අගමැතිවරයා ඇතුළු මුළු රටටම එපා යැයි කියන ආණ්ඩුව ඉක්මනින් විසුරුවා තමන්ට කැමැති පාර්ලිමේන්තුවක් පත් කර ගැනිමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතු යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අගමැතිවරයාම ආණ්ඩුව එපා කියන අවස්ථාවක ඔහු ගෙදර යැවීමේ විශ්වාස භංග අවශ්‍ය නැතැයි කී ඇමැති ආණ්ඩුවට ඇත්තේ සුළුතරයක් වුවත් විශ්වාස භංග ඉදිරියට ගෙන යාම පිළිබඳ තීරණ ගන්නේ ආණ්ඩුව බව සඳහන් කළේය.
විශ්වාස භංග එකක් නොව සියයක් ගෙනාවත් ආණ්ඩුව බිය නැති බව ද රාජපක්ෂ මහතා කීවේය.
‘ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂයත් නැති, නාමයෝජනා ලැබේද යන්නවත් විශ්වාස නැති විපක්ෂයේ සිටින දේශපාලන අනාථයන් මෙහෙම යෝජනා ගේනවා. වර්තමානයේදී දේශප්‍රේමය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ මහාචාර්ය ජී එල් පීරිස් එදා දරුස්මාන් වාර්තාව සැකැසීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතාට ස්තුතිය පළ කරමින් ලියුම් ලියා තිබෙනවා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"විශ්වාස භංග එකක් නොව සියයක් ගෙනාවත් ආණ්ඩුව බිය නැති බව..." රාජපක්ෂ මහතා කියනවා. එහෙම කියන වීරයා ඇවන්ගාර්ඩ් සිද්ධියේදී කුට්ටි හරි වෙන මොනවා වෙනුවෙන් හරි සුදු හුණු ගාණ කොට ඔය කියන "භිය" දැනුනේම නැද්ද? රාජපක්ෂලා වැරදි කරන්න බය නැහැ කියල හොඳින්ම ඔප්පු කළේ බැසිල්. (බ)
ලක්මාල්, රනිල්ගේ අඩුපාඩු ඇති එ්ත් රනිල් පොදු දේපල හොරකම් කරලා නැහැ අඩු ගානේ අතේ ඔරලෝසුවක් වත් නැහැ. මොන පක්ෂේ හිටියත් හොරු අල්ලන්න ඕනා. අපේ රට අවරුදු 5න් ගොඩ ගන්න පුළුවන්.(නදී)
රටම කබලෙන් ලිපට ....අළු වෙන්න පෙර එකම විසදුම මහා මැතිවරණය වේ (නදී)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔලු ගෙඩි ගානින් විතරක් ගණන් ගන්න පුළුවන් පිරිසක් විතරයි. එතන ඇත්තටම සැබෑ ජනමතය නිරුපණය වෙන්නේ නැති බවයි මට පෙනෙන්නේ. කොහොමත් දැනට තිබෙන පාර්ලිමේන්තුවේ යට වැඩ කරගෙන යන්නත් ඉඩ නොදෙන එකේ මේක කඩිනමින් විසුරවල ශක්තිමත් ආණ්ඩුවකට යන එක තමා හොද. (ම)
මෙයා ඉතිහාසේ දන්නේ නැහැ. ඉතිහාසය කියල දෙන්න (නදී)
