IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙකක් ඇතුළු පහකට කොරෝනා

(සිතුම් චතුරංග)

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පස්දෙනකුට කොවිඩ් 19 වයිරසය  ආසාදිත වී ඇති බවට හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වවුනියාව මහ රෝහලේ 14 වැනි වාට්ටුවේ රාජකාරී කළ වෛද්‍යවරුන් දෙදෙනකු , හෙදියන් දෙදෙනකු හා රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු වයිරසය ආසාදිතව හදුනාගෙන තිබේ.

එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගීන් දෙදෙනකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුටත් පැවසීය.  

ආසාදිත වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හදුනාගත් වාට්ටුවේ සිටි රෝගීන් නිවෙස්වල  නිරෝධායනයට යොමුකර ඇති බවත් වට්ටුව වසාදමා විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට පියවරගෙන ඇති බව වවුනියාව මහරෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.



අදහස් (0)

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙකක් ඇතුළු පහකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 36 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 251 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site