.........‘ ? මාව වාඩි කරන්න බෑ ‘...‘. පිස්සු කෙළින්ට එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා. මම අහන්නේ ඔබතුමාගෙන් මේවගේ පිස්සු කෙළින්න පුළුවන්ද කියලා.
කතානායක - ගැලරියේ පාසල් ළමයින් ඉන්නවා. මේක පුරුද්දකට ගනියි.
එම වාදයෙන් පසු නානායක්කාර මහතා සිය රීති ප්‍රශ්නය ඉදිරිපත් කළේය.
(වාසුදේව නානායක්කාර මහතා කී ඇතැම් වචන පළ කළ නොහැකිය.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම කලින් කතා කරන්න ඉගෙනගන්න (නි)
උන පුරුකේ දාලවත් බලු වලිගෙ ඇද අරින්න බැහැයි කියල කතාවක් සිංහලේ තියනවනේ.( කේ)
නියම දේශපාලකයොනේ මෙයාලා! (නි)
වාසු මහත්තයා එහෙම බැන්න එක සාධාරනයි.මොකද එතුමාට මහජනතාව වගේම දේශපාලකයනුත් ගොඩක් ගරුකරනවා. අනෙක් මහත්තුරුත් පරිස්සම් වෙන්න, තෝම්බුව දිග හැරුණොත් ලෝක ලෙඩක් වෙයි. බලාගෙන! වාසුගේ රැවුල කැපුවොත් ඔබටත් තැනක් නැතිවෙයි. ඔහුව නැවත තරුණ කරන්න යන්න එපා (නි)
සමහරු උගත්තු. ඒත් ඉතින් ඒකවත් මතක නැහැ. වයස නොබලා පාසලකට අරින්න තියෙන්නේ ප්‍රසිද්ධ සභාවක ආචාර ධර්ම ටික ඉගෙනගෙන එන්න. (නි)
සිහිය තිබෙන ශීලාචාර මිනිසුන්ට අහගෙන ඉන්න පුලුවන් දේවල් නෙමෙයිනේ කියන්නේ. අපිට ලැජ්ජාවක් නැතුව මේ අපේ රටේ දේශපාලකයෝ කියලා වෙන රටකට පෙන්වන්න පුලුවන්ද? (නි)
සිංහලෙන් කියලා අහන්නේ නැතිවුණාම ශුද්ධ සිංහලෙන් කියන්න හිතෙන්න ඇති (නි)
මේ පළවෙනි වතාව වෙන්න ඇති ඔහොම එකක් වුණ,නේද? (නි)
මහජනයා ගරු කරනහැටි ගැන පෙරේරා මහතා කිව්වේ මේ අදහස් ගොන්න කියවලාද? (නි)
වාසුදේව මහතාණෙනි, ඔබ රටට කර ඇති සේවය අපට ටිකක් පැහැදිලි කළොත් හොඳයි. ලබන මැතිවරණයෙන් කුණුහරුප වලට ජනතාව පිළිතුරු දෙයි. වනක්කම්! (නි)
පෙරේරා, මෙයාට ගරු කරන්නේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
පෙරේරා නමින් මෙතන සද්දේ දාන්නේ කවුද කියලා අපි දන්නවා. අපොයි අපි බයවේවි! (නි)
අනේ පවු රනිල්! (නි)
මට මතක් වෙන්නේ අර ගිරා පැටව් දෙන්නගේ කතාව. සම සමාජ පක්ෂයේ ඉන්නාතුරු මෙතුමා උගතෙක් හැටියට හැසිරුනා. අර පැත්තට හේත්තු වුණා විතරයි. අනේ උගතෙකුට ගිය කල! (නි)
මට පේන්නේ අසවලාගේ ආධාර කරුවෙකු වීමේ ප්‍රධාන සුදුසුකම තැන නොතැන නොබලා කුණුහරුප කියන්න පුළුවන් වීමද කොහෙද ? (නදී)
මේ පුද්ගලයා ගාල්ලේ වැදගත් පවුලක ඉපදිලා හොඳින් ඉගෙන ගෙන කෙස්ස පැහුනාම දේශපාලනයට පින් සිද්ධ වෙන්න තමන්ගේ වැදගත් කම නැති කරගත්තා. (නදී)