වසන්ත. වෙලාව ගැන සැළකිල්ල යොමු කරන කෙනෙකුට තමයි ඔරලෝසුවක් ඕනා. රනිල් පොදු දේපොළ හොරකම් කරලා නැතුව ඇති. නමුත් දැනට කවුරුත් කතා කරන මහා බැංකු ගසා කෑම එයාගේ යාලුවෙක් කරපු වැඩක්. උන්නැහේව අයින් කරන්නෙම නැති කමින් හැගෙන්නේ මොකක්ද් කියල මට කියලා දෙන්නකෝ. (නදී)
මෛත්‍රී මහත්මයාට පවරපු රාජකාරිය කරන්න දෙන්නෙම නැද්ද? හරියට ලුණු කෑ වන අලි ගෙවල් වලට රිංගනවා වගේ මොනවද මේ කරන විකාර. (නි)
ජයලාල්, එහෙනම් නැවතත් රට හදමුද අර කට්ටියවම දාලා? (නි)
විශ්වාසභංග යෝජනාවට කරුණු අටක් යොදලා තියෙනවා. නමුත් මේ හැම කෙනෙක්ම මහජනයා දැනුවත් කරන්න ඒ එ්කකටවත් පිළිතුරක් නොදී බයක් නැහැ කියලා කියනවා. බයක් තියාගෙන බය නැහැ කියන බව තේරෙන්නේ චෝදනා බොරුය කියලාවත් කියන්නේ නැතුව පෙත්සමට හොර අත්සන් යොදල කියලා වගකීමක් ඇති කෙනෙක් වගකීමක් නැති කතා කියනකොටයි. දෙකක් නැහැ බයවෙලා. (නදී)
වසන්ත, බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
ලාල් මහත්තයා ඕක ප්‍රශ්නයක් කරගන්න එපා.එතුමා ගැනත් එතුමා ඉදිරිපත්වන පක්ෂය ගැනත් එතුමාට ඡන්දය දුන් 58 ලක්ෂය බලාගනීවි. (නි)
අද හැමදාම වගේ අහන්න වෙන්නේ පක්ෂ වල හා දේශපාලකයන්ගේ ප්‍රශ්නයි. ඒ කියන්නේ ජනතා ප්‍රශ්න විසඳිලා කියන එකද?ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නම් දේශපාලකයන්ගේ හා පක්ෂවල ප්‍රශ්න කොච්චර ඔඩු දිව්වත් අපිට ප්‍රශ්නයක් නොවේ ....... (නි)
හරි හරි කතා ඇති දැන් (නි)
වසන්ත ,ඔබ වගේ අය සිටිනතුරා හොර සුද්දන්ට කඩේ යන අයට රජ මඟුල්! (නි)
ලක්මාල්, ඔබ නිවැරදියි. ඉදිරියේදී එම හැන්දෙන්ම සියලු දෙනාටම බෙදිය යුතුයි (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන බවක් දැනගෙන චණ්ඩිය වෙලා නේද? (නි)
ලාල්,ඒක වෙලාව ආවහම දැනගන්න ලැබේවි (නි)
ලාල් මහත්තයා, ඕක ප්‍රශ්නයක් කර ගන්න එපා.එතුමා ගැනත් එතුමා ඉදිරිපත්වන පක්ෂය ගැනත් එතුමාට ඡන්දය දුන් 58 ලක්ෂය බලාගනීවි.ඔයාලා ඔයාලගේ ප්‍රශ්න ගැන බලාගන්න.නැත්නම් යහපාලානය හොරු ගෙනියාවි ඔයාලා දන්නෙත් නැතුව (නි)
ඉතින් මහත්තයෝ, අපිටත් ඕන එ්ක තමයි. මේක සිංහල රට කියන්න දිව නොනැමෙන මේක බෞද්ධයන්ගේ රට කියල කියන්න බය මේ හාල්පාරුවෝ කටු ගෙට දක්කලා කුමන්ත්‍රණ කරලා පරාද කරපු සිංහල බෞද්ධ අයිතිය පිළිගන්න නායකයාව ආයේ බලේට ගේන්න. ඡන්දෙකට බය ඔය මෛත්‍රී මහත්තය ගාව ඉන්න චිත්ත රෙදි කාරයෝ ටික පමණයි. (නදී)
පිවිතුරු යහපාලල ගෙඩිය තමයි (නදී)
