ඉවතලන කඩදාසි පෞද්ගලික ව්‍යාපාරිකයන් ටොන් 8000ක් රට යවනු ලබන නමුත් වාලච්චේන කඩදාසි කම්හලට ලැබෙනුයේ ටොන් සියයක් පමණක් බව රාජ්‍ය සම්පත් ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා කියයි. අඩුගණනේ මෙට්‍රික් ටොන් 2000ක් වත් ලැබේ නම් කම්හලේ සියලු ප්‍රශ්න විසඳාගත හැකි බව ඇමැති පවසයි. කම්හලේ හිඟ විදුලි බිල අධිභාරය ද සමග රුපියල් කෝටි හත හමාර ඉක්මවයි. එහි මාසක විදුලි බිල රුපියල් ලක්ෂ 25කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතිං කම්හලට බැරි ඒකට සරිලන ප්‍රමාණයක් මිළට ගන්න? (නි)
නියමිත වේලාවට ගණුදෙණු සිදුවුවහොත් 'කොමිස් කාක්කන්ගෙන්' බේරී ගණුදෙණු කළ හැකි වනු ඇත. (නි)
ඉවතලන කඩදාසි ඇතුළු අනෙකුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමට සංවිධානාත්මක ක්‍රමයක් අපේ රටේ නැහැ. රටක සංවර්ධනයට මේවත් අත්‍යවශ්‍යයි. (නි)
විශෟව විද්‍යාල වහන්න පුලුවන් නම් ඇයි කඩදාසි පිටරට යවන එක තහනම් කරන්න බැරි? (නි)
බොහොම හොද වැඩක් (නි)
රාජ්‍ය ආයතන වලින් ඉවත ලන කඩදාසි මේකට දෙන්න හැදුවට විධිමත් එකතු කිරීමේ ක්‍රමයක් මොවුන්ගේ නොමැති නිසා,ඒ කඩදාසිත් මාසිකව එකතු කරගන්නේ පෞද්ගලික ආයතනමයි. (ස)
හොද වැඩක්.........(දී)
ඇයි මේ සම්බන්ධයෙන් ඇමතිට මුකුත් කරන්න බැරි . (ස)
පරණ පත්තර කිලෝ එකකට කොළඹ දෙන්නේ රුපියල් 10යි. ඉතිං අද කාලේ කවුද පරණ පත්තර එකතු කරන්නේ? රුපියල් 10කින් මොනවද කරන්න පුලුවන්? (නි)
පාවිච්චි කරන ලද කඩදාසි පිටරට වලට යවද්දී 25%කවත් ආරක්ෂක බද්දක් පැනවෙනවා (නි)