අවසන් රගපැම වාසු රගපායි (ම)
වැඩියෙන් කෑගහන්නේ අඩුවෙන් වයස සඳහන් කරන කට්ටිය නිසා නරකද හරි වයස සොයලා බැලුවොත්. (නදී)
මහා ලොකුවට පුතා ඉන්නේ ඇමෙරිකාවේ දුව බැඳලා ඉන්නේ විග්නේෂ්වරන්ගේ පුතාව (උතුරු මහ ඇමැති). අනේ මෙහෙමත් දිව දෙකේ මිනිස්සු (නදී)
ආ දැන් රනිල් බයවෙලාද මෙයාගේ කුණුහරුප ටික අහල ? ඒ මනුස්සයට ඔය වගේ කැත බැනුම් අහල හොඳට පුරුදු නේ. ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ තමන්ගේ දේශපාලන අසහන පිට කරගන්න සමහරු තෝරාගන්නේ රනිල්ව. ඉවසන්න රනිල් තරම් ප්‍රසිද්ධ කෙනෙක් මම මෑත දේශපාලන ඉතිහාසයේම දැකල නැහැ. (නදී)
අන්තිමේ අර අට පාස් බෙරිහන් දෙන එක්කෙනාගේ ගානටම වැටුනා. (නදී)
බොහෝ ඉස්සර වාසුදේව තුමාට මගෙත් ගරුත්වයක් තිබුනා. ඒක නැතිවෙලා බොහෝ කල්. මෙතුමා 'පිස්සු කෙළින්ට එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා' කියන කොට පෙනෙනවා පාර්ලිමේන්තුවට ගරු කරන හැටි. වරක් සෙංකෝලය අරගෙන දුවපු හැටි මතක නේද? (නදී)
මෙහෙම කතා කලට කමක් නෑ. අපි මේ වගේ අයට ගරු කරනවා..(නදී)
දේශ පාලන අනාථයෝ. පව් ....... (ම)
අවුරැදු 76 ක පුද්ගලයෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුඵවන්(නදී)
පරුෂ වචනයෙන් බැන වදිමින් මේ පාර්ලිමේන්තුවට ගරු කරන ලෙසට කරන ඉල්ලීම නම් කියලා වැඩක් නැහැ. නරකද කැළණියේ නව සංවිධායක ලෙසට පත්වීමක් දුන්නොත්? (නදී)
ඕක ගැන හරියටම දන්නේ ඕක පාවිච්චි කරන අයයි. (ස)
නිමල්කා මහත්මිය මොකක් කියයිද දන්නේ නැහැ මහත්තයාගේ කුණු වහන්න. (ස)
තමන්ගේ සහචරයන් ව ඉත්තන්ට අරගෙන ඔවුන් ලවා දේශපාලන ප්‍රතිවාදීනට පරිභව කරලා කරලියෙන් පසුපස තිරයට මුවා වෙලා ඉන්නේ කවුද කියල අපි දන්නවා. මේක පසුගිය කාලයක් තිස්සේ අපි දුටු දෙයක් .එතකොට මම සුදනා මම නෙවෙයි ඔන්න ඔහොම කැත කතා කිව්වේ . හරිනේ. (ස)
පාර්ලිමේන්තුව සදාචාරයෙන් බෙදෙන්නේ නැහැ. එකී නීතිය නිසා මේ කරපු දේ ගැන කවුරුත් කලබල වියයුතු නැහැ. ඒ වඅගේ තැනක උණුසුම් වාද විවාද ඇතිවිය යුතුයි. ආණ්ඩුක්‍රමව්‍යවස්තා නීතිය දන්නා අය මේ වගේ අදහස් දාන්නේ නැහැ. (ස)
අනේ නඩරාජෝ දකුණු කටවල් තියා දකුණේ බෝක්කු වලට වත් අපි නම් බය නැහැ. මොකද ඒ පැත්තේ දේශපාලකයන් කියලා ඉන්නේ නුගත් ගමේ චන්ඩි බව අපි දන්නා නිසා.ඒ පළාතේ වැදගත් මිනිස්සු කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා ලැජ්ජාවේ බැරිව. මොකද හැමෝම පළාතේ නම කියලා බනින නිසා අර බජාර් එකේ චන්ඩියන්ගේ වැඩ වලට. (නදී)
