(රංජන් කස්තුරි)
මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.
සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලැබෙන තෙක් උසස් පෙළ හැදෑරිය හැකි බවද ලේකම්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස්පෙළ කරන්න කියපු ගමන් ළමයි ටියුෂන් කඩ කාරයින්ට සල්ලි වියදම් කරනවා... අන්තිමේ අර පහුවෙලා එන ප්‍රතිඵල අනුව විභාගය අසමත් වෙලාතිබුණොත් මොකද වෙන්නේ... ආයෙත් උසස්පෙළ නවත්තලා සාමාන්‍ය පෙළ පන්ති යන්න වෙනවද?
විෂයන් 7ක් සමත් වීම සාමාන්‍ය පෙළ සමත්වීම හැටියට සලකනවද?
වසංගත තත්ත්වය නිසා අනේක පීඩා විඳි හා විඳිනා සිසු සිසුවියන් සඳහා මෙවැනි සහනයක් හෝ ලැබීම ගැන යම් සඳහනක් කිරීම වැදගත්.. අනේ.. ඔවුන්ගේ පැත්තෙන් බලනවිට, එක්පැත්තකින් වසංගත බිය හා පරසරය... අනෙක් පසින් පියා හෝ මවගේ රැකියාව අහිමි වී නිවසේ සිටීම නිසා ඇතිවන ආර්ථික පීඩාකාරී තත්ත්වය. වචනයෙන් කිව නොහැකි මානසික පීඩාව. රජය හා ගුරු විදුහල්පති ප්‍රශ්නය නොවිසඳීම ආදී දේ ප්‍රධානයි. යමක් කමක් ඇති මවුපියන්ගේ දූ දරුවන්ට මුදල් ගෙවා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබිය හැකි වුවත්, එම පහසුකම් නැති දරිද්‍රතාවෙන් පීඩා විඳින දරුවන් කෙසේ ලබන්නේද? මෙවැනි අන්ත අසරණ දරුවන් කෙසේ විභාග සමත්වේද? රටේ තත්ත්වය මෙසේ ඇති අවස්ථාවක, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව් උපකාර කිරීම පසෙක තබා, මංතීරු සැදීම් ආදී දෙයට මුල්තැන දෙන ලද දේශපාලනඥයින් සිටිනා රටක, දුෂ්කරතා රැසකට සම්බන්ධ දරුවන් කෙසේ විභාග සමත් වේද යන්න ගැන සිතන්නට හෝ පුලුවන්ද?
එතකොට සෞන්දර්යය විෂයය නැතිව විෂයන් 4යි සම්මාන 3යි,... තිබුණොත් මොකක්ද වෙන්නේ..?
දේශපාලුවන්ට නම් මේ කිසිවෙක් වලංගු නැතුව ඇති. නීතිය කරන්න මොනවද හැබෑටම තියෙන්න ඕනෑ සුදුසුකම්..?
උසස් පෙළ කරන්නේ ඔන්ලයින් වලින්ද...? පළමුව පාසල් විවෘත කරන්න.