අජන්ත කුමාර අගලකඩ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
අද රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් අබේවර්ධන මහතා කීවේය.
ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් - සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක
ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් - ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක
ඉල්ලා අස්වූ නියෝජ්‍ය - සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා
නියෝජ්‍ය කතානායක - තිලංග සුමතිපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම මේ අය පෙරදීත් කලේ ආණ්ඩුවේම සිටිමින් විපක්ෂයේ කාර්ය භාරය තමයි. රට රවටා තනතුරු වරප්‍රසාද ගත්තා. මේ අයගේ ඊළඟ පිම්ම පොහොට්ටුව වෙතටයි. ඒ බව නාමල් මන්ත්‍රී තුමාගේ ' ජනාධිපති තුමාට යන එන මං නැතිවෙනවා ' යන කියමනෙන්ම පෙනෙනවා.
මම නිදහස් මතදාරියෙක්. කවුරු ආවත් අවශ්‍ය ජනතාවට සේවයක් කිරීම
ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලෝකයට කියන්න නම් ජනතාව ප්‍රතික්ෂේප කල ඡන්දෙන් පැරදුන සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් අයින් කර පෙන්වන්න. චෝදනා එල්ල වුන අයටත් කැබිනට් ඇමති ධූර දෙන එකම රටත් ශ්‍රී ලංකාව වේ.
මේ අය වැරදි තැන ප්‍රතික්ෂේප කර ඇති බව අපි සිතමු. එහෙත් නැවත එකතු වෙන්නේ නිවැරදි තැනකටද? වාසි තැන කොතනද ගොස්තරය නිවා ගැනීමට බහුතර දේශපාලකයන් එතනය. මහා උජාරුවෙන් ඉතිහාසයක් ගැන කතා කරන අපි වර්තමානයේ තවමත් මෝඩ ජනතාවක් වී සිටින්නෙමු.
ලොකු දෙයක් රටට ඉදිරියේදී සුභදායක වේවි .
රටට ජය නියතයි
අනුන්ට කපන්න ගිය වලේ තමන්ම වැටිලා
මේ අය බැලුවේ කොහොමහරි එල්ලිලා ඉන්න .
ඔය 225 ටම ඉල්ලා අස්වෙන්න බැරිද දන්නේ නැ.
ඇති යාන්තම් ලැජ්ජාව කියන එක දැන්වත් පහල වෙලා .
මේ ඇමතිවරු පසුගිය අවුරුදු 3 තුල කලේ රජය තුල ඉඳගෙන වරප්‍රසාද භුක්ති විඳපු එක විතරයි.
නිතිය සහ සාමය අමාත්‍ය දුරය සරත් ෆොන්සේකාට බාරදෙන්න. ජනතා මතය එයයි.
ආණ්ඩුවේම සිටිමින් විපක්ෂයේ කාර්ය භාරය කරනවට වඩා විපක්ෂයේම ඉඳගෙන කටයුතු කරන එක තමා හරි දෙය.
සපුමල්, මිගිද, ඉවාන් UK මේ තුන්දෙනාම බුද්ධිමත්. හැමෝම මේ වගේ ඉන්නවනම් අද අපේ රට ගොඩක් ඉහලට ගිහින්
ඔය දේශපාලන පක්ෂ දෙකේ මොනවා හරි වෙනසක් පේන කෙනෙක් කරුණාකර මට කියලා දෙන්න. මම කියන්නේ පුද්ගල මුහුණු නොවේ. කරන වැඩ, ගැට ඒවාගේ දේවල්වල වෙනසක් එහෙම තියෙනවා ද?