වාසුට ඡන්දෙ දීල ගහ ගන්න පුලුවන් වගේ (නදී)
මොනවා කරන්නද, ඉතින් වයසෙනුත්, පාර්ලිමේන්තුව තුලත් මෙතුමාගේ අවසාන කාල පරිච්චේදය නේ? එහෙම වෙනකොට සමහරු පොඩි ළමයින් ගානට වැටෙනවා. ඇතැමුන්, තමන් ඇසුරු කරන අය අනුව නිකම් කානු පල්ලට වැටෙනවා.(නදී)
නඩරාජා උන්නැහේ හිතාගෙන ඉන්නේ මේ දකුණේ බයියන්ට මුළු රට බයයි කියලාද ? අනේ උන්නැහේ මේ රටේ වැදගත්කම නැති කලේ ඔය පැත්තේ සමහර දේශපාලුවෝ කියල කියන්න බැරි කමට අපි මෙතන කට වහන් ඉන්නවා. අහගන්න එපා අපෙන් ඔය සමහරුන්ගේ පැටිකිරිය (නදී)
මේ වගේ ඉහ නිකට පැහුණු කාලෙත් තුට්ටු දෙකට වැටෙන විදිහට හැසිරෙනකොට මීට අවුරුදු විස්සකට විතර ඉස්සර වාසුට ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තුවේ බිම හොල ගෙන නෙලපු විදියට ආයිමත් කන්න උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
සම්පත් කලබල වෙන්න එපා කියල කියන්නේ ඔයා වාසුදේවගේ නෑදෑයෙක්ද ? මේක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර වැනි උත්තරීතර පාර්ලිමේන්තුව. තමන්ගේ විරුද්ධ කම් අදහස් ප්‍රකාශ කරනන් අට පාස් චණ්ඩින්ගේ ඝනයට වැටෙන එක කමක් නැහැ කියන්න ඔයාගේ නම් ඔලුව හොඳ නැතිව ඇති. (නදී)
සම්පත්, උණුසුම් වාද විවාද මේ වගේ තැනක ශිෂ්ඨ සම්පන්න අන්දමින් ආචාර ධර්ම වලට අනුව කෙරෙන එක හොඳයි කියා ඔබට හිතෙන්නේ නැද්ද? මෙතන ගැලරියේ පාසල් ළමුන් ඉන්නවා නම් මෙතැන පල කරන්න බැරි කැත වචන පාවිච්චි වෙනවා නම් මේක පාර්ලිමේන්තුව නෙවෙයි. ගමේ චන්ඩි පිනුම් ගහන බජාර් එකක් බවට වැඩි කලක් යන්න කලින් පත්වේවි. ළමයින්ට තියෙන්නේ කට ඇරගෙන විශ්මිතව බලන් ඉන්න. (නදී)
වාසුදේව ඔහුගේ නායකයාව අනුගමනය කරනබව පෙනේ. රනිල් නම් උඹ කියලවත් කියන්නේ නැති මහත්මා ගුන ඇති කෙනෙක්. (නදී)
ජනතාව ප්‍රතික්ෂේප කරපුවාම ලිස්ට් එකෙන් රිංගන්න දෙන පක්ෂ නායකයින්ට හොඳ පාඩමක්. පක්ෂ බේදයෙන් තොරව හෙලා දැකිය යුතු දෙයක් වගේම පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිය යුතු මෙවැනි පුද්ගලයන් ගැන ජනතාව වග බලාගත යුතුයි. (නදී)
