(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සිසුන් 31 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
විශ්ව විද්‍යාල විභාග වෙනුවෙන් පැමිණ වවුනියාව පම්පමඩුව විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැදී සිටි සිසුන්ගෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ආසාදිත සිසුන් පිරිස හදුනාගැනීමට හැකිවූ බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
විශ්ව විද්‍යාලයේ පාලක සභාවද පැවසූවේ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැදී සිටි ව්‍යාවහාරික විද්‍යා පීඨයේ අවසන් වසර පරීක්ෂණ වෙනුවෙන් පැමිණ සිටි විශ්ව විද්‍යාල සිසුන් 31 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි.
විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වි ඇති බවට මුලින් තහවුරුවීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල සිසුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී තවත් සිසුන් 31 දෙනකු වෙත වයිසරය ආසාදනය වී බවට තහවුරු වි ඇත.
ශිෂ්‍ය නේවාසිකාගාරවල සිසුන් 60 දෙනෙකු රැදී සිටින අතර, ඉන් අඩකට වයිරසය ආසාදනය වි ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සිසුහු 31කොරෝනා