අධිකරණ ඇමතිතුමා මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තියන රටක්. විස්වාස බංග යෝජනාවට ඉඩදිය යුතුමය.(නදී)
ඔය දෙගොල්ලම දෙකට බෙදිලා කරන්නේ නාට්‍යයක් මොකද අවැන් ගාඩ් එකට සුදුහුණු හාල ගත්ත කුට්ටිය ඔයාට ඇතිනේ තව අවුරුදු ගණනකට.(නදී)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වගේ මේ දවස්වල ඉන්නේ ලේ රත්වෙච්ච ගමන්.ඊළඟ ඡන්දයෙන් මොනවා වෙයිද කියන සැකය තිබෙන නිසා. තව දවසක් හරි මේකෙම එල්ලිලා ඉන්නයි අවශ්‍ය.තව වසර දෙකක් ඉතිරිව තිබෙනවානේ.(නි)
අධිකරණ ඇමති මෙයාගේ අම්මගේ අප්පාගේ බුදලයක් නොවේ. ඡන්ද විමසීමේ ප්‍රතිපල පිළිගත යුතුයි (නදී)
රාජපක්ෂ මහතා අගමැති උනොත් රනිල් හදපු පොලිසියෙන්ම පෙර වැරදිත් එක්කම හම්බවෙයි කියල බය ඇති (නදී)
ලංකාවේ ඉතිහාසයේ සරල දේවලුත් නොදත් විජේදාස, ඉතින් බය නැත්නම් විශ්වාෂබංගේ විවාදෙට අරන් මුහුණ දීල, දිනලා පෙන්නන්නකෝ. විශ්වාසභන්ගේ ඉදිරියට ගෙනියන්න තීරණය කරන්නෙත් ආණ්ඩුව කියා කියා බයේ දගලන් නැතුව. (නදී)
මහත්තයෝ,අගමැතිවරයා ඇතුළු මුළු රටටම එපා යැයි කියන ආණ්ඩුව දැන් කාටද ඕනවෙලා තියෙන්නේ? විජාතික බලවේග විසින් මේක විසුරවන්න දෙන්නේ නැතිද?(නදී)
කෝ ක්‍රියාත්මක කරනවා කියපු මරණ දඩුවම?(නදී)
කොයි කවුරු මොනවා කිවුවත් විශ්වාසභංගය ගැන මුළු සුළුතර ආණ්ඩුවම බිරන්තට්ටු වෙලා ඉන්නේ. ඒක නිසා පරාජය අභියස තැන තැන වහසි බස් දොඩමින් නොඉඳ බුද්ධිමත් යු එන් පි කොටස් විසින් කළ යුත්තේ බය නැතුව විවේචනයට ලක්කොට වැරදි හදාගන්නට උත්සාහ කිරීමයි. නැත්නම් මැතිවරණයේදීත් ගොඩඒමක් නැහැ. (නි)
යුඑන්පිය දැන් පශ්චාත්භාගය මුට්ටු වෙලා වගේ දඟලන්නේ. බයවෙන්න එපා අපි නැවත ඔයාලව පාර්ලිමේන්තුවේ කොතැනක හරි වාඩි කරවනවා (නදී)
ලක්මල් උන්නැහේ රාජපක්ෂ මහත්තයට අගමැති වෙන්න කලින් ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න ඕනේ නේද ? මොන පක්ෂයෙන්ද එයාට අපේක්ෂකත්වය දෙන්නේ කියල ලක්මල් උන්නැහේ දන්නවද ? (නදී)
පුරසාරම් වහසිබස් ඕනා නැහැ අප්පා. මමත් ඡන්දෙ දුන්නේ හංසයාට වුණත් බලයට පත් වුණේ මම අකමැති කණ්ඩායමක්. දැන් ඉතින් අඬලා පලක් නැහැ. එක නිසා පැරදිලා අයින් වෙන්න කලින් කියන්නකෝ මේ කාලය තුළ අපි වෙනුවෙන් ඔබතුමාලා කරපු සහනදායක වැඩක්. අපේ ප්‍රශ්න විසදන්නට කරපු එක දෙයක්. (ම)