සම්පත්, මම උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය කළේ. හැබැයි සමාජයේ හැසිරීමේ ආචාර ධර්ම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය එකට යාවෙන්නේ නැහැ. මම ඉගෙනගත් විෂය පථය අනුව. ඒ නිසා මෙතැන මේ සිද්ධිය ගැන අදහස් ලියන අයගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දැනුම, සාමාන්‍ය සමාජ ආචාර ධර්ම සහ විනය නිතිරීති වලට පටලවාගන්න එපා. (නි)
ඒ සෙට් එකම එකයි වගේ. අර තව කෙනෙක් කියපුවා මතකනේද ඡන්දෙ කාලේ? දැන් වාසු. කට්ටියගෙම ඔලු අවුල් දැන්. (නි)
මහින්දට පින්සිද්ද වෙන්න පාර්ලිමේන්තු අාපු මනුස්සයෙක්. (ස)
ඇහැලියගොඩ මිනිස්සු වාසුව යැව්වේ පොඩි මිනිහට සලකන්න මිසක් මහින්දගේ කුණු වහල ආරක්ෂා කරන්න නොවේ. රනිල් මහත්තයාගේ වරදක් තියෙනවා.. එත් පිස්සෙක් වගේ කෑගහල කුණුහරුපෙන් බනින්න පුලුවන්ද? ඔබට තියෙන ගරුත්වය විනාස කරගන්න එපා. (ස)
සම්පත් එතකොට මේක පාඨකයන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දැනුම ගැන ප්‍රශ්නයක්ද ? අපට නම් හිතෙන්නේ මේක සමාජයේ උත්තරීතර වැදගත් ස්ථානයක හැසිරීමේ සදාචාරාත්මක විනය රීති , වයස නිසා අමතකව ගිය ප්‍රශ්නයක් ! (ස)
මේ අය දැන් මරන්න ගෙනියන කුළු හරක් වගේ. තමන්ගේ අනාගතය ඉවෙන් වගේ දන්නවා. මොනවා කරන්නද ආත්ම භය හැමදේටම වැඩිය ලොකුයිනෙ. (නදී)
ඔන්න මහ ලොකු දේශප්‍රේමින් කතා කරන හැටි.(නදී)
මම ඉන්න රටේ මන්ත්‍රීවරයෙක් මෙහෙම හැසිරුණා නම් ආයෙත් දේශපාලනය කරලා ඉවරයි.(ම)
මේ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගිහින් පින් පඩි ගන්න එකනේ කරන්නේ (ම)
මේ වාසු මහතා කිසිඳු කාලයක නොවිසිඳු දේවල් මහින්ද මහතාගේ රජයෙන් බුක්ති වින්දා. එය තමාට අහිමිවීමත්, තමාට එය ලබා දුන් අයට කල ගුණ දැක්වීම පිණිස මෙය සිදුවෙන්න ඇති.(නදී)
දැන් මේ ඔක්කොටම තිබෙන භය නහින දෙහින කාලේ තනතුරු අහිමි වේවි කියලා. අනේ ඇත්තට නරකද අර කලින් කියවපු සමාජවාද පොත් ටික එලියට අරගෙන විශ්‍රාම ගිහින් කියන්වන්න පටන් ගත්තොත් (ම)
ලෝකේ අඩුවෙන්ම පරුෂ වචන කියන රට ලංකාවනේ නේද? (ම)
මෙයා ලඟදි කුණු හරුප කියන්න ඉගෙන ගත්තේ නම් අසවලා ගෙන්ම තමයි. එයාටත් තරහ ගියාම ගෙදර වැඩ කරන එක්කෙනෙක් වත් අහල පහල ගැවසෙන්නේ නැතිලුනේ. මුළු පලාතම කුණු හරුප වලින් පිරිලාලු. (නදී)
කොහොමටත් දැන් ඉස්සරහට ඔය වචනවලින් තමයි කතා කරන්න වෙන්නේ (නදී)
වයස් ගත වෙනකොට අර්ශස් අමාරුව ඇති වෙනවා කියල මම අහල තිබෙනවා. (නදී).
