IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතාව චන්දිගාර් සරසවියට

කොළඹදී අද (6 වැනිදා) නිමාව දුටු අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල ලකුණු 49 කින් පරාජය කළ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල පිල 2013 ලෝක විශ්ව විද්‍යාල කි‍්‍රකට් ශූරතාව දිනාගැනීමට සමත්විය.

අවසන් තරගයේ වීරයා බවට පත්වූ චන්දිගාර් පිලේ නායක කුනාල් මහජන් පන්දු 36 කින් වේගවත් ලකුණු 73 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.

තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ චන්දිගාර් පිලේ ගුරේන්දර් සිං තරගාවලියේ වීරයාට හිමි කුසලානය දිනා ගත්තේය. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස චන්දිගාර් පිලේ ජස්කරන් සිං සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස ඒකාබද්ධ පිලේ ජේම්ස් ලෝමාස් සම්මාන ලැබීය.

අවසන් පූර්ව වටයේ තරග වලදී මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ පිල පරජය කරමින් කරච්චි පිල අවසන් තරගයට පැමිණ අතර චන්දිගාර් පිල අවසන් තරගයට පැමිණයේ ශ්‍රී ලංකාවේ මොරටුව ශාර්ක්ස් පිල පරජය කරමිනි.

මෙම තරගාවලිය පසුගිය දින 5 ක කාලය තුළ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

චන්දිගාර් පිල  ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී 170
(කුනාල් මහජන් 73, ගුරේන්දර් සිං 39, පියුෂ් ශර්මා නොදැවී 24, සිම්රන් සිං 16, මීර් හම්සා 22/2, නබීල් කලීඞ් 28/2, මිර්සා ජමීල් 35/2)

කරච්චි පිල  ඕවර 19 ක් තුළදී සියලූ දෙනා දැවී 121
(අමර් හසන් 58, ශසීබ් ඛාන් 13, ගුරේන්දර් සිං 20/4, රතන් සිං 16/3, සිම්රන් සිං 31/2)

(**)

 



අදහස් (0)

විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතාව චන්දිගාර් සරසවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site