(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන 41 දෙනාද විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එකඟවූ බවද හෙතෙම සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව සඳහා තවත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ ලක්මන් කිරිඇල්ල මහතා යෝජනාව බාර දෙන ආකාරය සහ එය බාරදීමෙන් පසුව ඇතිවන තත්වය ඇතුළු කරුණු ගණනාවක්ද සාකච්ඡා කරන බව ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාව සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් සහය දැක්වීමට දැනටමත් එකඟත්වය පළ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනැම ගොනෙකුට ඕනැම විශ්වාසභංගයක් ගේන්න පුළුවන්...
ඔව්... ඕන කෙනෙකුට කරන්න පුළුවන් ඇමතිකමකට ආයෙත් එන්න පුළුවන්...
ඉතා හොඳ ප්‍රවණතාවක්. සියලුම පක්ෂ එකතු වී පළමුව රට ගොඩගන්න. අනතුරුව මැතිවරණයකට ගොස් ජනතාවට සුදුසු පාලන තන්ත්‍රයක් තෝරාගැනීමට ඉඩදෙන්න.
ඊළඟ අගමැති කව්ද? ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න අවුරුදු 5ක් ඕන කියයිද? උද්ධමනය මාසයක් තුළ 25% දක්වාවත් අඩු කරනවාද? විදේශ ණය ගන්න රටේ සම්පත් කොතරම් විකුණන්න යනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න. මේවාට ධනාත්මක ප්‍රතිචාරයක් නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වෙනවා.
ඔව් විශ්වාශ භංගයක් ගේන්න. ආණ්ඩුවක් හදන්න. ඊට කලින් කියන්න ප්‍රශ්නේ විසඳන වැඩ පිළිවෙල හා ගතවන කාලය. ආණ්ඩුව හදලා, කලින් ආණ්ඩුවට බැන බැන ඉන්න නම් හිතන්න එපා. ඊට වඩා හොඳයි බැනුම් ඇසිය යුතු ආණ්ඩුව බලයේ ඉන්න එක. අඩුම ගානේ බැනලා හරි හිත හදාගන්න පුළුවන්.
කෝටි කීයක් එක්කෙනෙකුට දීලද හදාගත්තේ? 2015-19 කාලේ පිල්ලි ගහපු ප්‍රකෝටි ගාණෙන් 1%ක් වියදම් කළාම මොකද වෙන්නේ නේද?
නාකි මයිනන් ඉන්නකන් එයා තමයි අගමැතිලු.
බහුතරයක් තිබෙනවා නම් ඕක කතා නායකයාට බාරදෙන්න. ඔබලා තවමත් තෙපර බබා ඉන්නේ තව කොල්ලන් මැරෙනකල්ද?
මාර්ග ගිලපු යක්කු අයේමත් රංගනයේ. මිනිස්සු දැන් ඔය හොරු රංචු ගෙදර යවන්න හදන වෙලාවේ නාකි පරඬැල් හිටපල්ලා ගෙදර.
ඔය වයසක අය ගෙදර යන්න. ඕන ගොනෙකුට දේශපාලනය කරන්න බෑ.. ගෙදර යන්න.