මේ වගේ අයව පාර්ලිමෙනතු යවපු ඇහැලියගොඩ රත්නපුර මිනිස්සු මේවට වග කියන්න ඕනා.(නදී)
ලඟදි කාගෙන් හරි හොඳ කෑමක් ලබා ගන්න කිට්ටුයි වගේ වාසුදේව. මෙහෙම හැසිරුනොත් කවුරුවත් වයස වත් මායිම් කරන එකක් නැහැ. රනිල්ව එලව ගන්න කියලා පිස්සෙක් වගේ හැසිරිලා හරියනවාද මෙහෙම වැදගත් සභාවක ? මෙයා ආවේ පින් ලැයිස්තුවේ බලයෙන් රනිල්ට අඩු ගානේ අගමැතිකම කෙසේ වෙතත් ඡන්දෙන් පත්වුණ මන්ත්‍රී ධුරයක් හරි තිබෙනවා. (නදී)
පිවිතුරු යහපාල,ගරු කරනවා නම් ගෙදර එක්කන් යන්න. (ම)
තරුණ ඡන්ද මේ අය ගැන බලා ගනියි. මේ කල්ලියට මෙදා පාර්ලිමෙින්තුවෙි දොර වහමු (නදී)
මෙයා උඩ පැන්නම බයවේවී මුළු පාර්ලිමේන්තුවම. අර කිව්වත් වගේ තමන්ගේ වයසටවත් මිනිස්සු ගරු නොකරන දවස අත ලඟයි වගේ. (නදී)
දැන් මෙම ප්‍රවුර්තිය කියවන අය තමන්ගේ දේශපාලන පාට කන්නාඩි දාගෙන මොනවා කිවුවත් වාසුදේව නන්නයක්කාර මහතාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. රනිල් මහත්මයකු ලෙස හැසිරී ඇති බව තමයි අපටනම් පෙනෙන්නේ. අවංකවම රනිල් කියා ඇති දෙයත් ඉතා නිවැරදියි. වාසුදේව නානායක්කාර මහතා පිළිතුරු දෙන්න කලින් රනිල් මොකක්ද කියන්න යන්නේ කියා අසාගෙන සිටිය යුතුය. පාරලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයන් මෙන්ම ලංකා වාසින්ද පළමුව අසා සිටීම ප්‍රගුණ කල යුතුයි (නදී)
මහජන ප්‍රසාදයක් නැති ජනාදිපතිගේ කරපිටින් තනතුරු ලැබුනම විඳගත යුතු අවනම්බු තව බොහොමයි. (නදී)
රට හදන්න කලින් කතා කරන්න උගන්න ඔනේ අපේ මැති ඇමති මන්ත්‍රිවරුන්ට (ම)
උතුරු කොරියාවේ ආරක්ෂක ඇමතිට සිදුඋන ඉරණම දන්නවනේද????a නින්ද යාමට ලැබුන දඬුවම. මේ අසෝභන වාග් ප්‍රහාරයට ලැබෙන දඬුවම මොක්කක්ද? ලංකාවෙත් මෙවැනි නීතියක් ක්‍රියාත්මක කරන්න වෙයිද? (කේ)
වාසුදේව මහතාගේ හැසිරීම කොහෙත්ම අනුමත නොකරමි. නමුත්, ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ සහ කතානායක වරයාගේ අවසරය ලැබී තිබෙන මොහොතේ එම අවස්ථාව අදාළ මන්ත්‍රීවරයාට ලබා දිය යුතුය. (ම)
අර්ශස් අමාරුවට දැන් වයස හරි දොස් කියන්න එපා (නදී)
බලය නැතිවුණාම පිස්සු වැටිලා.තව මාස දෙක තුනකින් මිනිස්සු නුඹලා වගේ දේශපාලකයින්ට උත්තර දෙයි (නි)
මේ මිනිස්සු ඔක්කොටම රනිල් එක්ක යම් ඊර්ෂ්‍යාවක් තිබෙනවා. කොහොමහරි ලොකු පුටුවක වාඩිවෙන්න බැරිවුණ එක සමහරුන්ගේ හිතේ පැලපදියන් වෙලා. පිනට තනතුරු ලැබෙන්න වුණත් තමන්ට පෙර පින් නැතිවුණාට රනිල් මොනවා කරන්නද? (නි)
ඔන්න මහින්ද එක්ක රට පාලනය කරන්න එන්න හදන කට්ටිය. දේශපාලන පළපුරුද්දක් තිබුණත් පාර්ලිමේන්තු සභාවට ගරුත්වයක් නැහැ. උන්හිටි තැන මතක නැහැ (නි)
