චන්ද්‍රසේන ගමගේ
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය.
මැලේසියාවේ සිට පැමිණ ඇති මෙම ගුවන් යානය හෙට (19) අලුයම කරච්චි බලා යාමට නියමිතය.
රුසියාවට අයත් මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහාත් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සඳහාත් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපළ නිලධරයා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තෙල් ගණන් යන්න ඉස්සෙල්ලා ෆුල් ටෑන්ක් කර ගන්න ඇවිල්ලයි තියෙන්නේ
එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස.... එසැණ පුවත්වලට ස්තුතියි... මේ ප්‍රවෘත්තියට...
මම හිතුවේ අගමැතිතුමා ගබඩා කරපු වී ගෙනියන්න ඇවිල්ල කියලයි.
මත්තල තියෙන්නේ වී ගබඩාවක් නේද...?
වී ගබඩාවට ගුවන් යානයක් ඇවිත්...
මේක අයිති යුක්රෙන් රටට මිසක් රුසියාවට නෙමෙයි...
මේක රුසියාවට අයිති නෑ... මේක අයිති යුක්රේනයට
මෙය යුක්රේනයෙහි ඇන්ටනොව් සමාගමට අයිති ගුවන් යානයක්...
ඇති යන්තම් එකක් හරි ගොඩ බැස්සා...
අයිතිය යුක්රේනයට වුණාට ඕක හැදුවේ අපේ කොල්ලො බොලව්..
දවසකට එක ගුවන් යානයක් ගොඩ බහින ගුවන් තොටුපොළක්... මොන තරම් ව්‍යාපාර දැනුමක් මේක හදපු අයට තියෙන්න ඇතිද...? මේ වගේ ආයෝජනයක් කරන්න.
ඇමරිකාව පවා උපකරණ ප්‍රවාහනයට මෙම යානයන් කුලියට ගන්නවා. නමුත් ආරක්ෂාව අතින් නම් හොඳ නැහැ. කඩා වැටිලත් තියෙනවා
වී ගෙනියන්න ඇවිත් වගේ. හාල් තව ගණන් යයි.
ආදී කාලේ අපේ රාවන රජතුමා නම් අහස් යාත්‍රා නැවැත්තුවේ වාරියපොළ... දඬු මොනරේ කියන්නේ ඕකට වඩා බොහොම සද්ධන්ත යාත්‍රාවක් නේ. එ්ක අද කාලේ තිබුණා නම් හොඳ ගානකට විකුණලා රජ කොමිස් එකකුත් ගහන්න තිබුණා !
මෙතැනින් සල්ලි හොයන්න මොලේ තියෙන්න ඕනේ. ගුවන් යානා ගෙන්න ගන්න හොඳ පාලනයක් ඕනේ. රටේ සම්පත් හෙලා දකින ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. කටුනායක හදනකොටත් කිව්වේ ඔහොම තමයි රත්මලාන මදිද කිව්වා