ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කසක්ස්තාන් පිලට එරෙහිව ලකුණු 49 - 18 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගය කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්විණ.
සඳුන් හේරත්, ෂෙනාල් ඩයස් සහ ප‍්‍රදීප් ලියනගේ ලබාගත් උත්සාහක දිනුම් රීසා මුබරක් විසින් ගෝල දිනුම් බවට ප‍්‍රවර්ථනය කරනු ලැබීමෙන් පසුව දඬුවම් පහරවලින් තවත් ලකුණු 9 ක් ශී‍්‍ර ලංකා පිලට එක් කිරීමට මුබරක් සමත් විය. සත්‍ය රණතුංග උත්සාහක දිනුමක් ලබාගත්තේය. ෆසිල් මරීජා සහ චාමර දාබරේත් උත්සාහක දිනුම් ලබාගත්හ.
ශී‍්‍ර ලංකාව (ගෝල 5 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 3 යි) - 49
කසක්ස්තානය ( ගෝල 1 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 2 යි) - 18
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමට සුභ පැතුම්! ජය වේවා! (නි)
ජය වේවා !(ස)
කණ්ඩායමට සුභ පැතුම්. (නි)