හැට පැනල හොට බිම ඇනුනාට පසුවවත් අනුන්ගේ තනතුරු ලාභ ගැන ඉවසන්න බැරි කුහක කම තමයි. මේ වෙන මොකක් වත් නෙවෙයි. පිනට ලැබුනා කියයි . ඇයි මතක නැද්ද අර කලින් ආණ්ඩුවේ ඔය පුටුවේ වාඩි වෙලා හිටපු කෙනා. හරියට බොහොම ක්‍රියාශීලිව තනතුරේ වැඩ කළා වගේනේ සුනිල් කතා කරන්නේ. (ස)
මෙයාට දේශපාලන ආතතිය හැදිලා වගේ. දැන් ඉතින් පෙන්ෂන් කොලේ එහෙම අත්සන් කරලා ටිකක් විවේක ගන්න . පසුගිය කාලාන්තරයක් තිස්සේ ලංකාවේ දේශපාලකයන් රටේ මිනිස්සුන්ව හිනා ගැස්සුවා ඇති. (ස)
මේ වගේ කුණු හරුප කියන අයට ට සලකන්න ළඟදීම දවසක් එනවා.. එදාට මේ වගේ අයව නිසි පරිදි නිසි තැන ගාල් කලාම හරි. (නදී)
ශ්රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී මෙතුමා මේ විදියට කතා කලේ ලංකාවේ දෙවෙනි පුරවැසියාට. එහෙමනම් අපට කවර කතාද ? මෙවැනි අය තැබිය යුතු තැන මහජනතාව දැනගත යුතුයි. මෙය මහජනතාවට දැක ගැනීමට සෑම නාලිකාවකින්ම ප්‍රචාරය කලයුතුය. (නදී)
වාසුදේව රනිල්ට කුණුහරපෙන් බනී මේකට හේතුව දන්නවද කවුරුත් බනින්නේ වාසුට මම හිටියත් කරන්නේ ඔයටිකමයි ? කථාකරන්න අවස්ථාව දෙන්න ඕනේ? (බ)
ගාමිණී ඔබ හරියටම හරි. මෙතුමාගේ දැන් එකම බලාපොරොත්තුව කොහොමහරි මහින්දට පුළුවන් තරම් කඩේ ගිහිල්ල ඊලග පාරත් මහින්දගේ ලැයිස්තුවෙන් එන්න. නැත්නම් වෙන පක්ෂයක් නැහැ නේ ඊලග පාරත් මෙයාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න දෙන. මේ වගේ හැසිරෙන අයව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕන එවෙලේම හරියට අපි හොටෙල් එකකට ගිහිල්ල කෑ ගැහුවොත් ඇදල එලියට දානවා වගේ (බ)
මුන් ඔක්කොම ඉන්න වෙලාවක පාර්ලිමේන්තුව පිටින් නාය ගිය දවසට ලංකාවට ගොඩ එන්න පුළුවන් (බ)
මේගොල්ල බලාපොත්තු වෙන්නේ පුටුව රත් කරමින් වැඩක් නොකර පඩි ගන්න රූකඩ අගමැති කෙනෙක්. එහෙම නොවුනම මේ වගේ අයගේ කටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විදියට පිටවෙනවා. (බ)
මහින්ද නැතුව දැන් බයවෙලා ඉන්නේ. (නදී)
අවුරුදු තිහ හතළිහක් දේශපාලනයේ ඉඳල සෑහෙන කාලයක් පාර්ලිමේන්තුවේ හිටියත් රටට මොනයම් හෝ සේවයක් කලේ නැති මෙවැනි අය අවසාන කාලේදී බලන්නේ ටිකක් වර්ණ පෙන්නලා ජාතික ලැයිස්තුවෙන්වත් නැවත පාර්ලිමේන්තුවට රිංගන්න. මහලු වයසට හිතෙන්න ඇති අමු කුනුහරුපයක් කියල හරි ලකුණක් දෙකක් දා ගන්න. (නදී)
වසු දේව කියන්නේ හැමදාම කුණුහරුප කියා කියා ඉන්න කෙනෙක් නම් ජනතාවට අවස්ථාව තියෙනවා මේක ගැන තීරණයක් ගන්න (නදී)
රනිල් නම් කතා කරන්නේ පට්ටපල් බොරු ,කුමන්ත්‍රණ. (ස)
