IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙති

අජන්ත කුමාර අගලකඩ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

අද රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් අබේවර්ධන මහතා කීවේය.

ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 

ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් -  සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් -  ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

ඉල්ලා අස්වූ නියෝජ්‍ය - සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

නියෝජ්‍ය කතානායක - තිලංග සුමතිපාල



අදහස් (15)

විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙති

Sapumal. Wednesday, 11 April 2018 04:42 PM

සත්‍ය වශයෙන්ම මේ අය පෙරදීත් කලේ ආණ්ඩුවේම සිටිමින් විපක්ෂයේ කාර්ය භාරය තමයි. රට රවටා තනතුරු වරප්‍රසාද ගත්තා. මේ අයගේ ඊළඟ පිම්ම පොහොට්ටුව වෙතටයි. ඒ බව නාමල් මන්ත්‍රී තුමාගේ ' ජනාධිපති තුමාට යන එන මං නැතිවෙනවා ' යන කියමනෙන්ම පෙනෙනවා.

:       1516       1944

Migida Wednesday, 11 April 2018 04:55 PM

මම නිදහස් මතදාරියෙක්. කවුරු ආවත් අවශ්‍ය ජනතාවට සේවයක් කිරීම

:       19       142

Ivan UK Wednesday, 11 April 2018 05:22 PM

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලෝකයට කියන්න නම් ජනතාව ප්‍රතික්ෂේප කල ඡන්දෙන් පැරදුන සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් අයින් කර පෙන්වන්න. චෝදනා එල්ල වුන අයටත් කැබිනට් ඇමති ධූර දෙන එකම රටත් ශ්‍රී ලංකාව වේ.

:       107       458

වි. වර්ණකූලසුරිය Wednesday, 11 April 2018 06:18 PM

මේ අය වැරදි තැන ප්‍රතික්ෂේප කර ඇති බව අපි සිතමු. එහෙත් නැවත එකතු වෙන්නේ නිවැරදි තැනකටද? වාසි තැන කොතනද ගොස්තරය නිවා ගැනීමට බහුතර දේශපාලකයන් එතනය. මහා උජාරුවෙන් ඉතිහාසයක් ගැන කතා කරන අපි වර්තමානයේ තවමත් මෝඩ ජනතාවක් වී සිටින්නෙමු.

:       0       0

rohan Wednesday, 11 April 2018 07:10 PM

ලොකු දෙයක් රටට ඉදිරියේදී සුභදායක වේවි .

:       2       0

ravi Wednesday, 11 April 2018 07:11 PM

රටට ජය නියතයි

:       1       0

kumar (galf) Wednesday, 11 April 2018 07:24 PM

අනුන්ට කපන්න ගිය වලේ තමන්ම වැටිලා

:       1       0

rajasinghe Wednesday, 11 April 2018 11:18 PM

මේ අය බැලුවේ කොහොමහරි එල්ලිලා ඉන්න .

:       0       0

bandula Thursday, 12 April 2018 12:13 AM

ඔය 225 ටම ඉල්ලා අස්වෙන්න බැරිද දන්නේ නැ.

:       0       1

Samanlal Thursday, 12 April 2018 01:45 AM

ඇති යාන්තම් ලැජ්ජාව කියන එක දැන්වත් පහල වෙලා .

:       0       0

ajithkaru Thursday, 12 April 2018 01:51 AM

මේ ඇමතිවරු පසුගිය අවුරුදු 3 තුල කලේ රජය තුල ඉඳගෙන වරප්‍රසාද භුක්ති විඳපු එක විතරයි.

:       0       1

Tissa Thursday, 12 April 2018 01:52 AM

නිතිය සහ සාමය අමාත්‍ය දුරය සරත් ෆොන්සේකාට බාරදෙන්න. ජනතා මතය එයයි.

:       1       31

ලුම්බිණි Thursday, 12 April 2018 02:16 AM

ආණ්ඩුවේම සිටිමින් විපක්ෂයේ කාර්ය භාරය කරනවට වඩා විපක්ෂයේම ඉඳගෙන කටයුතු කරන එක තමා හරි දෙය.

:       0       0

Ravi Dubai Thursday, 12 April 2018 03:44 AM

සපුමල්, මිගිද, ඉවාන් UK මේ තුන්දෙනාම බුද්ධිමත්. හැමෝම මේ වගේ ඉන්නවනම් අද අපේ රට ගොඩක් ඉහලට ගිහින්

:       0       0

nimal Thursday, 12 April 2018 04:07 AM

ඔය දේශපාලන පක්ෂ දෙකේ මොනවා හරි වෙනසක් පේන කෙනෙක් කරුණාකර මට කියලා දෙන්න. මම කියන්නේ පුද්ගල මුහුණු නොවේ. කරන වැඩ, ගැට ඒවාගේ දේවල්වල වෙනසක් එහෙම තියෙනවා ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site