ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර දී ඇතැයි ඇමරිකා වෙබ් අඩවියක වාර්තා වූ පුවත තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් දැනුම් දීමක් සිදුවී නැති බවත් එවැනි තොරතුරක් තිබේනම් ඒ පිළිබඳ සොයා බලන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොඩ්රිගෝ මහත්තය විදේශ සේවයේ ඉදලත් ඔය කතාව බොරුවක් කියල හිතාගන්න බැරිද. ප්‍රශ්නේ අහපු කෙනාගේ නොදැනුවත් කම අමතක කළත් (බ)
මේ වගේ මෝඩ මිනිස්සු මුළු ලෝකෙම නැතුව ඇති. අපි ස්වාසිලන්තේ අරන් විහිළු කරනවා වගේ තමා ඇමරිකාවේ අය අපි ගැන හිතන්නේ (බ)
ඔක්කොම යයි..විමල් වීරවංශ විතරක් ඉතුරු වෙයි ..(බ)
මේ වගේ ව්‍යාජ පුවත්වලට අපි තාම සතුටු වීම ගැන කණගාටුයි. (බ)
දියුණුවෙමින් පවතින රටක් විදියට කවමදාවත් විසා නැතුව අපේ අයට යන්න දෙන්න ඉඩ දෙවි කියලා හිතන්න අමාරුයි. (ර)
ඔය ඇමරිකන් කාරයින්ට ඔවුන්ගේ රාජකාරී පසෙකලා, දේශපාලකයින් යන එන තැන්වලට ගොස් ප්‍රීති ඝෝෂා පවත්වන්න වෙලාවක් නැති උනාට, අරක්කු කාලට, බත්පැකට් එකට දේශපාලකයින්ගේ පසුපස යමින්, දේශපාලකයින්ගේ රැස්වීම් වලට නිතර සහභාගී වෙමින් හුරේ දමන ජනතාවක් සිටින රටක් ලෙස ට්‍රම්ප් මහත්තය දැනටමත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති. ඉතින් එවැනි ජනතාවක ගෙන් නොමිලේම වැඩක් ගන්න ට්‍රම්ප් මහත්තය තීරණය කරලද දන්නේ නැහැ... (ර)
මිනිසුන්ගේ අසහනය නැතිවෙන්න ඕනෑම තැනක ගිහිල්ල එන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. රජය මට්ටමින් කටයුතු පිළියෙළ කරලා ජනතාව අසහනයෙන් මුදවා ගන්න ඕනේ. වැඩේ වෙලා තියෙන්නේ ලංකාවේ අය පිටරට ගිහිල්ල අනාථයින් කියල කියා ගන්න එකනේ. ජාතියක හැටියට පිටරටින් කිසිම පිළිගැනීමක් නැත්තේ ඔය හින්ද. මහා ලොකුවට කියන්නේ ධර්ම රාජ්‍ය කියල. මිනිස්සුන්ගේ අසහනයයි අතතියයි වැඩි වෙලා. (ර)
මේක අප්‍රේල් 1 වැනිදා කිව්වා නම් විශ්වාස කරන්නවත් තිබුනා. (නි)
ඕක බොරු කතාවක් වෙන්නැති (ර)
කතාව ඇත්ත,ට්‍රුම්ප් මහතා එහෙම කතාවක් කිව්වා කියල ඇමරිකාවේ මගේ යාලුවෙක් කිව්වා, (ර)
ඇත්තටම මොන හේතුවක් උඩද ඇමරිකාව මේ වැඩේ නොකරන්නේ ඇමරිකාවේ රස්සාවල් හොයාගන්න් එක කළුනික වගේ. (ර)