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා රීතින් කඩ කර ගැලරියේ සිටින පාසල් ළමුන් ගැනවත් නොසිතා මෙලෙස හැසිරීම තලතුනා දේශපාලන චරිතයකට කොහෙත්ම නොගැලපේ. තම ප්‍රතිරූපය පවා අමතක වීමට තරම් නරක ආශ්‍රයක්. (බ)
මෙහෙම අයව හෙට අනිද්දා වනවිට එයාලගෙම අය විසින් පන්නා දමාවි කරන වැඩ වලට (නි)
ආරංචි වුනා මෙයා පන්සලකදී කියල තියනවලු ජනාධිපතිතුමා අගමැතිකම මහින්ද මහතාට දෙන්න රහසේ පොරොන්දු වෙලාලු ඉන්නේ. ඒ වගේ ප්‍රකාශයක් මෙයා වගකීමෙන් ද කළේ කියල සොයල බලන්න කියල මම අදාළ පාර්ශව වලින් ඉල්ලා සිටිනවා. (බ)
මෙයාවත් බන්ධනාගාර රෝහලට යවමුද? අධික ආතතියට බෙහෙත් ගන්න. (නි)
එයාට වයසයි කියන්න එපා. එයාගේ කට්ටියේ වැඩ වල හැටියට මෙයා ප්‍රකාශ කරන්නේ ඇත්ත (නි)
ඉතා පහත් විදියටයි වාසු අගමැති තුමාට කුනුහරුප වලින් කථා කලේ. මෙවැන්නන් පාර්ලිමෙණ්තුව තූල තබාගත යූතුද? (නදී)
කුණුහරුප කියාදෙයක් සිංහල භාෂාවේ දැන් නැහැනේ.දැන් තියන්නේ සිංහල වෙනුවට බිදුණු භාෂාවක්. (නි)
මම නම් කියන්නේ මෙහෙම උන් හිටි තැන් අමතක වෙන එක හොඳ මදි නේද? (ම)
අනේ අම්මේ තාත්තේ ඊලග ඡන්දෙදිත් කොහොම හරි අපිට මහින්ද සමග නැගිටින්න දෙන්න ඔයාලට, ඔයාලගේ දුවල පුතාලට තව හොද අලුත් කුණුහරුප ටිකක් ඉගෙන ගන්න ඕනනම් (ම)
වාසුදේව මහතා සිංහල ඉගෙනගත්තේ නාලනීගෙන්වද්ද? (නි)
හොඳ වෙලාවට අපේ පාර්ලිමේන්තුවේ කුණුහරුප භාවිත නොකරන කීප දෙනෙකුත් ඉන්නවා. නැතිනම් අර ගැලරියේ බෝඩ් එකක් එල්ලන්න වෙන්නේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියල. (ස)
අදහස් දාන්න ඉස්සර සම්පුර්ණ සිදුවීම බලලා කරා නම් තමයි හොඳ. මෙහි සම්පුර්ණ වැරැද්ද රනිල්ගෙ. (ස)
මේ වගේ අය පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න කාලය ඇවිල්ලා, (ස)
සුනක සද්දයට ගිරි ශිකර සෙලවෙනවද....? (ම)
මේකට හේතුව සුදුසුකම් නොමැති ලේලිව ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉවත් කරීමයි. කේන්තිය පිරිමැහුවෙ මෙහෙමයි. (බ)
මෙයා නම් ජරාව කන්නේ නැහැ .ඒ වුනාට ඩෝබි වැඩේ අතාරින්න බැහැ (බ)
එකත් එකටම උදේ ගෙදරින් තරහ වෙලා පාර්ලිමේන්තු එන්න ඇත්තේ. ඔය ආණ්ඩුවේ කන්තෝරුවල පෙන්ෂන් යන්න කිට්ටු ඇත්තන් හාමිනේලා එක්ක විස්සෝප වෙලා වැඩට ආවාම මෙහෙම කාර්යාලයේ අයට කඩන් පනිනවා. (බ)
සමසමාජේ අත හැරලා යන්තම් ගතමනාවක් හොයා ගන්න ධනේශ්වර ආණ්ඩුවකට සෙට් වුණා විතරයි එ්ක නැතුව ගියහම ඒ මනුස්සයට කෙන්න්ති යන්නැති (බ)
නහින දෙහින කාලයේ ගිරිය පුප්පාගෙන කෑගහන එක රුධිර පිඩනයට හොඳ නැහැ. (බ)
රනිල් අගමැති හැටියට පාර්ලිමන්ට් එකේ කතාකරන හැටි ඉගෙන ගන්න ඕනේ හොරු ගැන කතා කළාට තමන්ගේ හොරු රකින්න හදනවනම් වැරදියි (බ)
රනිල් ගැන වාසු කතා කළ විදිහ හොද වැඩියි (බ)
හරි හමන් ඡන්දවත් නැතුව තැන තැන කරක් ගහ ගහ ඉන්නකොට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිකම් දීල කීයක් හරි හම්බ කරගන්න මග පාදලා දුන්නේ හිටපු ජනාධ්පතිතුමා. ඉතින් මෙතුමා එතුමා වෙනුවෙන් ක්‍රියා කරන එක වැරද්දක්ද...?(බ)
පාවිච්චි කළ කුණුහරුප ටික අහලා ළඟ වාඩිවෙලා උන්නු කාන්තා මන්ත්‍රීවරියන් ලැජ්ජාවෙන් ඇඹරුනලු. මදැයි මේ වයසට කටේ තිබෙන වචන ටික (නි)
මහේෂ්ලාටත් හරියන්නේ බජාර් එකේ කතා විලාශය වගේ! (නි)
තව පිවිතුරු යහපාල කෙනෙක් ඉන්නවා දැකලා දෙයක් කියන්න හිතුනා.පහුගිය කාල සීමාව මතක තියෙන අයට නම් රනිල් මහත්තයට වැඩිපුරම කුණුහරපෙන් බැන්නේ අද ඔය එතුමා තරම් කෙනෙක් නැහැ කිය කියා වර්ණනා කරන එයාලගෙම පැත්තේ කට්ටිය තමයි.අද බෝධිසත්ව කට්ටිය මේ කුණුහරුපෙකට වයින්වෙලා.අනේ කට්ටිය ඒවා දන්නෙත් නැහැ,අහලත් නැහැ,කියලත් නැහැ.පව්. (නි)
ඇතුලේ ඉඳන් මහජනයා ඉදිරිපිට නොහොබිනා වචන පිට කරන්න පුළුවන් කියලා හිතන්න ඇත්තේ මරදානේ ස්පොට් එකක් කියල හිතාගෙනද ?(ම)
අහලා තිබෙනවා කියලාත් තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක් ඇතුළේ, යහපාල මහත්තයෝ. (නි)
රනිල්ගේ පිනට ලැබුන අගමැතිකම නෙමෙයි මහින්ද මහතාට පිනට ලැබුන පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන ගෝලයා ගැන මම මේ කල්පනා කළේ. (නි)
මේවාගේ අයට මහතා කියන එකත් නින්දාවක් (ම)
මම නම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් රැස්වීමට එනවිට මත්පැන් පානය කර ඇවිල්ලදයි පරීක්ෂා කර බැලිය යුතුයි. (ම)
මේ පුද්ගලයාගේ පවුලේ දේශපාලනයට සම්බන්ධ නැති අනෙකුත් සහෝදර සහෝදරියන් හොඳ වැදගත් විදියට රැකියා කරගෙන ජීවත් වෙන කට්ටිය . ගුරුවරියොත් පවුලේ ඉන්නවා. අපොයි ඒ මිනිස්සුන්ට දැන් පොලව පලා ගෙන යන්න හිතිලා ඇති. (ම)
කෝ මේ සුමුදු හේවා ? වාසු කියපු කුණුහරුප ටික මොනවද කියල සොයන්න ගිහින් ද ? (ම)
වාසුදේව නානායක්කාරව අපිට පුළුවන් ඊලග පාර ගෙදර යවන්න ලෑස්තිවෙලා ඉන්න.(කේ)
අයියෝ! වයසටද කතාව? (නි)
රනිල් මහත්තයා හැසිරුණ විදිය බොහොම ආදර්ශවත්. (නි)
මම පුවත්පත් ලිපියක කියෙව්වා ඕස්ට්‍රේලියාවේ මේ විදියට වෙනත් කෙනෙකුට නොසරුප් බසින් ප්‍රසිද්ධියේ කතාකළොත් සිවිල් නීති යටතේ දඬුවම් විඳිය හැකි වරදක් බව. .අපේ රටේ ඒක දේශපාලනයට සුදුසු කාරණාවක් ලෙස සැළකෙන නිසා ඒ පුවත්පත් වාර්තාවෙන් අපිට වැඩක් නැහැ. (නි)
වැදගත් මිනිහෙක් කවදාවත් උබ ,අරු .මු , කියලවත් කියන්නේ නෑ....(කේ)
මෙහෙමත් දේශපාලකයෝ! (නි)